පාස්කු ප්‍රහාරයේ වැඩි වගකීම ආරක්ෂක අමාත්‍ය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන, නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා අතුලු විශාල පිරිසක් දැරිය යුතු බව පාස්කු ඉරිදා ප්‍රහාරය සොයා බැලූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අනාවරණය කොට ඇත.
එම කමිටුව පවසන්නේ, රාජ්‍ය බුද්ධි අංශවල පැවති අසමත් භාවය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රධානම හේතුව බවයි. එමෙන්ම ජනාධිපති, බුද්ධි අංශ ප්‍රධානීන් නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවයා ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් ලෙස කමිටුව විසින් නම්කර තිබේ.
මෙම කමිටුව පසුගිය මැයි මස ආරම්භ කර 24 වතාවක් රැස්වූ අතර පුද්ගලයින් 55 දෙනකුගෙන් සාක්ෂි විමසා ඇත. ජනාධිපතිවරයා, අගමැතිවරයා, ආරක්ෂක අංශ ප්‍රධානීන්, බුද්ධි අංශ ප්‍රධානීන්, ආණ්ඩුකාරවරු මෙන්ම ආගමික නායකයින්ද ඒ අතර වූහ.
හදිසි ආරක්ෂක මණ්ඩ රැස්වීම් කැඳවීම, අවශ්‍ය පුද්ගලයින් ඊට සම්බන්ධ නොකරගැනීම ඇතුළු අවස්ථා රැසකදී ජනාධිපතිවරයා නායකත්වය ලබාදීමට අසමත්වී ඇති බව ද විශේෂ කාරක සභාවේ නිරීක්ෂණවලට ඇතුළත්ව ඇති අතර සහරාන් හෂීම්, අයි.එස් සංවිධානය සමග සම්බන්ධතා තිබූ බවට විමර්ශනවලින් හෙළි ව නොමැති බවද එම නිරීක්ෂණවල ඇතුළත්ය.
එමෙන්ම නැගෙනහිර ජනතාව අන්තවාදයට යොමුවීමට වහබ්වාදය සහ ආරාබිකරණය හේතු වී ඇති බවත්, ඊට හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ද වගකිව යුතු බව කමිටුව නිරීක්ෂණය කර තිබේ.