• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සීතාවක රාජසිංහ රාවණගේ දෙවැනි උපතද

July 25, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සීතාවක රාජසිංහ රාවණගේ දෙවැනි උපතද
Share on WhatsAppShare on Facebook

හරි ලස්සනට නිල් පැහැයට හුරු දුඹුරු පාටකින් මුල්ලේරියා කුඹුරු යායේ පැතිර තිබූ ජල තට්ටුව එක දවසක් මඩ පැහැය මුසුවූ රතු ලේ පාටින් වර්ණ ගැන්වුණා. ඒ දවස අවසන් තත්පරය වෙද්දි ගිනිබට, කඩු, කිණිසි, දඬුමුගුරු අතර දහස් ගණනක් පෘතුගීසි බටයන්ගේ සිරුරු විසිරී තිබුණා. ලංකා භූමිය බලෙන් අත්පත් කරගෙන රටටත්, ජනතාවටත් වින කරපු, පිටදේශක්කාර බලවත් හමුදාවක් ඒ විදිහට මඩගොහොරු වෙච්ච කුඹුරු යායක් මැද බින්දුවට වට්ටන්න තමන්ගේ මව්බිමට තමන්ගේ මිනිසුන්ට ආදරය කරපු නිර්භීත සිංහලයකුට හැකියාව ලැබුණා. ඒ නායකයා එහෙමත් නැත්නම් රජු තමයි සීතාවක රාජසිංහ. එහෙමත් නැත්නම් මායාදුන්නේ රජුගෙ පුතා ටිකිරි කුමාරයා.

පරද්දන්න පන්නන්න බැහැ කියපු පෘතුගීසි හමුදාවත් එහෙම එකම තැනකදි සමූල ඝාතනය කරලා දිනන්න සීතාවක රාජසිංහ රජුට හැකියාවක්, ශක්තියක් ලැබුනෙ කොහොමද. මේ අද්විතීය නායකයාගේ බලපරාක්‍රමය තේරුම් ගන්නට බොහෝ හේතු සාධක කරුණු කාරණා අපට ඉතිහාසෙන් හමුවෙනවා. ඒ අතර අතිදක්ෂ දුනු ශිල්ප, කඩු ශිල්ප හැංගිලා තිබිලා තියෙනවා. ඒ තමයි අංගම් සටන් ශිල්පය. නිල බලලා මැරෙන්න පහර දෙන්න වෙඩි උණ්ඩයකින් වුවත් සූක්ෂමව බේරෙන්න හැකියාව ඇති. ක්ෂණයකින් පිරිසකට වර පහර දෙන්න වගේම නොසිතූ විරූ හපන් කරන්නට හැකි අංගම් සටන් කලාව මෙරට ප්‍රෞඪත්වයේ අභිමානවත් උරුමයක්. එහෙම වටිනාකමක් තිබ්බ අංගම් සටන් කලාවේ පරතෙරට දැන සිටි ටිකිරි කුමාරයාට සිය සේනාවත් සමඟ දහස් ගණනක් වූ පෘතුගීසි හමුදා සමූල ඝාතනය කොට දිනන්න තවත් විශේෂිත හැකියාවක් තිබුණා. ඒ තමයි කුණ්ඩලනී ශක්තිය භාවිතා කර වැඩ කිරීමේ හැකියාව.
මෙරට ඉතිහාසයේ කුණ්ඩලනී ශක්තිය තිබූ එකම නායකයා ලෙස සැලකෙනුයේ මහා බල රාවණයන් පමණයි. ලෝකයේ කිසිවකු ගුවන් යානා ගැන සිහිනයක්වත් නොදකින යුගයක ගුවන් යානයකින් ගමන් ගිය මහා රාවණ විටෙක සිය බලයෙන් විශ්වයම තම පාලනයට නතුකරගත් බවත්, ඒ සඳහා යොදාගත් ස්ථාන පිළිබඳවත් ජනප්‍රවාදයන්හි අනන්තවත් තොරතුරු හමුවෙනවා. එසේ මහ බලයක් රාවණ රජුට ලැබුණේ කුණ්ඩලනී ශක්තිය භාවිතා කිරීමේ හැකියාව නිසයි.

