• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

හොරකමට තිත තියපු කොණ්ඩදෙණිය ගුරුකම

August 31, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
කොණ්ඩදෙණිය හිමියන්ගේ අප්‍රකට වික්‍රම
Share on WhatsAppShare on Facebook

එදා සෙනසුරාදා දිනයක් වූයෙන් ලෙඩ රෝගවලින් පෙළුණු අය මෙන්ම අපල උපද්‍රව නිසාවෙන් ජීවිත ගැටලුවලින් දුක් විඳින ගැහැනු පිරිමි පිරිසකගෙන් කොණ්ඩදෙණියෙ පන්සල් භූමිය පිරී ඉතිරී ගොස් තිබිණි.
මේ අතර කිසියම් කටයුත්තකට පැමිණ සිටි අයකු දේවාලයේ දොරකඩට පැමිණ බණ්ඩා ඇමතුවේය.

“අනේ බණ්ඩා මල්ලියේ අර අඹ ගහ ළඟ හිටිය වැඩිහිටි මාතාවක් සිහිසුන් වෙලා වාගේ බිමට ඇදන් වැටුණ. පොඞ්ඩක් බලල පිහිටක් වුණා නම් හොඳා නේද?…”
බණ්ඩාද ඇසිල්ලකින් අඹ ගහ දෙසට ගියේය. ඒ වන විටත් සෙනඟ වටවී ඇය නැඟිටුවීමට උත්සාහ කරනු දුටුවේය.
“පොඞ්ඩක් ඉන්න… කවුද වැටුණෙ… මේ අම්මත් එක්ක ආව කෙනෙක් ඉන්නවද…?” පිරිස අතරට ගිය බණ්ඩා විමසුවේය.
“හ්ම්… මමයි ආවෙ…” කියමින් පාසල් යන වයසේ ගැහැනු දරුවෙක් ඉදිරියට ආවාය.
“මොකද වුණේ…. ඇයි වැටුණේ… ඒ අම්ම කවුද?”
“ඒ අපේ අත්තම්මා… අපි ඉන්නෙ ගම් දෙක තුනකට එහා… මමයි අත්තම්මයි විතරයි ගෙදර ඉන්නෙ. අපේ ගෙදර එළදෙනක් හිටියා. පැටියෙකුත් හිටියා. ඒ පැටියගෙ අම්මට තව පැටියෙකුත් ලැබෙන්න හිටියෙ. දැන් දවස් දෙකකට ඉස්සරින්දා රෑ කවුද ගාල කඩල පැටිය හම්බවෙන්න හිටිය එළදෙනයි, අනෙක් පැටියයි ගාලෙන් අරගෙන ගිහිල්ලා. අත්තම්මා දවස් දෙකක්ම කන්නෙ බොන්නෙත් නෑ. අඬ අඬා ඉන්නවා. එහෙම ඉඳල තමයි අද මාත් එක්ක පාන්දරින්ම ආවෙ… හරක් හොරෙන් අරන් ගිය අයට සීලරතන හාමුදුරුවො හරහා දඬුවමක් දෙන්ට ඕනෙ කියල…”
“ඉතින් මෙතැනදි අත්තම්මට මොකද වුණේ?”
“දැන් පැය කිහිපයක්ම හිටගෙන අඬ අඬා හිටිය. එහෙම ඉන්න අතරෙ එකපාරටම අත්තම්මා බිම ඇදගෙන වැටුණා. පස්සෙ මෙතැන හිටපු අය අත්තම්මව අල්ලල නැඟිට්ටවල ඔය ගල් බැම්ම උඩ වාඩිකෙරෙව්වා.”
බණ්ඩා දිවගොස් වතුර ටිකක් ගෙනැවිත් එහි සිටි වැඩිහිටි අයකුට දී ඒවා මුහුණට ඉස මුහුණ දෝවනය කරවන ලෙස කීවේය.
ඒ සමඟම බණ්ඩා දේවාලයට දිවගොස් සිදුවී තිබෙන දෙය සීලරතන හිමියන්ට කීවේය.
“කෝ… ඒ අම්මව වත්තන් කරවගෙන දේව මන්දිරයට අරගෙන වරෙන්…” සීලරතන හිමියෝ බණ්ඩාට කීහ. බණ්ඩාද සෙසු පිරිසේ උදව්වෙන් වයෝවෘද්ධ මව දේව මන්දිරයට වත්තන් කරගෙන ආවේය.
සීලරතන හිමියන්ගේ උපදෙස් පරිදි ඇය එහි තිබූ පුටුවක වාඩිකරවූවද ඒ වන විටත් එම තැනැත්තිය සිහිසුන්ව සිටියාය.

