විදේශයකදී මුද්‍රණයකර මෙරටට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබුණු අමොරිකානු ඩොලර් ලක්ෂ 06ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. Sri Lanka Latest News
වර්ථමානයේ විනිමය අනුපාතයට අනුව ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 20ක් පමණ වන මෙම මුදල් තොගය මුද්‍රණයකර ඇතැයි පැවසෙන්නේ මලයාසියාවේදීය. ඒ් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයකදී මුදල් හුවමාරුවට පැමිණ සිටියදී බව සඳහන්ය.










