ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද ගුරු විදහල්පති වැටුප් විෂමතා ගැටලුව පිළිබද සාකච්ජා වී ඇතත් ඒ පිළිබද අවසන් තීන්දුවක් ගෙන නොමැත.
නමුත් ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අමාත්‍ය අනුකමිටුව පත් කරනු ලැබ ඇත.
අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,මහින්ද අමරවීර සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරු එම කමිටුවට ඇතුළත් වෙති .
ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් අධ්‍යයනය කර කැබිනට් මණ්ඩලය වෙත වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව පත් කර තිබේ.