එදා රාවණ රජුට පමණක් තිබූ ඒ විශ්මිත හැකියාව තිබුණු දෙවන සහ අවසන් රාජ්‍ය නායකයා මහාබල සීතාවක රාජසිංහ රජු බවත් ජනප්‍රවාදයන්හි පැවසෙනවා. රාවණ රජුට පමණක් තිබූ මේ මහා ශක්තිය සීතාවක රාජසිංහ රජුට ලැබීමත් රහසක්. ඒ වගේම සීතාවක රාජසිංහ රජුගේ උපත ගැනත් විශේෂ කතා රැසක් කියැවෙනවා. මායාදුන්න රජුගේ බිසවට ටිකිරි කුමාරයා එහෙමත් නැත්නම් සීතාවක රාජසිංහ ලැබෙන්න ඉද්දි ඇතිවූ දොළදුක් සාමාන්‍ය දොළදුක්වලට බොහෝ සෙයින් වෙනස් ඒවා බවත් පැවසෙනවා. එනිසාම ටිකිරි කුමාරයා නමින් යළි ඉපදී ලංකාද්වීපය බේරාගන්නට කටයුතු කළේ මහාරාවණ රජු බවට ජනප්‍රවාදයේ පැවසෙනවා. එනිසාම පරසතුරන් පරාජය කිරීමේ මහා බලයක් ටිකිරි කුමරුට ලැබුණු බවටත් විශ්වාසයක් පවතිනවා.

කෙලෙස කොහොම රට, ජාතිය වෙනුවෙන් සටන්වැද මව්බිම බේරා ගත්තද සීතාවක රාජසිංහ රජුගේ ජීවිතයද අවසන් වෙන්නේ අබිරහසක් ඉතිරි කරලා. ඒ තමයි සීතාවක රාජසිංහ ඇත්තටම විෂ උණ කටුවක් ඇනිලා මියගියාද, එසේත් නැත්නම් අද වගේම එදත් වාසියට වහල්වූ සිංහලයා රජුගේ ජීවිතය වනසා රට පාවා දෙන්නට පරදේසක්කාරයින්ට ගැතිකම් කළාද යන්නයි.

එසේ නම් වසර දහස් ගණනක් ඈත දවසක රාවණට ජීවිතය අහිමි වුණේත් ඉන් වසර ගණනාවකට පසු සීතාවක රාජසිංහ රජුට ජීවිතය අහිමි වන්නේත් තමාගේම යැයි තමන් විශ්වාස කළ මිනිසුන්ගේ අතින්මය. එසේ වුවද මේ පින්බිමේ ආරක්ෂාව අනතුරේ වැටෙන හැම යුගයකම රාවණලා සීතාවක රාජසිංහලා යළි යළිත් උපදිනු ඇත. ඔවුහු මෙ රට අනතුරින් ගලවා ගනු ඇත. ඒ අතරේ පාවා දෙන්නවුන්ද ආයෙ ආයෙත් උපදින්නට බැරි නැත. ඔවුන්ද යළි යළිත් සිය දේශය පිටදේශක්කාරයින් හමුවේ පාවාදෙනු ඇත. තමන්ගේම වුන්ට ද්‍රෝහී වනු ඇත. විශ්ව ස්වභාවය එයම නම් වටහා ගතයුත්තේ කිසිවක් කිසිවකින් අවසන් කළ නොහැකි බව පමණකි.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

දුෂ්ටකමේ සෞන්දර්ය සොයා රත්මලානට

Next Post

කුවේණිට නෑකම් කියන වැදි රැහේ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.