• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සර්ප ලෝකේ පන්ති හදපු විෂ

October 24, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
සර්ප ලෝකේ පන්ති හදපු විෂ
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව තුළ දැනට දැකිය හැකි සර්ප විශේෂ සංඛ්‍යාව අනූහතරක් පමණ වේ. කුල අටකට සහ ගණ හතළිස් නවයකට අයත් බව කියන එම සර්ප විශේෂ උග්‍ර විෂත්, මඳ විෂ සහ සුළු විෂ මෙන්ම විෂ රහිත වශයෙන වර්ග කිහිපයකට බෙදා වෙන් කළ හැකිය. ශ්‍රී ලංකාව තුළ වාසය කරන එම සර්ප විශේෂ අනූහතර අතරින් තිස්පහක් විෂ සහිත වන අතර, එයින් විස්සක් මාරාන්තික විෂ සහිතය. නමුත් මෙයින් දහතුනක් මුහුදු සර්පයන්ය. මේ අතර සර්ප විශේෂ පනස් නවයක් විෂ රහිත සර්පයන් ලෙස හඳුනාගෙන ඇති අතරම මෙම සර්පයන් දෂ්ට කිරීම් නිසා ලෝකයේ වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව හාරදහසකට ආසන්න බව සඳහන්ය. ඒ අතරින් 97%ක් පමණ මියයන්නේ උග්‍ර විෂ සහිත සර්පයන් වන නාගයා, තිත් පොළඟා, තෙල් කරවලා හා මූදු කරවලා මෙන්ම වැලි පොළඟා යන සර්පයන්ගේ දෂ්ට කිරීම් නිසාය. කුණකටුවාද මෙම උග්‍ර විෂ සහිත සර්ප විශේෂ අතරට අයත් බව පැවසෙයි. මේ අතර ශ්‍රී ලංකාව තුළද සර්ප දෂ්ටනය නිසා වසරක් තුළ සැලකිය යුතු මරණ ගණනක් සිදුවෙන බව කිව යුතුය.

ශ්‍රී ලංකාව තුළ උග්‍ර විෂ සහිත සර්පයන් බහුලව ව්‍යාප්ත වී සිටින කලාප කිහිපයක් වෙයි. ඒ අනුව නාගයා මධ්‍යම කඳුකරයේ උස් කඳු මුදුන්වල හැරුණු විට අනෙක් සෑම ප්‍රදේශයකම බහුලව වාසය කරයි. මේ අතර මගමරුවා හෙවත් තෙල් කරවලා වියළි හා ශුෂ්ක කලාප තුළ දක්නට ලැබෙයි. එමෙන්ම වැලි පොළඟා බහුලව සිටින්නේ වියළි කලාපයේ සහ වෙරළබඩ තීරයන් තුළය. තිත් පොළඟාද නයා මෙන්ම උස් කඳුකර ප්‍රදේශ හැර අන් සෑම ප්‍රදේශයකම ජීවත් වෙයි.

පොළොන් තෙලිස්සාද එසේමය. ඒත් මූදු කරවලා ජීවත් වන්නේ බොහෝ විට තෙත් කලාප තුළ පමණි. කුණකටුවා සෑම ප්‍රදේශයකම බහුලව ජීවත් වන සර්පයෙකි. මේ අතර පලා පොළඟා, නාග මාපිලා, ලේ මාපිලා, නිදි මාපිලා, ගැරඬි මාපිලා, ඇහැටුල්ලා, මල් කරවලා සහ මල්සරා හැඳින්වෙන්නේ මඳ විෂ සහිත සර්පයන් ලෙසිනි. එමෙන්ම විෂ නැති සර්පයන් ලෙස අහුරු කුක්කා, වැලි පිඹුරා, පිඹුරා, දියබරියා, දියනයා, ලේ මැඩිල්ලා, පලාබරියා, හාල්දණ්ඩා යන සර්ප විශේෂයන් දැක්විය හැකිය. ඇස් උස අතට පිහිටා ඇති සර්පයන් රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී වෙන අතර ඇස් හරස් අතට පිහිටා ඇති සර්පයන් ක්‍රියාශීලී වන්නේ දිවා කාලයේදීය.
මේ සර්පයින් අතරින් ප්‍රධාන තැනක් ගන්නා සර්පයින් හයදෙනෙකු මෙලෙසින් හඳූන්වාදිය හැකිය.

නාගයා යනු සර්ප ලොවේ රජුය. මාරාන්තික විෂ සහිත සර්පයෙක් ලෙස නාගයාව හැඳින්විය හැකිය. නාගයකුගේ දෂ්ට කිරීමෙන් පුද්ගලයකුට මරණය පවා උදාවිය හැකිය. දිවා කාලය තුළදී ක්‍රියාශීලී සර්පයකු වන නාගයා වැඩුණු පසු දිගින් අඩි හතක් අටක් පමණ වෙයි. නාග දෂ්ටනයකින් පසු ඒ රෝගියාට ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරයන් ලබාදිය යුතුය. නාගයාගේ ගැහැනු සතා ලෙස සැලකෙන සැපින්න ඉතා දරුණු ගණයේ සර්පයෙකි. සැපින්න වරකට බිත්තර විස්සක් තිහක් පමණ දමනු ලබයි.

