විසිහය වසරක ජනතා විශ්වාසයට පාත්‍ර වූ ශ්‍රී ලංකාවේ විශාලතම දේපළ වෙළෙඳ සමාගම වන ප්‍රයිම් සමූහයේ නිර්මාතෘ සහ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා 2021 සහ 2022 කාලපරිච්ඡේදය සඳහා ශ්‍රී ලංකා සහධිපත්‍ය නිවාස සංවර්ධක සංගමයේ (CDASL) සභාපති ධුරයට තෝරා පත් කර ගන්නා ලදි.
පසුගිය වසරේ සභාපතිවරයා ලෙස කටයුතු කළ John Keells Holdings PLCහි සුරේෂ් රාජේන්ද්‍රන් මහතාගේ ධුර කාලය සම්පූර්ණ වූ බැවින් මෙම සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී නව සභාපතිවරයා ලෙස ප්‍රේමලාල් බ්‍රහ්මණගේ මහතා පත්කර ගන්නා ලදී.
වසර 25ක් තුළ දෙස් විදෙස් පාරිභෝගික විශ්වාසය දිනාගත් මෙරට විශාලතම දේපළ වෙළෙඳ සමාගම් ජාලය නිර්මාණය කිරීම සඳහා සිය දායකත්වය ලබාදුන් ප්‍රේමලාල් මහතා HNB FINANACE PLCහි උපසභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත.











