• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

හිතුණු හිතුණු විදියට අඳින වැරදි ධර්ම චක්‍ර අතරේ හරි ධර්ම චක්‍රය හොයාගන්නා රහස මොකක්ද?

May 17, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
හිතුණු හිතුණු විදියට අඳින වැරදි ධර්ම චක්‍ර අතරේ හරි ධර්ම චක්‍රය හොයාගන්නා රහස මොකක්ද?
Share on WhatsAppShare on Facebook

බෞද්ධ ධර්ම චක්‍රය සංකේතය විධිමත් හා අර්ථාන්විත වීම කාලීන අවශ්‍යතාවකි.
“ධර්ම චක්‍රය” යන වචනය ඇසෙත්ම බෞද්ධ හදවත් තුළ ඇති වන්නේ ශ්‍රද්ධා භක්තියකි. ගෞරවයකි. දාර්ශනික චිත්ත රූපයකි. එසේ වන්නේ බුදුරජාණන් වහන්සේ සහ ධර්මය පමණක් නොව, විශ්ව සාධාරණ ධර්මතා දර්ශනයම ඉන් මූර්තිමත් වන බැවිනි. එබැවින් එය බෞද්ධ දර්ශනය, විශ්ව සාධාරණ ධර්මතාව කැටිවූ ප්‍රබල වූත්, උත්තරීතර වූත් සංකේතයකි.


“චක්‍රාකාර ධර්මතාවය” යන හුදු වචනාර්ථය ගැන පමණක් උපකල්පනය කළ නිසාම, තම තමන්ගේ වැටහීමේ, අවබෝධයේ තරමට ධර්මචක්‍ර සංකේත, විවිධ වූවා පමණක් නොව, විවිධ අර්ථකථන හා විග්‍රහයන්ද ඉදිරිපත් විය.

මේ දක්වා නිර්මාණය වූ බෞද්ධ ධර්ම චක්‍ර කීපයක් “සිරිලක ආගමික සංකේත” නම් කෘතියේ, පූජ්‍ය රේටියගම සුමනරතන හිමියෝ ගෙනහැර දක්වති.

  1. ස්වස්තික හැඩය ගත් ධර්ම චක්‍රය.
  2. සූර්යයාගේ රැස් විහිදෙන ආකාරයෙන් නිර්මිත ධර්ම චක්‍රය.
  3. විකසිත නෙළුම් මලක හැඩය ගත් ධර්ම චක්‍රය.
  4. ගරාදි පිටට නෙරා ගිය, අටලෝ දහම හෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකේතවත් කරන ධර්ම චක්‍රය වශයෙන්.

මෙසේ දක්වමින්, ඒ පිළිබඳ විග්‍රහයක් කරන උන්වහන්සේ, “ලෝ දහම කැරකෙන හෝ පෙරළෙන දෙයක් යැයි ධර්ම චක්‍රයෙන් මූර්තිමත් වේ නම්, සමහර චක්‍රවල පිටට නෙරාගිය දැව (ගරාදි) මූර්තිමත් වී තිබෙන්නේ මන්ද? යන්න ගැන ප්‍රශ්නයක් මතු වේ. කල් යාමේදී දහම වටා හෝ කලාව වටා හෝ වල් බිහිවීම නිරන්තරයෙන් සිදුවන්නකි. එසේ නම් අද භාවිත වන ධර්ම චක්‍රය ද අර්ථ සුන් වී ගිය, මෝස්තරශීලී එකකි. ඉන් ප්‍රකට වන්නේ ගැඹුරු දහමක් හෝ දර්ශනයක් නොව, නැවක සුක්කානමක් බඳු හුදු කලා කෘතියක් පමණි.”

