• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නැතත්, තරු මැද සඳ වන් මහාචාර්ය සෙනරත් පරණවිතාන!

December 27, 2022
in Uncategorized
Reading Time: 4 mins read
A A
විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නැතත්, තරු මැද සඳ වන් මහාචාර්ය සෙනරත් පරණවිතාන!
Share on WhatsAppShare on Facebook

දෙපාර්තමේන්තුවේ උපදේශක සභා සාමාජික, අදට අවුරුදු තිහ හතළිහකට පෙර සිටි උදවියට බෙහෙත් සීට්ටුවක් කියවාගත නුහුණු කල මේකෙ තියෙන “වෙද අකුරු” කියවා ගන්ඩ ඉතිං පරණවිතාන මහත්තයා ගේන්ඩ වෙයි” යැයි කවර තැනැත්තෙක් වුවද නොවැරදීම කීවේය. පරණවිතාන මහතා මියගොස් (1972.10.04) මේ වන විට හරියටම අඩ සියවසක් ඉක්ම ගොස් ඇතත් කියැවීමට දුෂ්කර අත් අකුරු දකින කවරෙක් හෝ නොවැරදීම යථෝක්ත මන්ත්‍රය (ප්‍රකාශය) මතුරා එතුමා සිහිකරනු ලබන්නේමය. ඊට හේතුව එතුමා මේ රටේ පළමු ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා වීම නොවේ.
වසර දහස් ගණනාවක් තිස්සේ කිසිවකුගේ ඇල්මක් බැල්මක් නොවී යටපත්ව තිබූ සෙල්ලිපි කියවා මේ දේශයේ සංස්කෘතික නිධානය මතුකර ලෝවැස්සාගේ දෙනෙත් “ගිනිකණා වට්ටා” (නිලංකාර කර) සිහි විසඥ කිරීමය.

ජාතියේ පිනට, දේශයේ භාග්‍යයට ලංකා මාතාවගේ අභිමානනීය පුත්‍රයකුව ඉපිද සීගිරියේ කැටපත් පවුරේ ගාම්භීරත්වය පෙන්වා දීම පමණක්ම, හරිහමං අම්මෙකුට අප්පෙකුට ජාතකව සිංහල හාලේ බත්බුලත් කා හැදුණු මේ මිහිතලයේ අවසානය කවරදා සිදුවුවත් ඒ දක්වා දේශීයත්වය පපු කැනැත්තේ අබ මල් පියල්ලක තරමේ හෝ ඉතුරුවී සිටින අපේ එකකුගේ සිරුරේ මස් ඇට, ඇට මිදුලුවල පමණක් නොව නහරයක් නහරයක් පාසා දුවන සෑම ලේ බින්දුවකම පාහේ පරණවිතාන සහ ඔහු කළ මෙහෙය නම් වියළී සිඳී මැකී නොයන බව නම් ඉර හඳ මෙන් ඒකාන්තය.

ගාල්ලේ, මැටරඹ ගම්මානයේ විසූ ඒබ්‍රහම් සහ ලෝනා ගිමාරා යුවතිපති දෙපලගේ “බඩපිස්සා” වශයෙන් මේ මස 26 වැනි දිනට හරියටම වසර 126කට පෙර දිනෙක (1896.12.26) ඉපැදුණු දරුවා සෙනරත් පරණවිතාන නම් වූවේය. ඔහු උපන් මැටරඹ ගමේ සිට ගාලු නගරයට දුර සැතපුම් දෙක හමාරකි. එකල වාහන ගමනාගමනයද විරලය. ඒ නිසා ඇස්. පරණවිතාන නමෝ විත්තියෙන්ම ගියේ ගම්පියසේ “අන්නාසිහෙට්ටිගොඩ” සිංහල පාසලටය. එහි දෙවසරක් සිටි තම දරුපැටියා අනතුරුව ඉංගිරිසි අධ්‍යාපනය උදෙසා ගාල්ලේ බොනවිස්ටා විදුහලට මාපියන් විසින් යවන ලද්දේ, ළඟම පාසල හොඳම පාසල නිසා නොව හොඳම පාසල ළඟම පාසල වූ හෙයිනි. එසේ ළඟ වුවත් මේ පොඩ්ඩාට උදේට දෙකහමාරයි හවසට දෙකහමාරයි යන පරිදි දිනකට සැතැපුම් පහක් “අඩිකඩන්නට” (පයින් යාමට) සිදුවූවත් කිසි දිනෙක “ඔහු යන්නට බෑ” කියමින් නාහෙන් ඇඬුවේ නැතිලු.

