ඉදිරි කාලයේදී රටට හදුන්වා දීමට නියමිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පසුගිය සතිය වනවිට ආණ්ඩුවේ පාර්ලිමේන්තු ලොබියේ මැතිඇමැතිවරුන් අතර යම් කසුකුසුවක් ගොස් ඇති බව දැනගන්නට ඇත.
එම කසුකුසුවෙන් කියැවෙන්නේ ආණ්ඩුව හඳුන්වාදීමට නියමිත අලුත් ව්‍යවස්ථාව හරහා ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වාදීම සඳහා සාකච්ඡා වෙමින් පවතින බවකි.
එසේ වුවහොත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ ප්‍රශ්නය විසඳෙන බවත්, නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා විපක්ෂයේ සහයෝගය පවා ලබාගත හැකි බවත් එම සාකච්ඡාවලදී කතාවී ඇති බවක්ද දැනගන්නට ඇත.











