• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සෙංකඩගලපුරට මල් වැසි වස්සන ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය ඇරඹෙයි….

August 14, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
සෙංකඩගලපුරට මල් වැසි වස්සන ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය ඇරඹෙයි….
Share on WhatsAppShare on Facebook

මහනුවර ශ්‍රී දළදා මහා පෙරහැර මංගල්‍යය යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම ප්‍රසිද්ධ පෙරහැර මංගල්‍යයකි. ශ්‍රී ලංකාව තුළ කොයි තරම් පෙරහැර මංගල්‍යය තිබුණද මහනුවර ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය තරම් සංස්කෘතික අතින් මෙන්ම සහ කලාත්මක අතින් පිරිපුන් පෙරහැර මංගල්‍යයක් නොමැත. අගෝස්තු මාසයට මහනුවර පූජා භූමියට දෙස් විදෙස් සංචාරකයන් මෙන්ම බැතිමතුන් ලක්ෂ ගණනක් පැමිණෙන්නේ එම නිසාය. මෙවරද අගෝස්තු මස 05 සිට 14 වැනිදා දක්වා එසේ පැවැත්වෙන පෙරහැර මංගල්‍යය අවසන් වන්නේ 15 වැනිදාට සුබ මොහොතින් යෙදෙන මහවැලි නදියේ දිය කැපීමේ මංගල්‍යයත් සමඟිනි. මේ අතර පසුගියදා අප රටට එල්ල වූ පාස්කු ප්‍රහාරයත් සමඟින් මෙවර මහනුවර නඟරයට සහ දළදා පෙරහැර මංගල්‍යයට දැඩි ආරක්ෂාවක් ලබාදී ඇති බව සඳහන්ය.

මහනුවර ශ්‍රී දළඳා පෙරහැර පවත්වන සමයේම තවත් සුවිශේෂී පෙරහැර හතරක් ඊට සමගාමීව පැවැත්වෙයි. එනම් මහනුවර සතර මහා දේවාලයන් විසින් පැවැත්වෙන පෙරහැර හතරයි. අගෝස්තු මස හෙවත් නිකිණි මස පවත්වනු ලබන මෙම පෙරහැර මංගල්‍යය නැරඹීමට දෙස් විදෙස් සංචාරක බැතිමතුන් රැසක්ම මහනුවර නඟරයට පැමිණෙයි. දැනට ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන විශාලතම සහ ඓතිහාසික අතින් වැදගත්ම බෞද්ධ උත්සවය වන්නේ මෙයයි. අලි ඇතුන් මෙන්ම විවිධ වූ සංස්කෘතික අංග රැසකින්ම මෙම මහනුවර ශ්‍රී දළදා පෙරහැර සමන්විත අතර පෙරහැර මංගල්‍යයේ නිමාව සනිටුහන් වන්නේ දිය කැපීමේ මංගල්‍යයෙනි. අතීතයේ පටන්ම දිය කැපීමේ මංගල්‍යය සිදුකරනු ලබන්නේ මහවැලි නදිය ආශ්‍රිතව ඇති ගැටඹේ තොටේදීය.
අතීතයේ දෙවියන් උදෙසා පවත්වනු ලැබූ දේව පෙරහැරක් ලෙස පැවති මෙම සෙංකඩගල පෙරහැර මංගල්‍යයට මෙම දළදා පෙරහැර එක්වන්නේ දහඅට වැනි සියවසේදීය. ඒ කීර්ති ශ්‍රී රාජසිංහ නම් රජතුමාගේ මූලිකත්වයෙනි. කෙසේ වුවද වර්තමාන සමයේදී සෙංකඩගල පෙරහැර මංගල්‍යයේ ප්‍රධානම අංගය වන්නේද මෙම දළදා පෙරහැරයි. එයට අමතරව සිව්මහා දේවාලයේ පෙරහැර ලෙස නාථ දේවාලයේ පෙරහැරත් විෂ්ණු දේවාලයේ පෙරහැරත් කතරගම දේවාලයේ පෙරහැරත් පත්තිනි දේවාලයේ පෙරහැරත් පැවැත්වෙයි. කිත්සිරිමෙවන් රජු (ක්‍රි.ව.301-328) දවස ලක්දිවට දන්ත ධාතූන් වහන්සේ වැඩම කිරීමෙන් පසු දළදා වහන්සේ වෙනුවෙන් විවිධ පුද පූජා පැවැත්වූ බව සඳහන් වෙයි. මෙම මහනුවර ශ්‍රී දළදා පෙරහැරද එහිම දිගුවකි. දෙවැනි රාජසිංහ රජ දවස විසූ රොබට් නොක්ස් දුටු මහනුවර පෙරහැරක් ගැන ඔහු ලංකාව ගැන ලියූ ග්‍රන්ථයේ සඳහන් වෙයි. ඔහු එම සටහනේ දළදා වහන්සේ ගැන සඳහන් නොකරන අතර ඔහු පවසන්නේ තමා මහනුවරදී දුටුවේ දේව පෙරහැරක් බවයි. එහි අලි ඇතුන් හතළිස් ගණනක් සිටි බවත් රජුද අශ්වයකු පිට නැඟී සිය සෙනවියන් සමඟ පෙරහැරේ ගමන් කළ බවත් රොබට් නොක්ස් තම ග්‍රන්ථයේ සඳහන් කරයි. කෙසේ වුවද 1817 සහ 1818 යන වර්ෂයන්හි උඩරට කැරැල්ල නිසා අවලංගු කළ දළදා පෙරහැර නැවත ආරම්භ කළ බව සඳහන් වන්නේ 1828 වර්ෂයේදීය.