උන්වහන්සේගේ මෙම ප්‍රකාශය, විග්‍රහය අර්ථාන්විත වූත් ඉතා වැදගත් වූත් සත්‍යයකි. කාගේත් අවධානයට යොමුවිය යුත්තකි. පසුගිය කාලයේ ධර්ම චක්‍ර සංකේතය කාන්තා ඇඳුම්වල හා පාවහන්වලට යොදාගෙන තිබූ බව මාධ්‍ය තුළින් අසන්නට දකින්නට ලැබුණු බව කාටත් අමතක වී ඇතැයි නොසිතමි. (අමතක වීම සිංහලයාගේ ජාන දෝෂයකි.)

නීතිය හමුවේ සිදුවූයේ කුමක්ද? එය ධර්ම චක්‍රයක් නොව නැවක සුක්කානමක් වශයෙන් ඔප්පු විය. පොලිසියේ මහතුන් පමණක් නොව සමස්ත බෞද්ධයාම අවඥාවට අපහාසයට ලක්විය.

මෙවැනි අවස්ථාවලදී ගිහි පැවිදි විද්වතුන්ගේ අවධානය, සැලකිල්ල යොමුවී ද? දෑස් ඇරුණේ ද? නැත. කෙසේ වෙතත් අප ඇඟිල්ල දිගු කරමින් අනුන්ට දොස් පවරනවාට වඩා ද්වේශ කරනවාට වඩා කළ යුත්තේ, ඇති අඩුපාඩුකම් දුබලතාවන් මඟහරවාගෙන උත්තරීතර ධර්ම චක්‍ර සංකේතයේ ගෞරවයත්, අර්ථාන්විත බවත්, ආරක්ෂාවත් තහවුරු වන ආකාරයෙන් ක්‍රියා කිරීමය. ගිහි පැවිදි බෞද්ධයාගේ සහයෝගය ඇතිව වාදභේදයෙන් තොරව බෞද්ධ භික්ෂුන් වහන්සේ පෙරමුණ ගෙන ක්‍රියා කළයුතුව ඇත.

බෞද්ධ දර්ශනය පිළිබඳ ගිහි පැවිදි විද්වතුන් ඇති අප රටේ මේ ගැන මෙතෙක් අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණකි. ඛේදවාචකයකි. බොහෝ විට සිදුවන්නේ අඩුපාඩු සකසාගන්නවා වෙනුවට කෙස් පැළෙන තර්ක වාද විවේචන ඉදිරිපත් කොට බැහැර කිරීමය. බැහැර වීමය. ගැටලුව එතැනමය. බුද්ධිමත් තීරණයකට සම්මුතියකට නොඑළඹීම කැපීපෙනෙන දුබලතාවකි. ඒ නිසාම නින්දා අපහාසවලට පමණක් නොව අගෞරවයට ද පාත්‍ර වෙයි.

එබැවින් එකම ධර්ම චක්‍ර සංකේතයක් සම්මත කරගෙන ආචීර්ණ කල්පිත මතවාදයන් බැහැර කොට භාවිත කරන්නේ නම්, බෞද්ධ අපේ අනන්‍යතාව රැකෙනවා මෙන්ම අගෞරවයටත් අවඥාවටත් ලක් නොවනු ඇත. ධර්ම චක්‍රාකාරයෙන් නිර්මාණය වූ සංකේත කොතෙක් තිබුණත්, ඒවා සියුම්ව විග්‍රහ කර බලන විට පෙනීයන කරුණක් වන්නේ, බුදුරජාණන් වහන්සේ අපේක්ෂිත ධර්ම චක්‍රය, කුමක්දැයි තර්කානුකූලව ඉතා සියුම්ව විමර්ශනය කරමින්ම විග්‍රහ කරගත යුතුය.

