• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

පන්දාහක ටිකට් අරන් ඉන්දියාවෙ යන්න – වාංග මචා ඉක්මනටම යාපනේට ඔන්න!

December 26, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
පන්දාහක ටිකට් අරන් ඉන්දියාවෙ යන්න – වාංග මචා ඉක්මනටම යාපනේට ඔන්න!
Share on WhatsAppShare on Facebook

අලුත් ආරංචියක් අලුත් ප්‍රවෘත්තියක් එක්ක අපට මොකක්දෝ අලුත් බලාපොරොත්තුවක් ඇතිවුණා. ඒ මොකද දන්නවද? දැන් අපි යාපනේට ගිහිල්ලා ගිහිල්ලා හති වැටිලා ඉන්න හින්දා යාපනෙන් එහාට ඉන්දියාවට යන්නයි ලෑස්ති වෙන්නේ. වියදම් වෙන්නේ කීයද දන්නවද? රුපියල් 5,000යි. සාමාන්‍යයෙන් ලංකාවෙන් තව රටකට යන්න වියදම් වෙන මුදල කීයද කියලා බැලුවොත් එහෙම ඒක හිතාගන්න බැරි මුදලක් නේ. දැන් ගුවන් ටිකට්පත්වල මිලත් වැඩියි. ඒ අස්සේ ඉන්දියාවට රුපියල් 5,000කින් ගිහින් එන්න පුළුවන් නම් කොහොමද ඒකෙ තියෙන ආතල් එක? ඒකට ‘ආතල් එක’ කියන වචන හැර වෙන චනයක් මට හිතෙන්නේ නෑ මේකට කියන්න. ඇත්තටම එහෙම බලාපොරොත්තුවක් ගැන, එහෙම ආරංචියක් ගැන පහුගිය දවස්වල කියැවුණා. අපේ අමාත්‍යවරයෙක් තමයි මේ සම්බන්ධව කියලා තිබුණේ මෙහෙම වැඩසටහනක් දැන් සූදානම් වෙලා තියෙනවා කියලා. ලංකාවෙන් ඉන්දියාවට පිටත් වෙලා යන්න පුළුවන් ක්‍රමවේදයක් හදලා දෙනවා ඉක්මනටම කියලා.

එතකොට මේ වැඩේ සාර්ථකව ක්‍රියාත්මක වුණොත් ඒකෙන් මොනවා වෙයිද? ඒකෙන් මොනවා වෙයිද කියන එක ගැන නම් අපට තාම හිතාගන්නවත් කියාගන්නවත් බෑ. වෙන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. සමහර දේවල් හොඳ දේවල්. හැබැයි ඒ අතර නරක දේවල් ටිකකුත් තියෙනවා. කොහොම නමුත් මේ හොඳ දේවල් සහ නරක දේවල් කොයික වුණත් වෙන්න පුළුවන් කියන එක ගැන අපට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒකට හේතු මේවා කට කහනවට කියන දේවල් නෙවෙයි, මේවා අපි කියන්නේ ඉතා හොඳින් මේ දේවල් ගැන හොයලා බලලා, දැකලා කරලා. මොකද සාමාන්‍යයෙන් අපි දන්නවා ලංකාවට එන්න තියෙන හැම නරක දෙයක්ම එන්නේ ඉන්දියාවෙ ඉඳලා කියලා. ඒ වගේම අපි දන්නවා ලංකාවේ හිටපු නමගිය අපරාධකාරයෝ වැඩි දෙනෙක් මේ වෙනකොට ඉන්නෙත් ඉන්දියාවේ කියලා. ඒක නිසා මේගොල්ලෝ බෝට්ටුවෙන් ඉන්දියාවට නොගිහින් ඉඳීද කියන එක ගැන අපට අහන්න බලන්න දෙයක් නෑ. කොහොම නමුත් ඉන්දියාවට රුපියල් 5,000කින් යන්න පුළුවන් නම් ලංකාව සහ ඉන්දියාව අතර අලුත් නෑදෑකම්, අලුත් හාදකම්, අලුත් හිතමිතුරුකම් ඉතා ඉක්මනට ගොඩනැගෙන එක ගැන නම් ආයෙ අහන්න දෙයක් නෑ.

