• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සසර දුකෙන් අසරණ වූ මිනිසුන්ගෙ පිහිටට මෛත‍්‍රී බුදුන් පහලවෙයි

June 22, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සසර දුකෙන් අසරණ වූ මිනිසුන්ගෙ පිහිටට මෛත‍්‍රී බුදුන් පහලවෙයි
Share on WhatsAppShare on Facebook

‘මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා’ මේ, වර්තමානයේ බෞද්ධයාගේ එකම පැතුම යැයි පැවැසුවද වරදක් නැත. සියලූ දෙනාගේම අරමුණ වී ඇත්තේ මෛත‍්‍රි බුදුරජාණන්වහන්සේගේ ශාසනයේදී හෝ නිර්වාණ මාර්ගය අවබෝධ කරගෙන සසර ගමන එතැනින් අවසන් කරගන්නටය. ඒ සදහා සෑම බෞද්ධයකුම පෙරමග බලා සිටිනුයේ කවදා කොහේදී කෙලෙස මෛත‍්‍රි බුදුන් පහළ වේදැයි සිතමිනි.

මෙම මහා භද්‍ර කල්පයේ පහළ වන අවසන් සම්මා සම්බුදුරජාණන්වහන්සේ ලෙසින් මෛත‍්‍රි බුදුන්වහන්සේ පහළ වීම සිදුවන බව අනාගත වංශ දේශනාවේ සදහන් වේ. මෛත‍්‍රි බුදුන්ගේ පහළවීමෙන් කලකට පසුව මේ පොළෝ තලය විනාශ වී නැවතත් බොහෝ කාලයක් ගතවීමෙන් පසු යළිත් පොලෝ තලයක් සකස් වුවද එතැන් පටන් නැවත කොපමණ කල්ප ප‍්‍රමාණයකින් බුදුවරයකු පහළවේද යන්න නිශ්චිත නියමයක් නොවේ. ඊට හේතු වන්නේ බුද්ධ ශුන්‍ය කල්ප ප‍්‍රමාණය ඉතා අධික වීමය.

කෙසේ නමුදු මේ පොළෝ තලයේ ජීවත්වන ඉපදුණු උපදින සියලූ දෙනාටම බුදුවරයකු දැකීමේ වාසනා මහිමය ඇති බව වටහාගත යුතුය. ඒ මෛත‍්‍රි බුදුන්වහන්සේගේ පහළවීමෙනි. උන්වහන්සේගේ පහළ වීම සම්බන්ධයෙන් අප මහා ගෞතම බුදුන්වහන්සේ බුද්ධ වංශ දේශනාව අවසානයේදී සැරියුත් මහරහතන්වහන්සේගේ අයැදීම මත සිදුකළ අනාගත වංශ දේශනාවට අනුව ගෞතම බුද්ධ ශාසනය ක‍්‍රමයෙන් පරිහානියට පත්ව ලෝකයෙන් තුරන්වීමත් සමග ක‍්‍රමයෙන් මිනිසුන්ගේ පරිහානිය සිදුවනු ඇත. ඊට අනුරූපව මිනිසාගේ ආයු ප‍්‍රමාණය අඩුවෙමින් ගොස් අවසානයේ මිනිස් ආයුෂ දස වසරකට සීමාවනු ඇත. එයින් මතු යළිත් මිනිසාගේ ගුණධර්ම වර්ධනය වීමට පටන්ගන්නා අතර, ඒ හා අනුරූපව මිනිසාගේ ආයු ප‍්‍රමාණය යළිත් වර්ධනය වන්නට පටන් ගන්නා අතර අවුරුදු අසංඛ්‍ය ප‍්‍රමාණයක් දක්වා එම ආයුෂ වර්ධනය වන බවත් බුද්ධ දේශනාවේ සදහන් වේ. එයින් මතු යළිත් ගුණධර්ම පිරිහී ආයුෂ ප‍්‍රමාණය අවුරුදු අසූ දහසකට පැමිණෙන කාලයේදී මෛත‍්‍රි බුදුන්වහන්සේ ලොව පහළවන බවද බුද්ධ දේශනාවේ සදහන් වේ.

උන්වහන්සේගේ පරම ආයුෂ අවුරුදු අසූදහසකි. මෛත‍්‍රි බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ශාසනය අවුරුදු එක්ලක්ෂ අසූදහසක් තරම් කාලයක් ලොව පවතින බවද සදහන් වේ. උන්වහන්සේ වීර්යය අධික බුදුවරයකු බැවින් පළමු නියත විවරණයෙන් පසු සොළොසාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සමතිස් පාරමිතා සම්පූර්ණ කර ඇත. ඒ අනුව අප මහා ගෞතම බෝධිසත්වයන් පාරමිතා පුරන්නට බොහෝ කලකට පෙර සිටම මෛත‍්‍රි බෝධිසත්වයන් පාරමිතා ධර්ම සම්පූර්ණ කිරීමට උත්සාහවත් වී තිබේ.