වයෝවෘද්ධ මාතාවගේ දකුණත අල්ලා නාඩි වැටෙන අයුරු පිරික්සූ සීලරතන හිමියන් බණ්ඩා ලවා රන් කෙණ්ඩියෙන් බුලත් කොළයකට මන්ත්‍ර බලයෙන් බලගන්වා ඇති පිරිත් පැන් ටිකක් ගෙන ඇගේ මුහුණට ඉස, ඇගේ දියණිය ලවා ඉතිරි පැන් කොටසින් මුහුණ දෝවනය කරවීය.
මොහොතකින් ඇය දෙනෙත් හැරියාය. තමා ඉදිරියේ සීලරතන හිමියන් සිටිනු දැක දෑත් එකතු කොට උන්වහන්සේට වැඳ, “බුදුවීමට පින් පුරන හාමුදුරුවනේ මගේ දුකටත් පිහිටවනු මැනවි”යි ඕ ඉතා බැගෑපත්ව ඉල්ලා සිටියාය.

“හොඳයි…. මං උපාසකම්මට පිහිටවෙනවා… දින දෙකක්ම නිරාහාරවනෙ ඉන්නෙ. ඉස්සරවෙලා මෙන්න මේ පලතුරු ටික කාල හිටින්න…” යැයි සීලරතන හිමියෝ දේව මන්දිරයේ තිබූ පලතුරු වටටියක්ම වයෝවෘද්ධ මාතාවට පිළිගැන්වූහ.
“අනේ…. අනේ… හාම්දුරුවනේ…”

“හරි හරි… මම කීවනෙ මං දුකට පිහිටවෙනව… ඊට ඉස්සරවෙලා මේ පලතුරු ටිකක් කාල හිටින්ටකො… සීලරතන හිමියන්ගේ ඉල්ලීමට ඇය පලතුරු ස්වල්පයක් කෑ පසු, දේව මණ්ඩලයට සුවඳ දුම් අල්ලා පහන් වැටේ පහන් තුනක් ඇය ලවාම දැල්වූහ.
සීලරතන හිමියෝ කාලි මෑණියන්ගේ අත තිබූ රත් පැහැ පටියක් ගෙන එක උරහිසක් මත හරහට දාගෙන දකුණතට පුවක් මල් කිණිත්තක්ද ගෙන කෙළින්ම කාලි මෑණියන් දෙස බලාගෙන ස්තෝත්‍ර කියන්නට වූහ.

දරුවො මේ ගව ගාල කඩල ගවයො ටික අරන් ගියෙ ගමේ ඈයො නෙවෙයි… තේරුණාද?”
“එහෙමයි… ඔය ගමට ගම් දෙක තුනකට එහා ගමක ඉන්නව හරක්ම හොරකම් කරගෙන ගව මස්ම බුදින පාපතරයො තුන්දෙනෙක්….”
“එහෙමයි…
“ඒ පාපතරයො තමා මේ ගවයො අරගෙන ගිහින් තියෙන්නෙ…”

සීලරතන හිමියන් ආරූඪයෙන් එසේ කියත්ම උපාසිකා මාතාව යළිත් සිහිසුන් වූවාය.
ආරූඪයෙන් සිටියා වුවත් සීලරතන හිමියෝ පවසන දෙයට ප්‍රතිචාරයක් නොලද තැන හිමියෝ උපාසිකාව ළඟට පැමිණියහ.
සීලරතන හිමියෝ දැල්වෙන පහන් වැටෙන් තෙල් බිඳක් බුලත් කොළයකට ගෙන ඇගේ හිස් මුදුනට වත්කොට හිස හෙමිහිට පිරිමදින්නැයි ඇය සමඟ පැමිණ සිටි දැරියට උපදෙස් දුන්හ. උපාසිකා මාතාවට යළිත් සිහිය ආවාය.

