ජාතික තොරතුරු සහ සන්නිවේදන සැපයුම්කරු වන SLT-MOBITEL, කොළඹ මහ නගර සභාවේ තොරතුරු තාක්ෂණ අංශය හා එක්ව මොබිටෙල් eChannelling ඔස්සේ කොවිඩ්-19 එන්නත්කරණය සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ නවතම වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
මෙහි පළමු අදියරේදී වයස අවුරුදු 60ට වැඩි, කොළඹ මහ නගර සභා බල සීමාවේ වෙසෙන වැඩිහිටියන්ට මෙම සේවාව නොමිලයේ ලබාගත හැක.
ශ්‍රී ලාංකිකයින් නවීන තාක්ෂණයෙන් සවිබලගැන්වීමට කැපවී සිටින අප සමාගම, කොළඹ මහ නගර සභාවත් සමඟ අත්වැල් බැඳගනිමින් මෙම නවතම වැඩසටහන ආරම්භ කිරීම පිළිබඳව අපි මහත් සතුටට පත්ව සිටිමු.
විශේෂයෙන්ම කොවිඩ් මර්දන ජාතික සටන හා බැඳුණු මෙවැනි වැඩසටහන් සඳහා අපි ඉහළ ප්‍රමුඛත්වයක් ලබාදෙනවා.
පළමු අදියරේදී මෙම සේවාව කොළඹ නගරයට පමණක් සීමා වුණත්, එන්නත්කරණ ක්‍රියාවලියේ ව්‍යාප්තියත් සමඟ නුදුරේදීම මෙය දිවයිනපුරා ව්‍යාප්ත සේවාවක් ලෙස හඳුන්වාදීමට අපි කටයුතු සිදුකරනවා”, යනුවෙන් මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා ප්‍රකාශ කළේය.