• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සුනාමියටත් සෙලවුණේ නැති මහා බලගතු සීනිගම

August 31, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සුනාමියටත් සෙලවුණේ නැති මහා බලගතු සීනිගම
Share on WhatsAppShare on Facebook

අපි දැන් ඉන්නේ ලංකාවේ අඩියේ. ඒ කියන්නේ යට. හරියටම කිව්වොත් නම් දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ. කතාවට කියන්නේ නම් මාතර කියන්නේ වැඞ්ඩොයි හඞ්ඩොයි රොඞ්ඩොයි ඔක්කෝම ඉන්න තැනක් කියලා. ඒත් අපි අද කතා කරන්නේ ඒ ගැන එහෙම නෙවෙයි. අපි මේ යන්නේ දේවාලයක් හොයාගෙන. ඒ තමයි සීනිගම දේවාලය. ගොඩාක් අය සීනිගම යන්නේ ඇයි කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ අතර සමහරු පලිගහන්න සීනිගම යනවා. තවත් අය ලෙඩ රෝග සුව වෙන්න කියලා සීනිගම යනවා. තවත් අය වැඳලා කරලා එන්න සීනිගමට යනවා. ඒත් අපි අද සීනිගම යන්නේ සීනිගම ඉතිහාසය සහ ඔය හාස්කම් ගැන හොයන්න. මොකද අපි අහලා තියෙනවා සීනිගම ඉතිහාසය හරි රහයි කියලා වගේම සීනිගම හාස්කම් බහුලයි කියලා.

අපි දැන් මේ ඉන්න සීනිගම දේවාලයටත් අනෙක් දේවාලවලට වගේ අධිගෘහිත එක්තරා දෙවිකෙනෙක් ඉන්නවා. ඒ තමයි දෙවොල් දෙවියෝ. අපේ කතරගම දෙවියෝ, සුමන සමන් දෙවියෝ, නාථ දෙවියෝ වගේ දෙවොල් දෙවියෝ කියන නම වැඩිය ප්‍රසිද්ධ නෑ. ඒත් සීනිගම කියපු ගමන් අපිට දෙවොල් දෙවියෝ මතක් වෙනවා. දෙවොල් දෙවියෝ අපේ රටේ දෙවි කෙනෙක් නෙවෙයි. දෙවොල් දෙවියෝ ඉන්දියාවේ. ඒ දෙවියෝ අපේ ලංකාවට ආපු හැටි ගැන හරි ලස්සන කතාවක් තියෙනවා. ඒ කතාවට අනුව නම් දෙවොල් දෙවියෝ ලංකාවට ගොඩ බැහැලා තියෙන්නේ දකුණු වෙරළ තීරයෙන්. ඒ කියන්නේ “සීනිගම” කියන ප්‍රදේශයට. පස්සේ කාලෙදී තමයි ඔය සිද්ධිය උඩ දෙවොල් දෙවියන් වෙනුවෙන් සීනිගම දේවාලය නමින් හාස්කම් පිරුණු දේවාලයක් හැදෙන්නේ. හරියටම ගණන් බැලුවොත් ගොඩබිම ඉඳන් මේ සීනිගම දේවාලය තියෙන්නේ අඩි තුන්සීයක් විතර එහායින් මුහුදට වෙන්න පොඩි දූපතක. ඒකට “දියඹ දේවාලය” කියලත් සමහරු කියනවා.