සාමාන්‍යයෙන් ලංකාවෙ ඉඳන් ඉන්දියාවේ විෂාකාපට්නම්වලට තමයි යන්න පුළුවන් ලේසිම ක්‍රමය තියෙන්නේ. අපි දන්නවා ඉන්දියාවෙන් ලංකාවට එන කාලයක් තියෙනවා. ඒ තමයි මාර්තු මාසය. ඒ එන්නේ කච්චතිව් දූපතේ පල්ලියේ මංගල්ලෙට. මේ වතාවේ නම් හැබැයි කච්චතිව් දූපතේ මංගල්ලෙට නෙවෙයි, අපේ කට්ටියට නෑදෑයෝ බලන්න, හිත මිතුරන් බලන්න, විස්තර අහන්න හොයන්න බලන්න, ඕනෙ නම් ෂොපිං යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලංකාවෙන් පිටත් වෙලා ඉන්දියාවට ගිහිල්ලා පොඩි ජොලියක් දාලා මොනවා හරි කාලා බීලා ආපහු ලංකාවට එන්න පුළුවන් විදියේ වැඩපිළිවෙළක් ඉතා ඉක්මනට ලංකාවෙ විවෘත වෙන්න ඉඩ තියෙනවා කියන එක අපට දැන් පැහැදිලිව පේනවා. මේ ඉන්දියාවෙන් ලංකාවට ආපු එක ඉතිහාසෙ පුරාම සිද්ධ වෙච්ච දෙයක්. ඉන්දියාව අපිව ආක්‍රමණය කළා, ඉන්දියාවෙන් අපට ආගමක් ලැබුණා, අපිව යටත් කරගත්තා, අපිට ගැහුවා, අපේ රජ්ජුරුවන්ව අනුරාධපුරෙන් පොළොන්නරුවට පැන්නුවා, පොළොන්නරුවෙන් නිරිතදිගට දඹදෙණියට පැන්නුවා. ඒ වගේම මිහිඳු මහ රහතන්වහන්සේ ලංකාවට වැඩිය, සංඝමිත්තා රහත් තෙරණිය ජයශ්‍රී මහා බෝධි අංකුරයක් අරගෙන ලංකාවට වැඩම කළා. මේ විදියේ සිදුවීම් කිහිපයක්ම ලංකාවේ එක දිගටම සිද්ධ වුණා. විජය රජ්ජුරුවෝ, භද්දකච්චායනා කුමරියගේ කතාව. ඊට කලින් රාවණා පුරාවෘත්තයේ එන සමහර සිදුවීම් මේ සියල්ල සිදුවුණේ ඉන්දියාවට යන්න එන්න පුළුවන් වෙච්ච නිසා. දැන් ඉන්දියාවට යන්න එන්න පුළුවන් වුණොත් තවත් මේ වගේ කයි කතන්දර ගොඩක් දේවල් විවෘත වෙයි, ඇරෙයි කියලා අපට කියන්න පුළුවන්. ඉස්සර මන්නාරමේ ඉඳන් ඉන්දියාවට යන්න පුළුවන් පහසු මාර්ගයක් විදියට ආදම්ගේ පාලම කියන එක තිබුණා කියලා ඉතිහාස කතන්දරවලට සඳහන් වෙලා තියෙනවා. අදත් මේ ආදම්ගේ පාලමේ යම් නෂ්ටාවශේෂ මන්නාරමෙන් ඉහළට ඉන්දියාව පැත්තට තියෙන වැලි පරවලින් අපට හඳුනාගන්න පුළුවන් වෙලා තියෙනවා. මේකට ආදම්ගේ පාලම කියලා කියනවා. ඒ වගේම මේකෙන් තමයි හනුමාන් රාම රාවණා යුද්ධයට ලංකාවට ආවේ කියලා කියනවා. ඔහු සමහර කොටස් කරේ තියාගෙන හිමාලයෙන් ලංකාවට ආවා කියලා කියනවා. කොහොම නමුත් මේක කාලත් එක්ක වැහිලා ගිහිල්ලා අද වෙනකොට පාවිච්චි කරන්න බැරි තරමට පත්වෙලා ඉන්දියාව සහ ලංකාව අතර තිබුණු ගොඩබිම් මාර්ගය වැහිලා ගිහිල්ලා කියලා තමයි කියන්නේ. කොහොම නමුත් දැන් ගොඩබිම් අහස් මාර්ගයෙන් තමයි අපට ඉන්දියාවට යන්න සිද්ධ වෙන්නේ.

