හාල් ගිනි ගණන් යයි

කොළඹ ගොස් ආපසු එන කරත්තවලින් හාල් ගෙන ඒම පුරුද්දක් ලෙස කෙරුණු අතර ගව රෝග වැඩිවීම, අනතුරු ඉහළ යෑම වැනි කාරණා නිසා කරත්ත කුලියද වැඩි විය. එහෙයින් සිලිං තුන හතරක් වූ හාල් බුසල සිලිං 7යි පැන්ස 6ක් විය.
රට තුළ හාල් මිල කළේ සිලිං 12ට හෝ 13ටය. ඇතැම් තැන්හි ඊටත් වඩා සිලිමක් මිල වැඩි විය.
වැවිලි වියදම් පාලනයට ඉන්දීය කම්කරුවෝ

මෙරට උසස් යැයි සම්මත පවුල්වල පිරිස් වතුවල කුලී වැඩට නොගිය අතර එයින් කම්කරු ප්‍රශ්නය වර්ධනය වී වියදම්ද වැඩි විය. මේ නිසා ඊට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන ඒමට රජය තීරණය කළේය. ඒ අනුව 1839දී කම්කරුවන් 2,432ක පිරිසක් මුලින්ම ගෙන ඒමට කටයුතු කෙරිණි. මෙම විසඳුම කෙරෙහි වෝඩ් ආණ්ඩුකාරවරයාගේ යම් කැමැත්තක් තිබූ හෙයින් දිගින් දිගටම කම්කරුවන් ගෙන ඒම ගැන උනන්දු විය.
පණිවුඩ හුවමාරුවේ ලාභය

1837දී නිපදවන ලද ටෙලිග්‍රාෆ් යන්ත්‍රයේ පේටන්ට් අයිතිය අනුව 1847දී පළමු බි්‍රතාන්‍ය ටෙලිග්‍රාෆ් සමාගම පිහිටුවන ලදී. ඒ අනුව 1858දී ටෙලිග්‍රාෆ් ක්‍රමය මගින් කොළඹත් ගාල්ලත් අතර පණිවුඩය හුවමාරු කිරීම ආරම්භ කෙරිණි. ටෙලිග්‍රාෆ් සේවය පටන් ගැනීම නිසා පණිවුඩ හුවමාරුවට ගිය අධික වියදම් අඩුවී රට තුළ විවිධ සේවාවන් සහ භාණ්ඩවල මිල යම් තරමකින් අඩුකිරීමකට අවස්ථාව උදාවිය.