දෙවොල් දෙවියන් හා සම්බන්ධ පුරාවෘත්ත කීපයක් තියෙනවා. ඒ අතරින් විශ්වාස කරන්නේ ජනප්‍රවාදයේ තියෙන කතාවක්. ඒ කතාවේ දෙවොල් දෙවියන්ගේ ඉපදීම ගැන වගේම ලංකාගමනය ගැනත් පැහැදිලිව තියෙනවා. එදා දඹදිව කුදුප්පර කියන දේශයේ හිටපු “රාමසිංහ” නම් රජෙක්ට දාව ඔහුගේ බිසවකට “මහා සාමි” කියලා දරුවෙක් ඉපදිලා. ඒ දරුවා සෙල්ලක්කාරයෙක්. ඔය රාමසිංහ රජතුමාට හරියටම බිසෝවරු හතක් ඉඳලා තියෙනවා. ඒ හත්දෙනාටම රජතුමාගෙන් දරුවෝ ඉඳලත් තියෙනවා. ඒ හැමෝම අර මහා සාමි දරුවා වගේ සෙල්ලක්කාරයි. ඒ කිව්වේ දඟයි. කාලෙත් එක්ක දැන් දරුවෝ තරුණයි. දරුවොත් නෙවෙයි දැන් එයාලා කුමාරයෝ. කොහොමින් හරි ඔය හත්දෙනා රටේ මිනිසුන්ට හිරිහැර කරන්න පටන් ගන්නවා. මේකට රජතුමා කලබල වෙනවා. ඊට පස්සේ රජතුමා මහා සාමි එක්ක අනෙක් සියලුම කුමාරයෝ ටික රටින් පන්නලා දානවා. ඒත් මුහුද මැදදි ඔවුන්ගේ නැව අනතුරට පත්වෙනවා. ඒත් වාසනාවකට වගේ කුමාරවරු බේරෙනවා. ඒත් ඔවුන් මුහුද මැද අතරමං වෙනවා. ඔය සිද්ධිය මුහුදු මණිමේඛලාව දැකලා එයා සිද්ධිය සක්‍ර දෙවියන්ට කියනවා. පස්සේ සක්‍ර දෙවියෝ ඒ අයව බේරගන්නවා.

සක්‍ර දෙවියන්ගේ පිහිටෙන් කුමාරයෝ හත්දෙනා ටික දවසකින් එන්නේ ලංකාවට. ඒ දවස්වල අපේ රටේ දෙවියන්ගේ මුල් පුටුවේ ඉඳලා තියෙන්නෙ පත්තිනි මෑණියෝ. කොහොමින් හරි ඇය ගිනි කඳු හතක් මවලා කුමාරයන්ව බයකරලා තියෙනවා. ඒත් කුමාරයෝ ටික ඒ ගිනි කඳු හතින් ඇවිත් තියෙනවා. අන්න එහෙම ආපු හත්දෙනාගෙන් මහා සාමි තමයි පස්සේ ඔය දේවත්වයට පත්වෙලා අන්තිමේ දෙවොල් දෙවියෝ වෙලා තියෙන්නේ. සීනිගම දේව පුරාණයෙත් ඔය ටික ඔය විදියටම තියෙනවා කියලා ආරංචියි. එතකොට මහා සාමි එක්ක ආපු අර අනෙක් පිරිස ලංකාවේ විවිධ වූ ප්‍රදේශවල ජනාවාස පිහිටුවා ගන්නවා. කොහොමින් හරි කාලයත් එක්ක ඔන්න දෙවොල් දෙවියන් නමින් සීනිගම දේවාලයක් හැදෙනවා.

සීනිගම දේවාලයට තියෙන්නේ ඉතා පැරැණි දිගු ඉතිහාසයක්. ඒත් එක්කම දෙවොල් දෙවියෝ රාවණගේ පෙළපතින් එන කෙනෙක් කියලත් කියනවා. හැබැයි ඒ කතා දෙකම අපි එකපාරම විශ්වාස කරන්නේ නෑ. ඔය අතරේ කලින් ආත්මයක දෙවොල් දෙවියෝ පත්තිනි මෑණියන්ගේ වැඩිමහල් සහෝදරියක් වෙලා හිටපු කතාවකුත් තියෙනවා. මේ දෙවොල් දෙවියෝ නක්ෂත්‍ර දන්න දක්ෂ පළපුරුදු වෙදදුරෙක් බවත් පැවැසෙනවා. එතකොට ඔය රෝගී මිනිසුන්ට ආශීර්වාද කරලා ඒ රෝගීන් සුවපත් කරන දෙවියකු විදියටද මෙම දෙවියෝ හැඳින්වෙනවා. ඒත් දෙවොල් දෙවියෝ ගොඩාක් ප්‍රසිද්ධ වැරැදිකරුවන්ට දඬුවම් දෙන එකට.

