ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වර්ෂය අවසානයේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත්වෙමින් රක්ෂණයේ දැවැන්තයා ලෙස සිය ආධිපත්‍ය තවදුරටත් තහවුරු කරගැනීමට සමත්ව තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ වෙළෙඳපළේ ප්‍රමුඛතම සන්නාමය වන “ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස්” මෙවරද මෝටර් රථ රක්ෂණ වෙළෙඳපොළේ ප්‍රමුඛයා බවට පත්ව තිබේ. සාමාන්‍ය රක්ෂණ වෙළෙඳපළ තුළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 21.73%ක වෙළෙඳපළ කොටසකට හිමිකම් කියන අතර 2021 වසර සඳහා ඉතා අභියෝගාත්මක වෙළෙඳපළ තත්ත්වයන් මධ්‍යයේ වුවද 5.4%ක් වාරික වර්ධනයක් සමගින් රු.බිලියන 21.2 වාරික ආදායමක් වාර්තා කිරීමට සමත්ව තිබේ.