යාපනේ ඉන්න මිනිස්සු ඉන්දියාව පැත්තේ ඉඳන් එන හුළඟ විඳිමින්, ඉන්දියාව කිලෝමීටර් තිස් ගානක් ඈතින් අන්න අර පැත්තේ තියෙන්නේ කියලා හිතේ තියාගෙන කොළඹට එන්න සිද්ධ වෙනවා සාමාන්‍යයෙන් රුපියල් 80,000ක 90,000ක කුලියක් ගෙවලා වාහනේක. එතකොට ටැක්සි කුලිය රුපියල් ලක්ෂයකටත් වැඩි වෙනකොට ඉන්දියාවට ගිහිල්ලා එන්න රුපියල් 5000කින් පුළුවන් වුණොත් කවුරුවත් ආයෙ ටැක්සිවලින් එයාර්පෝට් එකට නම් එන එකක් නෑ ඉන්දියාවට යන්න. කොහොම නමුත් ඉන්දියාව කියන්නේ විශාල රටක් නිසා ඉන්දියාවේ සමහර තැන්වලට යනකොට මේ විදියට මූදෙන් ගිහිල්ලා ඉන්දියාව තරණය කරනවට වඩා ගුවන් යානයකින් ලංකාවේ ඉඳන්ම ඒ ඒ තැන්වලට යන එකේ පහසුවක් ඇතිවෙන්න පුළුවන්. කොහොම නමුත් මේ සිද්ධ වෙන්න යන දේ සම්බන්ධයෙන් විවිධ කතන්දර, විවිධ දේවල් අපට හිතන්න පුළුවන්, වෙන්න පුළුවන් කියලා. කොහොම නමුත් මේ දේවල් අතර හොඳ තමයි වැඩිපුර තියෙන්නේ කියලා හිතුවොත් අපට ඒක හොඳයි. හැබැයි ඇත්ත කතන්දරේ හොඳටත් වඩා මේ සම්බන්ධව කතා කරද්දී යම් යම් ගැටලුකාරී තැන් මේ සිදුවීම ගැන අපට දැනෙනවා. ඒකට හේතුව තමයි නමගිය අපරාධකාරයන්ගේ නම් ලැයිස්තුවක්ම මේ දවස්වල කියැවෙනවා. ඒගොල්ලෝ වැඩකිඩ දාන්නේ ඉන්දියාවේ ඉඳලා කියලා. ඒ වගේම ශ්‍රී ලාංකික ද්‍රවිඩ හිතවතුන්. අපට ඒගොල්ලෝ නැතුව ජීවත් වෙන්න බෑ. මොකද ඒගොල්ලොත් අපේ රටේ එක කොටසක්. අපි මේ රට දියුණු කරන්න, මේ රටේ බලාපොරොත්තු ඇතිකරගෙන අපි ජීවත් වෙන්නේ ඔවුන් එක්ක. මේ රටේ යම් දේශපාලනික වෙනස්කම් කරන්නත් ඔවුන්ට හැකියාව තියෙනවා. කොහොම නමුත් මේ හිතවතුන් අපට සදහටම නැතුව යයිද කියලා යම් වේදනාවකුත් දැනෙනවා. ඒකට හේතුව ඉන්දියානු හිතවතුන් තමන්ගේ නෑදෑයන් හොයාගෙන රුපියල් 5,000ක් වියදම් කරලා ඉන්දියාවට ගියොත් අපට යාපනේ කියලා දකින්න ලැබෙන්නේ මුඩු බිමක් වෙයිද, මිනිස්සු රහිත බිමක් වෙයිද කියලා යම් තැතිගැන්මක්, යම් බයක් අපට හිතෙනවා. කොහොම නමුත් මේක අලුත් බලාපොරොත්තුවක සේයා මාත්‍රයක් බව අපි ඔබට සතුටින් කියන්න සූදානම්. ඒකට හේතුව තමයි යාපනයට ගියාට පස්සේ පැය 3ක පමණ ගමන් කාලයකින් ඉන්දියාවට ගමන් කිරීමේ හැකියාව තියෙනවා කියලා තමයි මේ අය කියන්නේ. ඒකෙ යම් ඇත්තකුත් තියෙනවා. මොකද කිලෝමීටර් තිස් ගණනක පුංචි දුරකින් අපට ඉන්දියාවට ළඟා වීමේ හැකියාව තියෙනවා. ලංකාවේ කිලෝමීටර් තිස් ගණනක බෝට්ටු සංචාරයක් හරහා ගොඩබිමකින් තවත් ගොඩබිමකට යන අත්දැකීමක් සාමාන්‍යයෙන් තියෙනවා. ඒ තමයි බත්තලංගුණ්ඩු ගමන. ඒකත් පැය 3ක ගමනක්. හැබැයි මේ ගමන ඊට වඩා ක්‍රමවත්, විධිමත් සහ කාර්යක්ෂම ක්‍රමවේදයක් යටතේ කෙරෙනවා කියලා තමයි දැනගන්න තියෙන්නේ. ඒ නිසා අලුත් බලාපොරොත්තුවකුත් එක්ක එහෙනම් ලෑස්ති වෙමු. ඉන්දියාවේ යන්න. 5,000ක් විතර ලෑස්ති කරගන්නකො. ඒ හොඳටම ඇති. අතරමඟ වියදම් තිබ්බොත් කියන්නම්. එහෙනම් හරිනේ… යමු ඉන්දියාවේ…

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බිල් ගේට්ස් ලංකාවට එනවා කියලා ලංකාදීපය ගහපු නිව්ස් එක අමු බොරුවක්! පත්තරේ හිමිකරු රුවන් විජයවර්ධනව පුම්බන්න පුවත් මවයි!

Next Post

විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නැතත්, තරු මැද සඳ වන් මහාචාර්ය සෙනරත් පරණවිතාන!

MORE NEWS

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

Load More
ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

මේ වෙසක් පොහොයට පුන්පුරා හඳ වෙනදා වගේම පායගෙන ආවා. ඒ පුරා හඳේ එළිය යට මිනිස්සු බලාපොරොත්තු දල්වාගෙන එහෙට මෙහෙට ඇවිදින්න...

Read more
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.