• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

හයවැනි පරාක්‍රමබාහු රජුගේ ජීවිතය බේරූ අම්බුළුගල

April 13, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
හයවැනි පරාක්‍රමබාහු රජුගේ ජීවිතය බේරූ අම්බුළුගල
Share on WhatsAppShare on Facebook

ඇයට දිගැටි දෙනෙතක් උපතින්ම හිමිව තිබුණෙන් ඕ සුනේත්‍රා නම් වූවාය. එහෙත් ඒ සුන්දර දෑස් සති ගණනක සිට රතුපුල් මෙන් රත් පැහැ ගැනී තිබිණි. ඊට හේතු භූත වූ කරුණු කිපයකි. ඒ සියල්ලටම ප්‍රධානවශයෙන් හේතු දෙකක් තිබිණි. පළමු වැන්න සති ගණනාවක සිට නෙතටනිසි නින්දක් නොවීමය.

මහ රාත්‍රියේ “සරස් ගෑ” හඬකටද ඕ උඩගොස් බිම වැටී අවදි වූවාය. ඉන් පසු ඇයට නින්ද ගියේද නැත. පෝය හේවිසි ගසන්නාක් සේ පපුව ගැහෙන්නට විණි. තමාට වෛරකරන ජන්මාන්තර වෛරක්කාරයා කවර මොහාතක හෝ තමා සිටින ඉසව්ව සොයා දැන ජීවිතය බිලි ගන්නා බව ඇයට සක්සුදක් සේ පැහැදිලිය.

මගේ ජීවිතේ නැති කෙරුවට කමක් නෑ. මගේ මේ කිරි සප්පයා රැක ගන්නෙ කොහොමද? “තමා අසල ගුළිවී නිදන සත් හැවිරිදි තම පුත්‍රයා ගැන ඇය දස අතේ කල්පනා කළාය.
අන්තිමේ දී ඕ තීරණයකට බැස්සාය. දෙදෙනාම එක තැන සිටියහොත් විපත එකම තැනය. එහෙත් “දරුවා කාට හෝ හදා වඩා ගන්නට දුනහොත් ඔහු අප්‍රසිද්ධියේ හෝ ජීවත් වෙයි. ඒ මට හොඳටම ඇති”.

පසුදා වැඩි ආයිත්තම් නැතුව සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු ඇය දරුපැටියාද රැගෙන දින දෙකක ගමනින් මාවනැල්ලට ගියාය. තමන්ට විශ්වාසවන්ත තැනැත්තා සිටියේ එතැනිනුත් සැතැප්ම පහක් පමණ ගම්මැද්දට වෙන්නට “අම්බුළුගල” ගමේය. ඕ එහි ගොස් ඒ නිවෙස සොයා ගත්තාය.
ගෙය තරමක් විශාලය. සිංහල උළු සෙවිලි කර බිත්ති හුනු පිරියම් කර තිබිණි. ඒ වනවිට ගෘහමූලිකයා දිවා ආහාරය ගෙන ආලින්දයේ හාන්සිපුටුවේ දිග ඇදී සිටියේය. හෙතෙම ආරෝහ පරිණාහ දේහයකින් හෙබියේය. මුහුණ පුරා වැවුණු රැවුලය.

දරුවකුත් සමග නොබියව මිදුලට පැමිණ සිටින කාන්තාව දෙස ඔහු ඕනෑකමින් බලා සිටියේය. මේ රූපකාය තමාට මතක ඇතිසෙයක් හිත කීවේය. ඇය ඔහුගේ දෙනෙත් දෙසම බලා සිටියා මිස වචනයකුදු කතා කළේ නැත. ඈ කවුරුන් දැයි අඳුනාගත් හෙතෙම “සමාව අවසරයි ස්වාමීනි කරුණාකරන්ඩ” ඔහු උන් තැනින් විසිවී ඈ ඉදිරියට ගොස් දෙකට තුනට නැමුණේය. ඈ නිවෙසට ඇතුළු වූවාය. “සැලකුම් ගන්න ආව නෙමෙයි, මේ දරුව ආරක්‍ෂා කරන්ඩ කියල භාර දෙන්නයි ආවෙ. “අලය” මේ කුමාරය හොයනවා. ඒ ආදරේට නෙමෙයි”.

සියලු සතුරන් නසා ශ්‍රී ලංකාව පසු කලෙක එක් සේසත් කර ක්‍රි.ව. එක්දහස් හාරසිය තුන් වැන්නේ (1403) අභිෂේක ලබා දෙපනස් වසරක් රාජ්‍ය විචාල සවැනි පැරකුම්බාවන් හෙවත් හයවැනි පරාක්‍රමබාහු කුඩා අවධියේ එතුමාගේ මව් බිසවුන් වූ සුනේත්‍රා දේවිය විසින් අලයා ලෙසින් හඳුන්වන ලැබූ ඒ සමයේ කෝට්ටේ රජ කළ අලකේශ්වරයන්ගෙන් තම පුත් කුමරුන් ආරක්‍ෂා කර ගැනීමට අම්බුළුගල ගමරාලට (ගම්ප්‍රධානියාට) පවරනු ලැබූ බව කියැවෙන්නේ ඔන්න ඔය අන්දමටය.