අපේ ගොඩාක් මිනිස්සු මෙහෙම සීනිගම යන්නේ දෙවියන්ට කතාකරන්න. ඒ කියන්නේ තමන්ට වෙලා තියෙන දුක් කරදර ගැන කියන්න වගේම නැතිවෙලා ගිය සමහර දේවල් ගැන කියන්න. ඔය අස්සේ සමහරු පලිගැනීම් කරගන්නත් සීනිගම පැත්තේ යනවා. ඒකට කියන්නේ මිරිස් අඹරනවා කියලා. එතකොට හොඳ කරන්න බැරි ලෙඩ රෝගත් සීනිගම දේවාලෙට ගියාම සුවවෙනවා කියලා කියනවා. එහෙම බැලුවම සීනිගම දෙවොල් දෙවියෝ කියන්නේ අපේ මිනිසුන්ගේ දුක අහන්නම මෙහෙට පැමිණිය දෙවි කෙනෙක්ද කියලත් හිතෙනවා. සීනිගම මිරිස් අඹරපු ගල එදා වගේම තාම තියෙනවා. එතකොට එදා රෝග සුවපත් කරන්න පැන් ලබාගත්තු ළිඳත් තියෙනවා. මොන ඉඩෝරයක් ආවත් ඒ ළිඳ නම් හිඳෙන්නේ නෑ. ඒ වගේම මුහුද මැද කපලා තිබුණත් ඒ ළිඳේ වතුර කිසිම කිවුල් රහක් නෑ. ඒකත් එක්තරා හාස්කමක්. එදා සීනිගම දේවාලය සත් මහල් ප්‍රාසාදයක් විදිහට අපේ වසභ රජතුමා හැදුවා කියලා කියනවා. ඒත් ඒක සුද්දෝ කඩනවා. පස්සේ අපේම අය තමයි සීනිගම දේවාලය ආයෙත් හදන්නේ. කොහොම හරි අදටත් ඉතුරුවෙලා තියෙන්නේ ඒ හදපු සීනිගම දේවාලය තමයි.

කොහොම හරි සුද්දෝ කඩපු ආයෙත් අපේ අය හදපු දේවාලය ජනතාවට වන්දනාමාන කරන්නට සුදුසු පරිසරය නිර්මාණය වෙන්නේ 1964 වර්ෂයේ කියලයි කියන්නේ. දේවාල සම්ප්‍රදායට අනුව වසර පහකට වතාවක් සීනිගම දේවාලයේ භාරකාරත්වය තීරණය කරනවා. හැබැයි ඒක කරන්නේ ඡන්දයකින් නම් නෙවෙයි. ඇත්තටම ඒක කරන්නේ ඔය සුදුසුකම් අනුව බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාගේ නිර්දේශය උඩ. කොහොමින් හරි සීනිගම දේවාලයේ ජයටම සිද්ධ වෙන්නේ මිරිස් අඹරන එක. හැබැයි මෙතැනදී ගෙදර මිරිස් අඹරන හැටියට මිරිස් අඹරන්න බෑ. ඒ නිසා අපි ඒක එතැන ඉන්න කෙනෙක්ගෙන් ඇහුවා. එයා අපිට මෙහෙම කිව්වා.