ඒ සමඟම බණ්ඩා අමතා ගිනි කබලක් ගෙන්වාගෙන ස්තෝත්‍ර කියමින් දුම්මල මතුරමින් ගිනි කබලට දමමින් සීලරතන හිමයෝ යළිත් එක දිගට මන්ත්‍ර කිහිපයක් ජප කළහ.
මොහොතකින් රතුවන් ආලෝක ධාරාවක් කාලි මෑණියන්ගේ පිළිරුව දෙසින් පිටවී දේව මන්දිරයම ඒකාලෝකවී ඇසිල්ලකින් ආලෝකය මැකී ගියේය.

ඒ අතර සීලරතන හිමියන්ගේ මුවට මඳ සිනාවක් නැඟිණි. “දරුවනේ උඹලගෙ ඉල්ලීම ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ වෙනවා. මේ පාපතරයන්ට මගේ කාලි මෑණියන්ගේ උපරිම දඬුවම් ලබාදෙනවා සත්තයි… බණ්ඩා… මට බෙලි කොළ හතක් අරගෙන වරෙන්. ඒ ගේනකොට කහ දියරෙන් තෙමල කෙසෙල් කොළ කෑල්ලක් මත තියල අරගෙන වරෙන්…” සීලරතන හිමියෝ කීහ.
සීලරතන හිමියන්ගේ ඉල්ලීම ආවතේවකරු වූ බණ්ඩා විනාඩි කිහිපයකදී ඉටු කළේය. බණ්ඩා ගෙනැවිත් දුන් බෙලි කොළ හත කෙසෙල් කොළය පිටින්ම අතට ගත් සීලරතන හිමියෝ ඊට කට්ටකුමංජල් දුම් ටිකක් අල්ලා කාලි මෑණියන් දෙසට දිගුකරගෙන යළිත් හඬ නඟමින් ජපකොට බෙලි කොළ හතට මන්ත්‍ර බලය කැවූහ. එසේ කළ හිමියෝ බෙලි කොළ රැඳි කෙසෙල් කොළය දෝතින්ම ගෙනැවිත් උපාසකම්මාගේ අත තැබූහ.

“දැන් මගෙන් කෙරෙන්ට ඕනැ වැඩ ටික හමාරයි. ඉතිරි හරිය කරගන්ට ඕනෑ උපාසකම්මාමයි. අත්තම්මගෙ තනියට මේ දැරිවියත් ඉන්නවනෙ” කී හිමයෝ “මං කියන දේ හොඳින් අහගෙන ඉඳලා එය ගෙදර ගිහින් වරු තුනකදී කරන්න ඕනෑ… තේරුණාද?” හිමියෝ කීහ.
මේ අය යහපත් සමාජයකට මහා බරක්. උඹල වගේ අයට සමාජයේ යහතින් ජීවත්වෙන්ට නම් මේ වගේ පාපතරයො සමාජයෙන් ඈත් කරන්නම ඕනෑ. තවත් දින පහකින් මේ දරුවො මගේ දේව මණ්ඩලය ඉදිරියට එන්ට ඕනෑ. ඒ වන විට මේවයේ ප්‍රතිඵලත් ලැබිල තියේවි. එහෙම ලැබෙන ආරංචි ගැනත් සෝදිසියෙන් හිටපල්ලා…. හොඳයි දැන් උඹලට ආපසු යන්න අවසර…” යැයි කී සීලරතන හිමියෝ පාසල් වයසේ හුන් දැරියගේත් ඇගේ අත්තම්මාගේත් අත්වල මන්ත්‍ර බලයෙන් බලගන්වා තිබූ පිරිත් නූල් දෙකක් ගැටගසා ඔවුන්ගේ ඉදිරි ආරක්ෂාව සහතික කළහ.
“මේ දරුවො මා කී දිනයට ආපහු එනවිට හිතවත් අසල්වාසී කොලුවෙකුත් සමඟ වරෙල්ලා…” යැයි කී සීලරතන හිමියෝ ඔවුන්ගේ කටයුතුවලට සුබ පැතූහ.

