ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන ජාලය වන SLT- MOBITEL, සිය විශ්වාසවන්ත පාරිභෝගික භවතුන් උදෙසා විශේෂයෙන්ම හඳුන්වා දෙන ලද ‘Laptop Fiesta’ ත්‍යාග වැඩසටහනේ සමාරම්භය පසුගියදා සනිටුහන් විය. SLT-MOBITEL ජංගම සහ ස්ථාවර දුරකතන සම්බන්ධතා අත්විඳින සියලුම පාරිභෝගිකයන් වෙත නවමු අත්දැකීමක් ලබාදෙන මෙම වැඩසටහන SLT-MOBITEL සන්නාම ඒකාබද්ධතාවයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය.
මෙහිදී සියලුම SLT-MOBITEL පාරිභෝගිකයන්ට බිල්පත් ගෙවීම් සහ රීලෝඩ් කිරීම හරහා වසර පුරාම මෙම ත්‍යාග දීමනාවට ඇතුළත් වීමේ සුදුසුකම හිමිවන අතර එමගින් වාසනාවන්ත ජයග්‍රාහකයන් 15 දෙනකුට සෑම සතියකම ලැප්ටොප් දිනාගැනීමේ අවස්ථාව උදාවේ.
රට තුළ ඩිජිටල්කරණය වේගවත්ව සිදුවෙමින් පවතින අවස්ථාවක, ලැප්ටොප් පරිගණකයක් දිනාගැනීමේ අවස්ථාව තමන්ගේ විශ්වාසවන්ත පාරිභෝගිකයන්ට ලබාදීමේ වැදගත්කම SLT- MOBITEL මනාව හඳුනාගෙන තිබේ.