එහෙත් ඒ සඳහා පොත්පත් අටුවා ටීකා අවශ්‍ය නොවේ. එම ධර්ම චක්‍රයම “ධම්මචක්කප්පවත්තන” සූත්‍රයයි. එසේම “ධම්මචංක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං…” උපක ආජීවකට කළ දේශනාවෙන්ම එය තහවුරු වෙයි. මේ නිසා ධර්ම චක්‍රයක් නිර්මාණය විය යුත්තේ ඒ අනුව බව පිළිගත යුතුය. දම්සක් පැවතුම් සූත්‍රයම අවශ්‍ය මඟ පෙන්වා දෙයි. එබැවින් “ධර්ම චක්‍රය සංකේතය” නිර්මාණය කිරීමේදී එම සූත්‍රයම ගුරුකොට, මූලධර්මය කොටගත යුතු නොවේ ද? ඒ ගැන තවත් තර්ක වාද කුමටද? ඒ ගැන සලකා බලන විට මේ දක්වා නිර්මාණය වූ ධර්ම චක්‍රය සංකේතයකින්, බුද්ධ භාෂිතය කෙරෙහි අවධානයක් යොමු වී ඇති බවක් නම් නොපෙනේ. අටලෝ දහම, ආර්ය අෂ්ටාංගික මාර්ගය, පටිච්ච සමුප්පාදය වශයෙන් අර්ථ දක්වන්නේ කෙසේද? ඒවා බුද්ධ සංකල්පයට පටහැනි බවයි මගේ හැඟීම.

ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අන්තර්ගතය වන්නේ, මැදුම් පිළිවෙත, චතුරාර්ය සත්‍යය හා ද්වාදසාකාර ඤාණ දර්ශනය යන ප්‍රධාන කරුණුය. මෙම සූත්‍ර දේශනාවේ මුලින්ම දේශනා කොට වදාළේ මැදුම් පිළිවෙතය. අන්ත දෙකක් බැහැර වූ ආර්ය මාර්ගය වශයෙන් දේශිත බැවින් එය බැහැර කළ නොහැක. ඒ ගැන සැලකිලිමත් වියයුතු බව සියුම්ව බලන විට වැටහේ.

එම සියලු කරුණු ඇතුළත් වන සේ ධර්ම චක්‍රය සංකේතයක් නිර්මාණය කිරීම මගේ උත්සාහයයි. එහි ගරාදි පමණක් නොව මුළු චක්‍රයම අර්ථගන්වා තිබීම විශේෂත්වයකි. සියලු කරුණු ඇතුළත් වීමෙන් පසු ධර්ම චක්‍රයේ නිමාව මෙසේ දක්වාලිය හැක. මෙම ධර්ම චක්‍රයේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඇතුළත් කරුණු අන්තර්ග්‍රහණය වන්නේ කෙසේදැයි කොටස් වශයෙන් විමසා බලමු.

මෙම චක්‍රය ප්‍රධාන කොටස් හතරකට බෙදා එහි එක් එක් කොටස චතුරාර්ය සත්‍ය වශයෙන් නම් කෙරේ. එනම්, දුක්ඛාර්යසත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිණී පටිපදාආර්ය සත්‍ය වශයෙන් චතුරාර්ය සත්‍ය අර්ථවත් වේ. (2 රූපය)

චතුරාර්ය සත්‍යයේ එක එක සත්‍ය පිළිබඳ ලබාගත් ඤාණ ශක්තීන්ද දේශනා කළහ. (ද්වාදසාකාරං යථාභූතං ඤාණ දස්සනං…) එනම් ද්වාදසාකාර ඤාණ දර්ශනයයි. එක ආර්ය සත්‍යයක් පිළිබඳ සත්‍ය ඤාණය, කෘත්‍ය ඤාණය, කෘත ඤාණය (පරිඤ්ඤාතං, සච්චිකතං, භාවිතං) යන ඤාණ දර්ශනය මෙහි ඇති රවුම් තුනෙන් පෙන්වා දී ඇත. එය සත්‍ය හතරටම සාධාරණව යෙදුණු විට දොළොස් ආකාර වේ. කොටස් තුනකට නොබෙදා රවුම් තුනෙන්ද අර්ථගැන්විය හැකිය. (3 රූපය)