හරියටම පස්වැනි දිනයේ පාසල් වයසේ දැරිය පෙරටුකරගෙන ඇගේ අත්තම්මා පන්සල් ගේට්ටුවෙන් ඇතුළු වන අයුරු සීලරතන හිමියන් බලාගෙනය.
“හ්ම්… කොලුවකුත් ඉන්නෙ… ඉතින් කොහොමද? උඹලට විනකැටූ පාපතරයන් ගැන අරංචියක් නැතැයි…?” සීලරතන හිමියෝ ඔවුන්ගෙන් විමසූහ.
“තාම දැනගන්න නැහැ නොවැ හාමුදුරුවනේ…” උපාසිකා මාතාව සීලරතන හිමියන් දෙස බලාගෙනම කීවාය.

“මොකද නැත්තෙ බොල ඒ පාපතරයො තුන්දෙනාම කම්මුතුයි නොවැ. උඹල දන්නෙ නැති උනාට උන්ට හදිකැටුණ හැටි පත්තරවලත් ගියා…”
උපාසකම්මාත්, ඇය සමඟ පැමිණි දැරියත් හිමියන් කී බසට සවන්දුන්නේ මුවද අයාගෙන පුදුමය පළකරමිනි.

“මේකයි උපාසකම්ම මේ පාපතරයන්ට ගව හොරකම් විතරක් නෙවෙයි. දේපොළ කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් වගේ චෝදනාත් තිබුණ. අපි දේවාලයෙදි මන්ත්‍ර බලය පිහිටුවා දුන්න බෙලි කොළ හත තෙල් තාච්චියේ බැදුණු තුන්වන වරුවෙදි මුන් තුන්දෙනා එකිනෙකාට විරසක වෙලා උන් උන්ම පිහිවලින් ඇනකොටාගෙන. එකෙක් දුවල ගිහින් පාර අයිනෙ තිබිච්ච කාගෙද පොඩි ලොරියක් එළවගෙන යන්න හදල. පස්සෙදි ලේ පෙරමින් සිටි අනෙක් දෙන්නත් පැනගෙන ඇවිත් ලොරියෙ එල්ලිලා. අන්තිමේ පල්ලමකට පෙරළිලා ලොරිය ගිනිඅරගෙන තුන්දෙනාම ලොරියෙ ගින්නෙන්ම අඟුරු වෙනකම් පිච්චිලානෙ…”

සීලරතන හිමියන් එසේ කියද්දී උපාසකම්මා දිගු සුසුමක් වා තලයට මුදාහැරයාය.
“අද එන විට කොලු ගැටයෙක් එක්ක එන්ට කීවෙ උඹලට ආර්ථික මඟක් හදාදෙන්ට ඕනෙ හින්ද. ඔන්න මං කිරි හරකෙක් ගෙනැවිත් ඇති පන්සලේ ආවාස ගෙයට එහා පැත්තෙ. අන්න ඌවත් අරගෙන ගිහින් ඒ ආදායමෙන් මේ දැරිවිට උගන්නල ඉහළ තැනකට යවන්ට. එහෙම කළාම මේ දැරිවි පණ ඇති තුරාවට අත්තම්මව රැකගනීවි. බොහොම වාසනාවන්ත දරුවෙක් මේ ඉන්නෙ” යැයි කියා සීලරතන හිමියෝ දැරියගේ හිස අතගා ආශීර්වාද කළහ.
“ඔබවහන්සේ අප වැනි අයට කරන උපකාරවලට මතු බුදුවෙන්ටම ඕනෑ” යැයි කී උපාසකම්මා සීලරතන හිමියන් ළඟ වැඳවැටුණේ සතුටු කඳුළු වගුරුවමිනි.

නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

50 දශකයේ ගම්පහින් මතුවුණු අමුතු නිකාය

Next Post

මතකද මේ ශිරාණි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.