පැයට හතර තිහක් වූ දුම්රිය

1814දී ජෝර්ජ් ස්ටීවන්සන් නැමැත්තා විසින් තම වසර ගණනාවක පර්යේෂණවල ප්‍රතිඵල ලබමින් පැයට කිලෝමීටර් 4ක වේගයෙන් ගමන් කළ හැකි දුම්රියක් තනන ලදී. කෙසේ නමුත් සිය පරීක්ෂණ නතර නොකර දිගටම කරගෙන ගිය ස්ටීවන්සන් 1830දී පැයට කිලෝමීටර් 30ක් යා හැකි රොකට් නමැති ධූම යන්ත්‍රයද නිපදවන ලදී.
බර වැඩිකර වැඩි වැඩක් ගත් පෙට්ටි වැල් කෝච්චි

ස්ටීවන්සන් සොයාගත් ධූම යන්ත්‍රයත් සමග නව ප්රබෝධයක් ඇතිවූ දුම්රිය ගමනාගමනය තව තවත් ව්‍යාප්ත වන්නට පටන් ගත් අතර, ඉන් පසු එකිනෙක පෙට්ටි සවිකර ටොන් ගණනක බඩු සහ ජනයා ප්‍රවාහනය කළ හැකි ආකාරයට දුම්රිය ගමන ව්‍යාප්ත විය. ඒත් සමගම බොහෝමයක් රටවල දීර්ඝ දුම්රිය මං තැනීමත් ගම් නගර දුම්රිය මාර්ගවලින් සම්බන්ධ වීමත් සිදුවිය.
නැව් ගමනට මඟ පෑදූ ෆුල්ටන්ගේ යාත්‍රාව

නැවත වාෂ්ප බලය උපයෝගී කරගන්නා ලද්දේ දුම්රියටත් පෙර සිටමය. මුලින්ම ගංගාවල යාත්‍රා කිරීම පිණිස කුඩා දුම් නැව් තැනීම ආරම්භ කරන ලදී. රොබට් ෆුල්ටන් නැමැත්තා හඩ්සන් ගඟේ යාත්‍රා කිරීම පිණිස සෑදූ යාත්‍රාව දුම් නැවේ ආරම්භය වශයෙන් සැලකිය හැකිය. ඉන් පසු බෙල් නමැති ඉංග්‍රීසි ජාතිකයකු විසින්ද ක්ලයිඩ් ගඟේ යාත්‍රා කිරීම පිණිස කුඩා දුම් නැවක් සාදන ලදී.