“රන්වළගොඩ” පිරිවෙන තිබුණේද නිවෙසට කිට්ටුවය. එහි පාලි සංස්කෘත උගන්වන බව ඔහුට දැනගන්නට ලැබිණි. ඒ වනවිට ඔහු දස හැවිරිදි වූවේය. “මතු රැකෙනා ශිල්පයමයි උගතමනා” යන සිද්ධාන්තය නොව “උගතමනා ශිල්පයමයි මතු රැකෙනා” යන්න ඒවනවිටත් පසක් (ප්‍රත්‍යක්‍ෂ) කරගෙන සිටි මේ “බුද්ධි අංකුරය” උදේ වරුවේ බොනවිස්ටාවටත් හැන්දෑ වරුවේ පිරිවෙනටත් ගියේය.

වයස අවුරුදු දහනමය වන විට මේ ගැටයා “කඳින් බඩින් ආරා” (පෙනුමෙන් උස මහත) නොවුණත් පාලි, සංස්කෘත, සිංහල, ඉංගිරිසි භාෂා ඥානයෙන් “ආරාමෝරා” තල්මස්සු එක්ක බැරි වුණත් තෝරු, මෝරු එක්ක හොඳටම හැප්පෙන්න පුළුවන් ජාතියේ පණ්ඩිතයෙක්ව උන්නේය. ඒ බැව් පළාතම දැනගත්තේ “ප්‍රාචීන භාෂෝපකාර සමිතිය විසින් 1916 දී පවත්වන ලද ප්‍රාරම්භක විභාගයේ ලංකා ඉතිහාසය සහ පුරාවස්තු යන විෂයට ඔහු තම නම “පරණවිතාන” වුවත් “අලුත්” වාර්තාවක් තබා පළමුවැනි ස්ථානය ජයග්‍රහණය කරගැනීමෙනි. පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කරන ලද “එපිග්‍රැෆියා සිලනිකා (Epigraphia zeylanica) යන ග්‍රන්ථය ඒ වෙනුවෙන් ඔහුට ලැබුණු ත්‍යාගය විය. ඒ ග්‍රන්ථයක් නොව සෙනරත් පරණවිතාන නමැති යුග පුරුෂයාගේ “ඉෂ්ට දේවතාවා”යි. හෙතෙම ඒ කෘතිය අස්සක් මුල්ලක් නොහැර පරිශීලනය කළේය.

ඉන් පසු ඔහු ඉංගිරිසි උප ගුරුවරයකු වශයෙන් ජීවිතය ආරම්භ කෙළේය. පත්වීම, ගම්පහ, උඩුගම්පොළ විදා්‍යාලයටය. ඒ වර්ෂ 1918 දීය. (මේ ස්ථානය පසු කලෙක මහාචාර්ය සෙනරත් පරණවිතාන අනුස්මරණ විද්‍යාලය වශයෙන් නම්කරනු ලැබිණි)

ඒ අතරතුරේ පුරාවිදා්‍යා දෙපාර්තමේන්තුවට “අභිලේඛන සහායක” (Epigraphical Assistant) තනතුරකට 1923 දී අයැදුම්පත් කැඳවනු ලැබ තුබුණේය. පරණවිතාන ඉංගිරිසි ගුරුවරයා ද සෙල්ලමට පාහේ ඉල්ලුම් පතක් දැම්මේය. ඒ අනුව සම්මුඛ පරීක්‍ෂණයකට ද කැඳවනු ලැබුවේය. ඔහු ගියේය. පරීක්‍ෂණ මණ්ඩලය ඉදිරියේ ඉඳගත්තේය. එහි සභාපති වශයෙන් සිටියේ එවක පුරාවිද්‍යා කොමසාරිස් ඒ.එම්. ගෝකාට් මහතාය. ඔහු මේ “ඉලංදාරියා” සමග සිංහලෙන්, ඉංගිරිසියෙන්, පාලි, සංස්කෘතයෙන් කතා කෙළේය. අපේ “පුතයාත්” (අභිමානනීය ඇමතුමකි) ඇරියේ නැත. කඩුව “කිසි කිසි” ගා වැනුවේය. පාලි සංස්කෘත “අම්මට උඩි” කියලා වැඩක් නැත.