(සුනේත්‍රා දේවියගේ සැමියා රාජවංශික “ළමැනි”ය. එතෙමේ කෝට්ටේ රාජ සභාවේ රාජකාරි කෙළේය. එවකට රජු වීර අලකේශරයන්ය. රජු සමග ළමැනිද චීනයට අල්ලා ගෙන යාමෙන් පසුව තමා චීන රජුට යටත්ව කප්පම් ගෙවමින් පාලනය ගෙනයන බවට පොරොන්දුවී ආපසු පැමිණි අලකේශ්වරයන් රජ කරන්නට වූව ද ළමැනිට ආපසු පැමීණීමට ඉඩ නොලැබිණි. යළි රජකමට පත් වීර අලකේශ්වරයන් විසින් තමාට එරෙහි විය හැකි බාධක ඉවත් කරනු වස් කිරුළට උරුමය තිබූ කුඩා කුමාරයා ඝාතනය කිරීමට උත්සාහ කර තිබේ.)

ගම් ප්‍රධානියා විසින් ඉන්පසු වැඩි ආරක්‍ෂාව පතා කුමාරයා පොල්වත්තේ ආචාරියාට භාරකරනු ලැබ ඇත. අධ්‍යාපනය සඳහා යවනු ලැබ ඇත්තේ වහරක්ගොඩ අට්ටාපිටිය පිරිවෙනටය.
එවකට අම්බුළුගල ඇතුළු නුවර ලෙසින් හැඳින් වූ ප්‍රදේශයේ වර්තමානයේ පවා විරාජමානව ඇති “දන්ත පාය” රාජමහා විහාරස්ථානය හය වැනි පැරකුම්බාවන් විසින් ඉදිකරන ලද්දකි. ධන්තපාය ලෙසින් හඳුන්වනු ලැබ ඇත්තේ මේ ස්ථානයේ දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර තිබූ හෙයිනැයි කියත්.

ලංකාවේ මෙතෙක් හමුවූ පැරණිම ගල් උළුවස්ස ඇත්තේ මේ විහාරස්ථානයේය. නර්තන රූප, ලිය වැල් පලා පෙතිවලින් අලංකෘත උළුවස්සෙහි සෞභාග්‍යයේ මූර්තිය වශයෙන් ගැනෙන ගජ ලක්‍ෂ්මී කැටයම නිර්මාණය කර තිබේ. ගජ ලක්‍ෂ්මී මූර්තිය දෙපැත්තේ සිටින ඇතුන් දෙදෙනකු විසින් සිය හොඬවැල්වලින් ලක්‍ෂ්මී දෙවඟනට වතුර ඉසින ස්වරූපය දැක්වෙන්නකි. පසු කලෙක සතර කෝරල ප්‍රාන්ත රජුගේ මාලිගාව පිහිටියේද අම්බුළුගලය. සතර කෝරලය යනු ගල්බඩ, කිණිගොඩ බෙලිගල් සහ පරණකුරු යන කෝරල වේ. සතර කෝරලයට වපසරිය වශයෙන් සැලකෙන්නේ වර්තමානයේ මාවනැල්ල, රඹුක්කන, දැදිගම, අරනායක සහ ගලිගමුව යන මැතිවරණ කොට්ඨාස වේ. සය වැනි පරාක්‍රමබාහු රජතුමා පුත්‍ර තනතුරේ තබා හදා වඩාගත් සපුමල් නමැති කුමාරයෙක් පසු කලෙක ප්‍රාදේශීය යුව රජු වූවේය. විහාරස්ථානය අස්ගිරිය මහනායන පදවි පරම්පරාවට අයත්වන්නකි. විහාරස්ථානයේ වර්තමාන භාරකාරත්වය සහ විහාරාධිකාරීත්වය අරම සුමනධම්ම නායක හිමියන් වහන්සේ අතින් ප්‍රශංසනීය අන්දමින් ස්වඅර්ථචර්යාවෙන් තොරව පරහිතකාමී සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික චිත්තයෙන්ම ඉටුකෙරේ.

විහාරස්ථානය ඉදිකළ හය වැනි පැරකුම්බා රජතුමාට ගෞරවයක් වශයෙන් එතුමාගේ ප්‍රතිමාවක් ලබන එකොළොස්වැනි (11) දින විහාරස්ථ භූමියේදී නිරාවරණය කිරීමේ උත්සවයක් පැවැත්වේ.

උඩරට රාජ්‍ය සහ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් විසූ මේ සතර කෝරලේ ප්‍රදේශය පිළිබඳ ඓතිහාසික තොරතුරු මෙතෙක් රැස් කළ ස්ථානයක් නොතිබීමේ විශාල හිදැස පුරවන්නට උන්වහන්සේ විසින් සකස් කරන ලද තොරතුරු මධ්‍යස්ථානයක් සහ පුස්තකාලයක්ද ඒ අවස්ථාවේදීම විවෘත කිරීමට නියමිතය.

මේ සද්කාර්ය පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුත්ත නම් මේ සියලු කට යුතු සඳහා,

“බරපැන” උන් වහන්සේගේ පෞද්ගලික ධනයෙන් දැරෙන බවය.

(ග්‍රන්ථ කර්තෘවරයකු සහ විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතිවරයකු වන ඩබ්ලිව්. ගාමිණී මහතාගෙන් ස්ථානය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ලද සහය ඉතා අගේ කොට සලකමි)

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

අලුත් ව්‍යවස්ථාවෙන් විධායක ජනපති ක්‍රමය අහෝසියි! ජනපති පාර්ලිමේන්තු එන්න සූදානම්!!

Next Post

අන්තර්ජාලය හරහා අලෙවි කටයුතු කරන්න ‘ACL shop online’

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News
Astrology

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යනතුරුම අපේ අතින් අත හැරෙන්නේ නැති, අපේ ජීවිතයේ සමීපතම සෙවණැල්ල බවට පත්ව ඇති...

Read more
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.