මින් මජ්ක්‍ධිමා පටිපදාව අර්ථවත් වේ. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ දී පළමුව දේශනා කළේ අන්ත දෙකෙන් බැහැර වූ මධ්‍යම ප්‍රතිපදාවය. (මජ්ක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා) ඉන් බුද්ධත්වය අවබෝධ කළ බවය. එබැවින් එහි විශේෂත්වයක් පවතින බව තේරුම්ගත හැකිය. එසේම ඉන් අරිඅටඟි මඟ විග්‍රහ කෙරේ. මාර්ග සත්‍යයෙන් ද විග්‍රහ කළත් එය චතුරාර්ය සත්‍යයට අයත්ය. වෙන් කොට දැක්විය නොහැකිය. මෙය ඊට පරිබාහිරය. මෙහි ගරාදි දෙවැනි රවුමෙන් මතුවන ආකාරයට දක්වා ඇත්තේ අන්ත දෙකක් බැහැර වීමත්, මැදුම් පිළිවෙතට අයත් අංග අට බවත් පහසුවෙන් වටහාගැනීමටත්, විග්‍රහ කර අර්ථ දැක්වීමටත් පහසු වන ආකාරයටය. (4 රූපය)

මෙම ධර්ම චක්‍රය රවුම් තුනකින් සමන්විතය. ඉන් අර්ථවත් වන්නේ මැදුම් පිළිවෙතේ අනුපූර්ව ප්‍රතිපදා න්‍යායයි. එනම් සීල, සමාධි, ප්‍රඥාය. සීලයෙන් සමාධියත්, මේ දෙකෙන් ප්‍රඥාවත් ප්‍රත්‍යක්ෂ වේ. එම රවුම් තුන ක්‍රමයෙන් කුඩා වන ආකාරයට දැක් වේ. ක්ලේෂ ධර්මයන්ගේ ප්‍රහානය තුළින් සියුම් ප්‍රඥාව ලැබෙන බවය. රවුම් තුනේ පරාසය ක්‍රමයෙන් කුඩා වන සේ දක්වා ඇත්තේ එය මනාව තේරුම් ගැනීමට පහසු වන ලෙසය. (5 රූපය)

එසේම මෙම රවුම් තුන චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන විට එහි තිපරිවට්ට ද්වාදසාකාර ඤාණ දර්ශනය පිළිබිඹු කරන අතර, මැදුම් පිළිවෙත (ආර්ය ආෂ්ටාංගික මාර්ගය) විග්‍රහ කරන විට සීල සමාධි ප්‍රඥා යන අනුපූර්ව ප්‍රතිපදා ක්‍රමය පෙන්වීම සඳහාද යන අරුත් දෙකක් දැක්වීම සඳහා යොදාගෙන තිබේ. (5 රූපය)

බුද්ධ භාෂිතයට හා සංකල්පයට අනුව දම්සක් පැවතුම් සූත්‍රයම ධර්ම චක්‍රයක් බවට නිර්මාණය කර ඇත. මෙය දාර්ශනිකය. අර්ථාන්විතය. මනෝවිද්‍යාත්මක පදනමකින් යුක්තය. අඩුපාඩුවලින් තොර යැයි සිතමි. ධර්ම චක්‍රය සංකේතය කිසිදා නැවත සුක්කානමක් බවට ද පත් නොවේ.
රවුම් තුන ලක්ෂ්‍යයේ සිට 1:2:4 යන අනුපාතයට සකසාගැනීම වඩාත් උචිතය. තැඹිලි පාට හෝ ගැළපෙන වර්ණයක් යොදාගත හැකිය. එසේම චක්‍රයේ ගරාදි සඳහා බීරළු වැනි කැටයමක් යොදාගත හැකි වුවත්, එය දාර්ශනික සංකල්පයට හානියක් නොවන පරිදී විය යුතුය.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ
මිනිපේ ප්‍රධාන සංඝනායක ගෞරව උඩවෙල ධම්මරතන නායක ස්ථවිර

SendShareShare
Previous Post

වසම් 70ක් අද උදේ සිට ලොක්ඩවුන්!

Next Post

වසර පුරා වාසි ලබාදෙන SLT- MOBITEL ‘Laptop Fiesta’

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.