• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සුද්දන් සතුටු කර හෙළයන්ට මරු කැඳවූ හම්බන්තොට මාරයා

March 28, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සුද්දන් සතුටු කර  හෙළයන්ට මරු කැඳවූ හම්බන්තොට මාරයා
Share on WhatsAppShare on Facebook

එදා අපේ රටේ එල්ලුම් ගස් දෙකක් තිබිණි. ඒ බෝගම්වර සහ වැලිකඩය. නමුත් අද එය එකක් දක්වා පහතට වැටී තිබේ. ඒ අනුව වත්මන් එල්ලුම් ගස ඇත්තේ අපට ආරංචි පරිදි වැලිකඩ බන්ධනාගාරයේ චැපල් එකේ සී තුන කාමරයේය. නමුත් එයද අද ඇත්තේ හතළිස්තුන් වසරක් පුරාවටම දූවිලි වැසෙමිනි. මන්ද එය දැන් දිගු කලක් භාවිතයට නොගෙනම ඉතා පැරණි කෞතුක භාණ්ඩයක් සේ පෙනෙන්නට තිබේ. මේ අතර පසුගිය සමයේ හම්බන්තොට ඇති එල්ලුම් ගසක් පිළිබඳවද රාවයක් පැතිරුණි. ඒ අනුව අපද ඒ පිළිබඳව සොයාබලන්නට විය. සැබෑවටම එම කතාව සත්‍යයකි. ඊට හේතුව ඉතා පැරණි එල්ලුම් ගසක් හම්බන්තොට මුහුදුබඩ ප්‍රදේශය තුළ අදටත් දැකගන්නට තිබේ.

අපේ රටේ වැඩි දෙනෙක් නොදන්නා බි්‍රතාන්‍ය පාලන කාලයේ තිබූ බව කියන මෙම හම්බන්තොට එල්ලුම් ගස අද වෙන විට හුදකලාවේ දිරාපත් වෙමින් පවතියි. සැබෑවටම එය සංරක්ෂණය කළ යුතුය. හම්බන්තොට ඇති මෙම එල්ලුම් ගස අඩි 25ක් පමණ උස එකකි. එහි විෂ්කම්භය සෙන්ටිමීටර් 104කි. එය නිර්මාණය කර ඇත්තේ කිතුල් කඳකිනි. අද වෙන විට එල්ලුම් ගසේ ඉහළ කුලුන දිරාපත් වී ඇත. යකඩ කණුව රඳවා ඇති යකඩ පට්ටමේ උස සෙන්ටිමීටර් 28ක් පමණය. එවකට හම්බන්තොට නගරයේ උසම ස්ථානයේ මෙම එල්ලුම් ගසා පිහිටුවා ඇති අතර බි්‍රතාන්‍ය පාලන සමයේ හම්බන්තොට උසාවියේ විභාග කරන ලද නඩුවලින් මරණ දඬුවම නියම වූ වැරදිකරුවන් මෙම හම්බන්තොට එල්ලුම් ගස භාවිතයෙන් මරා දැමූ බව සඳහන්ය.

මුලින් සඳහන් කළ ආකාරයට හම්බන්තොට එල්ලුම් ගසේ ඉතිහාස කතාව යටත්විජිත යුගය දක්වා දිගුය. 1818 වසරේ නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ කොහුකුඹුරේ රටේ රාල පවා මරා දමා ඇත්තේ මෙම හම්බන්තොට එල්ලුම් ගස භාවිතයෙන් බව සඳහන්ය. මේ අතර මෙහි තවත් විශේෂත්වයක් තිබේ. ඒ හම්බන්තොට එල්ලුම් ගසේ එකවර සිවුදෙනෙකු එල්ලා මැරීමට ඇති හැකියාවයි. ලෙනාඩ් වුල්ෆ්ගේ වාර්තාවලට අනුව ඔහු තම නිල නිවෙසේ ජනේලයක් හරහා මෙම එල්ලුම් ගස නිතර නිතර බලන්නට පුරුදුව සිට තිබේ. ඔහුගේ වාර්තාවල සඳහන් ආකාරයට ඔහුගේ නිල කාලය වෙන වර්ෂ 1908 සිට 1911 දක්වා කාලය තුළ මෙම එල්ලුම් ගස භාවිතයෙන් හත්දෙනෙක් එල්ලා මරා ඇති බව සඳහන් වෙයි.

හම්බන්තොට දකුණු තුඩුවේ කෙළවර මුහුදු වෙරළට සමීපව පිහිටා ඇති මෙම එල්ලුම් ගස පසු කලෙක ධජ කණුවක් ලෙසද භාවිතා කර ඇති බව සඳහන්ය. මටෙලෝ කුලුන, පැරණි දිසාපති නිල නිවෙස, මාගම්පුර කෞතුකාගාරය සහ මෙම එල්ලුම් ගස ඉතා සමීපව පිහිටා ඇත. නමුත් මටෙලෝ කුලුන, පැරණි දිසාපති නිල නිවෙස, මාගම්පුර කෞතුකාගාරය යන ස්ථාන සොයාගැනීම ඉතා පහසු වුවද එල්ලුම් ගස සොයාගැනීම තරමක් අපහසුය. ඊට හේතුව එය ඇති ස්ථානයයි. එහෙත් මාගම්පුර කෞතුකාගාරයට එහා ඇති පැරණි දිසාපති නිල නිවෙසේ තාප්පය අසල අඩිපාරේ මීටර් සියයක් පමණ ඉදිරියට ගමන් කළොහොත් මෙය පහසුවෙන්ම ඒ අසලටම ගොස් නැරඹිය හැකිය.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් වීමත් බුදුදහම තුළ අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් පැවතීමත් නිසා අප රටේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දැන් බොහෝ අය කැමති වන්නේ නැත. නමුත් අතීතයේදී ශ්‍රී ලංකාවේද මරණ දඬුවම හෙවත් එල්ලුම් ගස පැවතුණි. එසේ පැවතීමට එදා රජ කාලයේ පැවති දරුණු දඬුවම් ක්‍රම වූ උල තැබීම, ඇතුන් ලවා පෑගීම, තෙල් කටාරම් තුළට දැමීම වැනි දඬුවම් ක්‍රම ඉවහල් වූ බවද සිතිය හැකිය. ඒ අනුව එල්ලුම් ගසද එම දඬුවම් ක්‍රම කිහිපයේම දිගුවකි. මෙවැනි දඬුවම් ක්‍රම නිසා එදා ජන සමාජයේ දඬුවමට ඇති බිය වර්ධනය වී මිනිසුන් මෙවැනි වැරදි ක්‍රියාවලට උනන්දු නොවූ බව පැහැදිලිය. එහෙත් අද සමාජය තුළ එවැනි දඬුවම් ක්‍රම නැත. අද ශ්‍රී ලංකාව තුළ දිය හැකි බරපතළම සහ දරුණුතම දඬුවම වන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමයි. එම නිසා හම්බන්තොට එල්ලුම් ගසද ඇතුළුව අපි දන්න නොදන්න සියලුම එල්ලුම් ගස් දැන් අයිති අතීතයටම පමණි.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

කොවිඩ්-19 එන්නත්කරණය ඩිජිටල් ක්‍රමයට

Next Post

මහජන බැංකුවේ සංවත්සරයට මැදිරිගිරියට වී ගබඩාවක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.