සිංගර් මෙගා 24 වැනි සංවත්සරය පසුගියදා සැමරූ අතර මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි සියලුම සිංගර් මෙගා ප්‍රදර්ශනාගාරයන්හි විශේෂ සංවත්සර දීමනා රැසක් බුක්ති විදීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබිණි.
1998 දී ආරම්භ කළ පළමු ප්‍රදර්ශනාගාරයේ සිට, මේ වන විට සිංගර් මෙගා ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාමයන්ගෙන් සමන්විත අතර ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ උපකරණ සහ ගෘහභාණ්ඩ එකම වහලක් යටින් මිලදී ගැනීමේ හැකියාව, වාහන නැවැත්වීමේ ප්‍රමාණවත් ඉඩ පහසුකම් සහ සුවිශේෂ සාප්පු සවාරි අත්දැකීමක් සහිත වෙළෙඳ ජාලයක් ලෙස හඳුනාගත හැකිය.
සිංගර් මෙගා ප්‍රදර්ශනාගාර පුළුල් දැක්මක් සහිතව නවතම පෙනුමකින් පාරිභෝගික ජනතාව වෙත මෙතෙක් අත් නොවිඳි තෘප්තිමත් සාප්පු සවාරි අත්දැකීමක් ලබා දේ.ZTE, TCL, DAHUA සහ DELL වැනි තාක්‍ෂණික සන්නාම රැසක් සමග සිංගර් සමාගම ගිවිසුම් ගැනීම තුළින් පාරිභෝගික ජනතාවට වඩා ඉහළ තෝරාගැනීමක් ලබාදී ඇත.
දිවයින පුරා ඇති සෑම සිංගර් මෙගා ප්‍රදර්ශනාගාරයක්ම ලොව පුරා වඩාත් ඉහළ පිළිගැනීමක් සහිත සන්නාම රැසක් සමග ඉතාමත් ඉහළ පාරිභෝගික සේවාවක් ලබාදීමට කටයුතු සලසා දෙයි. සියලුම සන්නාම සහ නිෂ්පාදන පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති කාර්ය මණ්ඩලයකින් සිංගර් මෙගා ප්‍රදර්ශනාගාර සමන්විත වන අතර එය පාරිභෝගිකයන්ගේ පහසුව තවත් වැඩි කරයි.