තමාට “ගෝකාට්” එකක් (ළමා කරත්තයක්) නොව, හැටට හැටේ ඇරල යන්න පුළුවන් “සුපර්සොනික් ජෙට්” එකක් ලැබුණාටත් වැඩි එකක් ලැබුණු ගානට උපන් සන්තෝසෙන් උඩපැන්න ගෝකාට් මහතා සෙනරත් පරණවිතානට පත්වීම දුන්නා පමණක් නොවේ. ඒ මොහොතේම ඔහුට ඉන්දියාවේදී වැඩිදුර අධ්‍යාපනය සඳහා තුන් වසරකට (1923-1926) ශිෂ්‍යත්වයක් ද දුන්නේය.

ඒ අනුව සෙනරත් පරණවිතාන සූරීන් අභිලේඛනය, වාස්තු විදා්‍යාව, පුරාණ කාසි, පුරාවිද්‍යා සංරක්‍ෂණය ආදී විෂයගත කරුණු පිළිබඳ ඉන්දියාවේදී ඉහළම දැනුමක් ලබාගත්තේය. එපමණක් නොව ඒ කාලය තුළ ශ්‍රීමත් ජෝන් මාෂල් මහතා සමග සම්බන්ධව (මෙකල පාකිස්තානයේ) මොහොන්fදා් ජාරෝ හරප්පා ශිෂ්ටාචාර වැඩබිමේ කැණීම් කටයුතුවලද යෙදී කලාතුරකින් ලද හැකි අතිදුර්ලභ අත්දැකීම් රාශියක්ද ලබාගත්තේය.
එංගලන්තය, ප්‍රංශය සහ ඉතාලිය ආදී රටවල 1935-1937 කාලයේදී පැරණී ඓතිහාසික ගොඩනැගිලි ආදිය පිළිබඳ යුරෝපයේදී පුරාවිදා්‍යා ආයතන සහ කෞතුකාගාර සම්බන්ධවද අධ්‍යයනය කෙළේය.

