වෙනසෙන් වෙච්ච පාඩුව
ලන්දේසි ලංකාවේ පාලනය කළ කාලයේ අයවැය ඉතා සූක්ෂ්මව පාලනය කර වියදම අඩුකර ලාභද උපයාගත්හ. එහෙත් 1796 බි්‍රතාන්‍ය පාලනය භාරගෙන කළ වෙනස්කම් නිසා ඉඩම් භුක්තිය උදෙසා රාජකාරි කරන ක්‍රමය අහෝසි වී වේතන ලබාදීමේ ක්‍රමය ආරම්භ විය. ඒ අනුව නොසිතූ ආකාරයට රජයේ වියදම් වැඩිවිය. මේ තත්ත්වය දිගින් දිගටම වර්ධනය වීම මත පාලකයන්ට එය මහත් ගැටලුවක් බවටද පත්විය.
මුදල් ප්‍රශ්නය රට අභ්‍යන්තරයට
ආදායම් වියදම් ප්‍රශ්නය මුල් කරගනිමින් විවිධ පාර්ශ්ව අතර මතභේද පැනනැඟෙද්දී ආණ්ඩුකාරයා හා විනිශ්චයකරුවන් අතර ගැටුම් ඇතිවීමද, ආණ්ඩුකාර තැනගේ ඒකාධිපති පාලනය නිසා සියලු ප්‍රශ්න ඇතිවන බව පවසමින් එය වෙනස් විය යුතු යැයි යෝජනා වීමත්, කෝපි ආදී වැවිලි කළ යුරෝපීයයන් මේ සම්බන්ධව කලකිරීමත් මත තව තවත් ආදායම් තත්ත්වය පහළ වැටීමට හේතු යෙදිණි. එයින් ආර්ථිකය තවත් පහළට වැටීමට හේතු යෙදිණි.
පාඩු දෙගුණ කළ දේශපාලන මත
කුරුඳු වගාව කාගේ ඉඩමක තිබුණද එහි අයිතිය රජයට ඇතැයි යන්න ලන්දේසින් පනවා තිබූ නීතියකි. සුළු වැටුපක් ගෙවා කුලයෙන් පහත් කළ ජනයාගෙන් එම කටයුතු කරවා ගැනීමත් ආන්දෝලනයට තුඩුදුන් කරුණක් වූ අතර මේ තත්ත්වයද වෙනස් වියයුතු යැයි තීන්දු කෙරිණි. ඒ අතරේ විවිධ දේශපාලන මත දැරූ පිරිස් සිය අරමුණු ඉටුකර ගැනීම උදෙසා රජයට ලැබිය යුතු ආදායම් අඩුවන ආකාරයට කටයුතු කිරීමත් මත ආර්ථික පාඩුව විශාල වීමට හේතු යෙදිණි.