මහනුවර ශ්‍රී දළදා පෙරහැර ආරම්භ වන්නේ කප් සිටුවීමෙනි. කප් සිටුවීමෙන් පසුව මුලින්ම දින පහක් පුරා කුඹල් පෙරහැර පැවැත්වෙයි. පසුව හය වැනි දිනයේ සිට දළදා මාලිගාවේ සහ සිව්මහා දේවාලයේ පෙරහැර ආරම්භ වෙයි. අනතුරුව පැවැත්වෙන්නේ රන්දෝලි මහා පෙරහැරයි. රන්දෝලි යන්නෙහි තේරුම “දෙවියන්ගේ බිසෝවරු” යන්නයි. දළදා පෙරහැර පසුපසින් පිළිවෙළින් නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව්මහා දේවාල හතරේ පෙරහැර ගමන් කරයි. පෙරහැර ආරම්භ කරන්නේ නැකැතටය. ඊට සුබ වේලාවක් තිබේ. සුබ වේලාව ආ පසු වෙඩි ශබ්දයක් මඟින් පෙරහැර ආරම්භ කරයි. දළදා මාලිගාව අසලින් එසේ පෙරහැර ආරම්හ කර වීදි සංචාරය කිරීමෙන් පසු නැවත මාලිගාව වෙතටම පෙරහැර අවසානයේදී පැමිණෙයි. පෙරහැර මංගල්‍යය අවසන් වන්නේ දිය කැපීමෙනි.
දළදා පෙරහැර සමයේ එය සම්බන්ධව විවිධ වූ නිලතල හොබවන පුද්ගලයන්ද සිටියි. ඒ අතරින්ද නැකැත්රාළ ප්‍රමුඛය. දළදා පෙරහැරට අයිති සියලුරෑම කටයුතු සිදු කෙරෙන්නේ ඔහු පිළියෙළ කර ඇති නැකත්වලට සහ සුබ වෙලාවන්ට අනුවය. අනෙක් වැදගත් පුද්ගලයා කාරියකරවන කෝරාළයි. ඔහුට නියමිත කටයුත්ත වන්නේ දළඳා පෙරහැර පවත්වන දිනයන් සහ වේලාවන් ගම් දහයේ විදානේලාට දැනුම් දී කටයුතු සුදානම් කිරීමයි. අනෙක් සුවිශේෂී පුද්ගලයා වන්නේ දියවඩන නිළමේය. පෙරහැරේ මූලික කටයුතු සියල්ලම පැවරෙන්නේ ඔහු වෙතය. තවද පූජනීය දළදා වහන්සේගේ ගිහි භාරකාරයා වන්නේද මේ දියවඩන නිළමේතුමාය. එම පදවිය බෞද්ධ නායකත්වයේ එන සංකේතයක් ලෙසද පැවසීමේ වරදක් නැත.

