මහජන බැංකුව සිය 60 වැනි සංවත්සරයට සමගාමීව ආයතනික සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙස ඉදිකළ මැදිරිගිරිය වී ගබඩා සංකිර්ණය පසුගියදා රජයේ අයිතියට භාරදෙන ලදී.
ඒ අනුව මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා අතින් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.එම්.අයි. කරුණාරත්න මහතා වෙත නිල වශයෙන් මෙහි යතුරු භාරදීම සිදුකෙරිණි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් ලෙස ගනුදෙනුකරුවන්ට මූල්‍ය පහසුකම් ලබාදීමෙන් නොනැවතී සමාජ ආර්ථික සංවර්ධනය තුළින් පොදු ජනතාව නඟාසිටුවීමේ වැඩපිළිවෙළේ එක් අංගයක් ලෙස මහජන බැංකුව ඉදිකළ මෙම වී ගබඩා සංකීර්ණයේ වී මෙටි්‍රක් ටොන් 1500ක් ගබඩා කිරීමේ පහසුව ඇත.











