සජිත් ප්‍රේමදාස මහතාගේ කැරැලිකාර පිල නියෝජනය කරන කබීර් හෂීම් හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ඊයේ (23) රාත්‍රියේ කරු ජයසූරිය මහතා මුණගැසීමට ගොස් ඇති බව දැනගන්නට ඇත.
කරු ජයසූරිය මහතාගේ නිල නිවෙසේදී මෙම හමුව සිදුව ඇති බව වාර්තා වේ.
සජිත් ප්‍රේමදාස මහතා මුල් කරගෙන පක්ෂය තුළ මතුව ඇති අර්බුදය විසදීමට වහාම මැදිහත් වන ලෙස මෙම හමුවේදී ඒ් මහත්වරුන් කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බවද දැනගන්නට තිබේ.