මහනුවර ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැර දින පහක් පුරා වීදි සංචාරය කරයි. එහිදී කාරිය කරවන කෝරාළ දළදා මාලිගාව තුළ තිබෙන මුරායුධ, පලිහ, සේසත්, රිදී, උඩැක්කි, පන්තේරු සහ රීදී අත්පන්දම්, වඩන තල අතු, ආදිය පිරිසිදු කොට ඒවාද කුඹල් පෙරහැරේ වීදි සංචාරය කරවයි. ඊට ගම් දහයේ විදානේලාද සහභාගී වෙයි. රන්දෝලි පෙරහැර ආරම්භ වන්නේ පසුවය. රන්දෝලි පෙරහැර ආරම්භ කිරීමට ප්‍රථම මාලිගාවේ ප්‍රධාන දොරටුව අබියසදී කරඬුව ගෙනයන ඇතා සරසවනු ලබයි. නිළමෙලාද ඒ සඳහා සූදානමි වෙයි. එහිදී පළමු වෙඩි හඬත් සමග සිව්මහා දේවාල පෙරහැර මාලිගාව අසලට ගමන් කිරීම අරඹයි. එහිදී දළඳා මාළිගයේ හේවිසි මණ්ඩපයට එකතු වන පනික්කියෝ මාලිගාවේ දියවඩන නිළමේ එතැනට කැඳවාගෙන එයි. පසුව තූර්ය නාද මැද දළදා කරඬුව මංගල හස්තියා පිට තැන්පත් කරනු ලබයි. ඊට හේවිසි මණ්ඩපයේ සිටම පාවඩ එළයි. නැකැතට අනුව කරඬුව පාවඩ මතින් වැඩමවන්නේ දියවඩන නිළමේතුමන් විසිනි. මේ අතරතුර තවත් චාරිත්‍ර වාරිත්‍ර රැසක් සිදුවෙයි. පසුව ඇසෙන අවසාන වෙඩි හඬත් සමඟින් පෙරහැර ගමන් අරඹන අතර ප්‍රධාන දොරටුව ඉදිරියේදී දියවඩන නිළමේතුමන්ට සමන්පිච්ච මල් මාලාවක් පළඳවනු ලැබෙයි.

මහනුවර දළදා පෙරහැරේ මුලින්ම ගමන් කරනු ලබන්නේ කසකරුවන්ය. පසුව ගිනිබෝල කරුවන් සහ කොඩි ගෙනයන්නෝ දැකිය හැකිය. අනතුරුව ඇතකු පිට පෙරමුණේ රාළ ගමන් කරන අතර පසුව දවුල්, හොරනෑ, තම්මැට්ටම්, තාලම්පට, හක්ගෙඩිය යන තූර්ය භාණ්ඩවලින් සමන්විත හේවිසි කණ්ඩායම ගමන් කරයි. මේ අතර ඇතකු පිට නැගි ගජනායක නිළමේද දැකිය හැකිය. තවද පෙරහැර මධ්‍යයේ විවිධ සංස්කෘතික අංගයන්ට අයත් නර්තන අංග ගමන් කරනු ලැබෙයි. ඒ හැම නර්තන අංගයක්ම එකිනෙකට වෙනස්වන්නේ අලි ඇතුන්ගෙනි. මේ අතර අවසානයේ දෑලේ ඇතුන් පිරිවරා උතුම් දළදා කරඬුව රැගත් හස්ති රාජයා පාවඩ මතින් ගමන් කරන අතර ඊට පිටුපසින් මාලිගාවේ දියවඩන නිළමේතුමා සෙසු නිළමේවරුන් සමඟින් ගමන් කරයි. අනතුරුව සිව් මහා දේවාලයේ පෙරහැර හතර ගමන් කරනු ලැබේ. මෙවරද සුපුරුදු පරිදි උතුම් දළදා කරඬුව වැඩමවන්නේ නැදුන්ගමුවේ රාජාය. එමෙන්ම දෑලේ ඇතුන් ලෙස කතරගම වාසනා සහ ඉන්දි රාජා ගමන් කරනු ඇති බව සඳහන්ය.

සටහන – රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

මහ රෑ එජාපය හමුවෙයි

Next Post

කොණ්ඩදෙණිය හිමියන්ගේ අප්‍රකට වික්‍රම

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.