මේ වන විට සියලූ පාරමිතා පුරා අවසන් කර ඇති මෛත‍්‍රි බෝධිසත්වයන් වහන්සේ තුසිත දෙව්ලොව වාසය කරන්නේය. එය සියලූ බුදුවරයන්වහන්සේලාට පොදු වූ ධර්මතාවකි. උන්වහන්සේ එලෙස දසදහසක් දෙව් බඹුන්ගේ ආරාධනාවෙන් පස්මහ බැලූම් බලා අජින නම් ලොව පහළවීමට නියමිතය. උන්වහන්සේ පහළවීමට නියමිත කාලයේදී බරණැස් නුවර ධන ධාන්‍යයෙන් ස්වයංපෝෂිත කේතුමතී නම් නගරයක් නිර්මාණය වී තිබෙන බවත්, සංඛ නම් සක්විති රජකෙනකු එය පාලනය කරන අතර, ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සුබ‍්‍රහ්ම නම් පුරෝහිත බ‍්‍රාහ්මණයකු සිටින බවත්, එම බ‍්‍රාහ්මණයාට දාව බ‍්‍රහ්මවතී බැමිණියගේ කුස තුළ මෛත‍්‍රි බෝධිසත්වයන් පිළිසිදගන්නා බවත් සදහන් වේ.

අජින කුමරුන් ගිහිගෙයි අවුරුදු දහඅටදහසක් වාසය කරන්නට නියමිතය. අවසන සිය අග බිසව වන චන්ද්‍රමුඛී නම් දේවිය බ‍්‍රහ්මවර්ධන නම් පුත් කුමරු බිහිකරන දිනයේ සතර පෙරනිමිති දැක ගිහිගෙය කලකිරී සියලූ සැප සම්පත් අතහැර දමා උතුම් නිර්වාණ සුවය සොයාගෙන යන්නේ යැයි සිතා සිය මාලිගයේ උඩුමහල් තලයට ගොස් සත් දිනක් දුෂ්කර ක‍්‍රියා කරන බවත් සදහන්ය. එයින් මතු සියලූ බුදුවරයන්වහන්සේලා බුදුවන වෙසක් පුරපසළොස්වක පොහෝ දිනයේ මහාබිනික්මන කරන්නට සිතූ පමණින් රැුකවලූන්ද සමගින් අහසින් බෝමළුවට වඩනා බවද සදහන් වේ. එයින් මතු චන්ද්‍රමුඛී දේවිය විසින්ම කිරිපිඩු පූජා කරන බවත්, බමුණන් සිවුරු පූජා කිරීමෙන් පසු පැවිදි වෙස් ගෙන බෝධි මූලය වෙත වැඩම කරන බවද බුද්ධ දේශනාවේ සදහන් වේ. එයින් මතු නා බෝධින්වහන්සේට පිටදී අලූයම් යාමයේ සියලූ කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වන බවද සදහන් වේ.

එලෙසින් ලොව පහළ වන මෛත‍්‍රි බුදුන්වහන්සේ දකින්නට සසර ගණන් යහපත් ක‍්‍රියාවන්හි නියැළෙමින් පැමිණි ගුණවතුන්ට සිල්වතුන්ට අවස්ථාව හිමිවනු ඇත. උන්වහන්සේගේ ධර්මය අසා දැන සසර දුකින් අත්මිදෙන්නට ඒ ජනයාට ඉඩකඩ විවරවනු ඇත. එහෙත් ආත්ම ගණන් විවිධාකාර දුස්සීලකම් කරමින් පවු පුරවාගත්තවුන්ට උන්වහන්සේ දකින්නට හේතු වාසනා නොලැබෙනු ඇත. එලෙස අකුසලයන්හි නියැළුණෝ මෛත‍්‍රි බුදුන් නොදකින්නේ කවර හෙයින්ද යත් පාපකර්මයන් කිරීම නිසාම මරණින් මතු සංජීවය, මහා රෞරවය, තාපය, ප‍්‍රතාපය, අවීචිය යන අටමහා නරකයේ ඔවුන්ට අනන්ත අප‍්‍රමාණ දුක් විදින්නට සිදුවන හෙයිනි. මන්ද යත් මෛත‍්‍රි බුදුන්වහන්සේගේ කාලය පුරාම මේ පව්කම් කළවුන්ට එම අපායන්හිම දුක් වි`දින්නට සිදුවන බැවින් උන්වහන්සේ දැකීමට හේතු වාසනා නොවන්නේය. එහෙයින් මෛත‍්‍රි බුද්ධ ශාසනයද අහිමිව, තවත් කල්ප අසීමිත ප‍්‍රමාණයක් දුකෙහිම සැරිසරන්නට එම ප‍්‍රාණීන්ට සිදුවනු ඇත.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

චීනයට එරෙහිව ඉන්දියාව ප්‍රිඩේටර් උඩට අරන් එයි!

Next Post

බාස්මතී මෙට්‍රික් ටොන් 6000කුත් රටින් ගේන්න යයි!

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.