ශ්‍රී ලංකාවේ ගොඩබිම වාසය කරන තවත් උග්‍ර විෂ සහිත සර්පයෙක් වන්නේ තෙල් කරවලාය. කළු මිශ්‍ර දුඹුරු පැහැයක් ගන්නා ශරීරයකින් සමන්විත තෙල් කරවලාගේ ශරීරය දිලිසෙනසුලුය. හොඳින් වැඩුණු තෙල් කරවලෙක් දිගින් අඩි හතරක් පමණ වෙයි. රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී සර්පයෙක් වන තෙල් කරවලා ජීවත්වන්නේ මිනිස් වාසස්ථාන අසල දිරාපත් වූ කොළ රොඩු අතර මෙන්ම ලී කොටන් තුළ සහ වියළි තණකොළ අතරය. කලබලයට හෝ බියට පත් වූ විට ගුළි ගැසී ඒ තුළ හිස සඟවා ගැනීමට තෙල් කරවලා උත්සාහ ගනියි. ශ්‍රී ලංකාවේ වියළි හා ශුෂ්ක ප්‍රදේශවල වැඩි වශයෙන් මෙම සර්ප විශේෂය දක්නට ලැබෙයි. මෙම සර්පයාගේ විෂ ග්‍රන්ථි තුළ මිනිස් ස්නායු පද්ධතියම විනාශ කිරීමේ හැකියාවක් ඇති “ස්නායු විෂ” නිපදවෙන අතර තෙල් කරවලාගේ ගැහැනු සතා වරකට බිත්තර අටක් පමණ දමනු ලබයි.

සර්ප ලොවේ මාරාන්තිකම සර්පයකු ලෙස වැලි පොළඟා හැඳින්විය හැකිය. ත්‍රිකෝණාකාර හිසක් සහිත වැඩුණු වැලි පොළඟුන් බොහෝමයක් සිටින්නේ වියළි කලාපයේ වෙරළබඩ තීරයේය. රාත්‍රී කාලයේදී ඉතා ක්‍රියාශීලී සර්පයකු වන වැලි පොළඟා දහවල් කාලයේදී කොළ රොඩු අතරත් පඳුරු තුළත් ජීවත් වෙයි. එහෙත් බුරුල් වැලි පසේ සැඟවී සිටින්නට වැලි පොළඟා දක්වන්නේ ඉමහත් රුචියකි. ලෝකයේ සර්ප විෂ ශරීරගත වීමෙන් සිදු වන මරණ අතරින් වැඩිම ප්‍රමාණයක් සිදුවන්නේ මෙම වැලි පොළඟුන්ගේ දෂ්ට කිරීම් නිසාය. වැලි පොළඟකු දෂ්ට කිරීම මඟින් යම් පුද්ගලයකුට තම ජීවිතය පවා අහිමිවිය හැකිය.
තිත් පොළඟා යනු උග්‍ර විෂ සහිත මාරාන්තික සර්පයෙකි. වැඩුණු තිත් පොළඟකු දිගින් අඩි හතරක් පහක් පමණ වෙයි. ශ්‍රී ලංකාවේ උස් කඳුකර ප්‍රදේශ හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම දක්නට ලැබෙන මෙම සතුන් වැඩි වශයෙන් ක්‍රියාශීලී වන්නේ රාත්‍රී කාලයටය. එහෙත් දහවල් කාලයේද තිත් පොළඟා දක්නට ලැබෙයි. මෙම තිත් පොළඟා කොතරම් මාරාන්තිකද කිවහොත් ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සර්පයන් දෂ්ට කිරීම මඟින් සිදුවන මරණ අතරින් වැඩිම මරණ ගණනක් සිදුවන්නේ මෙම තිත් පොළඟා මඟිනි. මෙම සත්වයාගේ විෂ ශරීරගත වීමෙන් එම රෝගියාට බොහෝ විට උරුමවන්නේ මරණයයි.

මූදු කරවලා යනු ශ්‍රී ලංකාවට ආවේණික සර්පයෙක් ලෙස හැඳින්වීමේ වරදක් නැත. තෙත් කලාපය තම නිවහන කරගන්නා මෙම සත්වයන් පෙනුමෙන් තද දම් පැහැයට හුරු කළු පැහැයක් ගනියි. එමෙන්ම ශරීරයේ හරස් අතට සුදු පැහැති මුදු වැනි පළල් තනි ඉරි දක්නට ලැබෙයි. හොඳින් වැඩුණු මූදු කරවලෙකු දිගින් අඩි තුනක් පමණ වෙයි. මෙම මූදු කරවලකු දෂ්ට කිරීම නිසා යම් පුද්ගලයකුට ජීවිතය පවා අහිමිවීමේ ඉඩකඩ ඇත. ඒ තරමටම මූදු කරවලයා යනු මාරාන්තික මෙන්ම උග්‍ර විෂ සහිත වූ සර්පයෙකි.

උග්‍ර විෂ සහිත සර්පයින් අතරට අලුතින්ම එක්වූ සාමාජිකයා වන්නේ කුණකටුවාය. අප අවට පරිසරයේ වර්ණයන්ට පවා අනුවර්තනය විය හැකි කුණකටුවා තරමක කුඩා සර්පයෙකි. කුණකටුවා දිවයිනේ සෑම ප්‍රදේශයකදීම දැකිය හැකිය. කුණුරොඩු අතර මෙන්ම ගල් ගඩොල් යට සැඟවී සිටින කුණකටුවා රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී වෙයි. එමෙන්ම මෙම සත්වයා රාත්‍රී කාලයට වේගයෙන් ඉතා අමිහිරි ශබ්දයක් පිටකරයි. දැනට ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ටනය නිසා සිදුවෙන මරණ අතරින් 2%ක් සිදුවන්නේ කුණකටුවාගේ දෂ්ටනයෙනි.

SendShareShare
Previous Post

ඩීමෝ වෙතින් මහින්ද්‍රා ට්‍රැක්ටර් සේවා කඳවුරක්

Next Post

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අය කාරක සභා‌වෙන් ‌සොයා ගනී: මෛත්‍රී-නිලන්ත-හිස්බුල්ලා ඉදිරියෙන්ම

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.