දේශපාලන වන්දනාව පිළිකුල් කළ මේ මහජන හිතකාමී උසස් නිලධාරියා ඒ බව ආදර්ශයෙන්ම පෙන්නා දුන්නේය. ඒ වන විට ඔහුගේ හපන්කම් ජාත්‍යන්තරයේද ඇගැයීමට පාත්‍ර වී තිබුණෙන් දේශන පැවැත්වීම සඳහා ආරාධනා ද “ටොන් ගණනින්” ලැබුණේය. ඒ ආරාධනාවලට ප්‍රතිචාර දක්වමින් හෙතෙමේ ප්‍රංශයේ පෙරදිග මිත්‍රයන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් එරට “ගිමේ” විශ්වවිද්‍යාලයේදී ශාස්ත්‍රීය දේශන කීපයක් පැවත්වූවේය.
එක් දේශනයක මුලසුන දැරුවේ ඒ සමයේ යටත් විජිත ලේකම්වර ඩබ්.ජී.ඒ. ඔට්ස්බි හෝර් මහතාය. තමා ලද අත්දැකීම් මතු පරපුරට ඉතිරි කරනු වස් මේ වියතා කොතරම් දුෂ්කරතා මධ්‍යයේ වුවද ග්‍රන්ථකරණයට ද බටුයේය. සිංහලෙන් ලිවීමෙන් පල ලබන පිරිස සීමාවන බැවින් විශාල පිරිසකට (ජාත්‍යන්තර) සෙත සලසනු වස් හෙතෙම සියලු ග්‍රන්ථ ඉංගිරිසියෙන්ම ලීවේය. ඔහු විසින් ලියන ලද The stupa in Ceylon නමැති පර්යේෂණ ග්‍රන්ථයේ මුල් පරිච්ඡේද හතර වෙනුවෙන් ඕලන්දයේ “ලෙයිඩන්” විශ්වවිද්‍යාලයෙන් 1936 දී ආචාර්ය උපාධිය පිරිනැමුවේය. (ජාත්‍යන්තර බුද්ධිමතුන් විස්මයට පත්කරනු ලැබූ එතුමාගේ කෘතිය Sigiri Graffit නම් වූවේය. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් මුද්‍රණය කරනු ලැබූ එම වටිනා පුස්තකය 1956 දී ප්‍රකාශයට පත් කෙරිණි.)
ඒ අතරේ වැඩ බලන පුරාවිද්‍යා කොමසාරිස් තනතුරේ 1938 සහ 1939 යන දෙවසරේ රාජකාරි කළ සෙනරත් පරණවිතානයන් පුරාවිද්‍යා කොමසාරිස් තානාන්තරයට පත්කරනු ලැබුවේ 1940 දීය. වසර 16ක් (1940-1956) ඔහු ඒ තනතුර දැරුවේය. ඔහු ඒ තනතුරට පත්කරන ලද පළමු ශ්‍රී ලාංකිකයාය. (මේ ඉංගිරිසි පාලන සමය බවද අමතක නොකරනු මැනවි)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ප්‍රමුඛ සනාතන සභාවේ ඒකමතික තීරණයෙන් එම සරසවියේ පුරාවිද්‍යා අංශයක් ස්ථාපනයකර එහි මහාචාර්ය පදවියට එතුමා පත්කරන ලද්දේය. 1957 සිට 1965 දක්වා එතුමෝ ඒ තනතුර දැරූහ. මහාචාර්යවරුන් වන ජේ.බී. දිසානායක, කේ.එන්.ඕ. ධර්මදාස, මේ ලියුම්කරුගේද ආචාර්ය ආර්ය රූබසිංහ ඉන් බිහිවූ අනභිභවනීය ලංකා පුත්‍රයන්ය.
මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා (ලියුම්කරුගේද ආචාර්යවර) මහාචාර්ය සෙනරත් පරණවිතාන විද්වතාණන් ගැන මෙසේ කීවේය.
“ඔනෑම විද්‍යාඥයකු සිය වැඩ මගින් ඉදිරිපත් කරන්නේ අවසාන තීරණයක් නොව, සමකාලීන අවබෝධය දියුණු කර ඉදිරි පියවරකට ප්‍රවේශ මාර්ගයකි. ඒ අනුව පරණවිතාන සූරීන් විද්‍යාත්මක යෝධයෙකි.”

හෙළයේ මහ හෙළයා වූ කුමාරතුංග මුනිදස්හු මෙසේ කීහ.
“ඇතැමෙක් තනතුරු නිසා බබළෙත්. එහෙත් පරණවිතානයන් කෙරෙහි එය නොයෙදේ. ඔවුන් නිසා තනතුරු බැබළේ (සුබස 1940 වසරේ 08 වැනි කලඹ)

– සිරිසමන් විජේතුංග
(මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනමේ ලේකම්, හිටපු පුරාවිදා්‍යා සහකාර අධ්‍යක්‍ෂ, ජාතික උරුම අමාත්‍යාංශයේ හිටපු සම්බන්ධීකරණ ලේකම්, කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු බාහිර කථිකාචාර්ය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදේශක සභා සාමාජික)

SendShareShare
Previous Post

පන්දාහක ටිකට් අරන් ඉන්දියාවෙ යන්න – වාංග මචා ඉක්මනටම යාපනේට ඔන්න!

Next Post

බැනුම් අහ අහා මඩ කකා උසුලු විසුලුවලට මුහුණ දෙමින් ඉදිරියටම ගිය නොනවතින ගමනේ 50 වැනි අදියර අදයි! දරුවන් වෙනුවෙන් ‌අද සජිත් තඹුත්තේගම! (VIDEO)

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

සිසු දරුවන්ගේ මනසට කලාත්මක රසවින්දනයක් එකතු කරමින්, ඔවුන්ට කලාවට පිවිසීමට දොර විවර කරන ඇය ගුරුවරියක්. මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකින් විවිධ...

Read more
පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.