“මෙතැන මිරිස් අඹරන විදිහ හරි වෙනස්. ගෙදර මිරිස් අඹරනවා වගේ අඹරන්නේ නෑ. ඇඹරුම් ගල ඉහළට අඹරගෙන ගිහින් නැවත නැවත පහළට අඹරන්නේ නෑ. මොකද එහෙම කළොත් පලිගැසීම් ආපිට එනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඔය පලිගසන අයගේ ප්‍රාර්ථනාවන්ට අනුව වැරැදිකරුවන්ට එක එක දඬුවම් ලැබෙනවා. හුඟාක් අය දුර ඉඳන් සීනිගම ඇවිත් මිරිස් අඹරන්නේ ඒකයි. ඒ අයගේ ප්‍රාර්ථනා එහෙම කළොත් ඉටුවෙනවා. එහෙම ඉටුවෙන අය ආයෙත් සීනිගමට ඇවිත් ඒ බාර ඔප්පු කරනවා.”

ඔබට මතකද 2004 අවුරුද්දේ අග භාගයේ අපේ රටට ආපු සුනාමිය. අන්න ඒක සීනිගමටත් ආවා. ඒත් හාස්කමකට වගේ සීනිගම දේවාලය තියෙද්දි සීනිගම හෝදන් ගියා. ඒත් දේවාලයට මුකුත්ම වෙලා තිබුණේ නෑ. අනෙක් කාරණය තමයි අඹරන මිරිස් සමග අබ, ගම්මිරිස් ඇට සහ සුදුලූනු ගෙඩියකුත් තියෙනවා. ඒ ටික තමයි අඹරන්න තියෙන්නේ. ඒ අඹරන ගමන් තමයි සමහරු දරුණු විදිහේ ප්‍රාර්ථනා එහෙම කරන්නේ. සමහරු නම් මිරිස් අඹරලා තව පොල් එහෙමත් ගහනවා.

සීනිගම දේවාලේ තමයි ලෝකයේ පළමු වගේම එකම මණිමේඛලා දේව රූපය තියෙන්නේ. ඔය කියපු මණිමේඛලා දේවතාවිය දෙවැනි පත්තිනි මෑණියන්ට විතරයි කියලා කියනවා. ඇත්තටම මණිමේඛලාවන් වෙත වරම් දෙන්නේ පත්තිනි මෑණියන්. මණිමේඛලා කියන්නේ මුහුදට අධිපති දෙවඟනක් කිව්වොත් හරි. සීනිගමත් ලොකුවටම පෙරහැරක් තියෙනවා. කතරගම වගේම මහනුවර දළදා පෙරහැරට පස්සේ ශ්‍රී ලංකාවේ ඊළඟ ලොකුම පෙරහැර මංගල්‍ය තියෙන්නේ සීනිගම. දැන් සීනිගම පෙරහැර පටන් අරන් අවුරුදු පනස්එකක් වෙනවා. ඒ පෙරහැරත් සංස්කෘතික අංගයන් රැසක්ම තියෙන පෙරහැරක්. මෙදා සීනිගම පෙරහැර මංගල්‍ය පටන් ගන්නේ අගෝස්තු 29 වැනිදාට කරන පරිත්‍රාණ ධර්ම දේශනාවකින්. අගෝස්තු 31 වැනිදා පළමුවැනි පෙරහැර තියෙනවා. සැප්තැම්බර් 03 වැනිදා තමයි අන්තිම පෙරහැර වීදි සංචාරය කරන්නේ. සැප්තැම්බර් 04 වැනිදා තියෙන්නේ දෙවොල්මඩු ශාන්ති කර්මයක්. සීනිගම පෙරහැර මංගල්‍ය අවසන් වෙන්න නියමිත සැප්තැම්බර් 05 වැනිදාට පැවැත්වෙන ගිනිමැල හත තරණය එක්ක. ඉතින් අගෝස්තු නිවාඩුවට සීනිගම දේවාලේ පැත්තේ එනවා නම් ඔන්න මෙදා සැරේ නම් පෙරහැරත් බලලා යන්න පුළුවන්.

රුවන් එස්. සෙනෙවිරත්න

SendShareShare
Previous Post

එදා සහ අද වන්දනාවේ වෙනස

Next Post

මෙතැන නෝ පාකින්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.