• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සරදියල්ගේ කතාව 03 කොටස

August 15, 2020
in Mahawanshaya
Reading Time: 3 mins read
A A
සරදියල්ගේ කතාව 03 කොටස
Share on WhatsAppShare on Facebook

සුද්දන්ටවත් බැහැ ලේසියෙන් මාව මරන්න

ගසෙන් වැටී අසරණව සිටි ගැමියා ගැන සිතුවිල්ල දවසපුරාම සරදියල්ගේ සිතට වද දුන්නේය.

කෙමෙන් කෙමෙන් අඳුර වැටෙද්දී සරදියල් හමුවට පැමිණි මිතුරන් පිරිස දෙස සරදියල් බලා සිටියේ පෙර මතකය සිතේ රඳවා ගනිමිනි.

‘අර ඕවිට ළඟ ගෙදර පුංචිරාල මාමා ගහෙන් වැටිලා. උන්දැට බෙහෙත් කරන්නවත් ඒ මිනිසුන්ට සල්ලි බාගෙ නැතැයි කියන්නේ’

සරදියෙල් තමන් දන්නා හරිය නොසඟවා කීවේය.

‘හ්ම්, උන්දෑ අර වලව්වේ උන්දැලටම කැඹුරුවට උන්ගේ කිසි ගුණයක් නැහැනෙ අයියණ්ඩි.’

මිතුරන්ගේ පිළිතුරෙන් සරදියල්ගේ සාධාරණ කේන්තිය දෙගුණ විය.

‘මොකද වලව්වේ මිනිස්සු එහෙම කරන්නේ’

‘උන්ගේ හැටි අයියා, හාමුලාගෙ කිසි තෙතමනයක් තියෙන එකක්යැ.’

‘හාමුලා ළඟ වැඩ කොරන කොයිකාටත් සැලකිල්ල ඔච්චරද බං’

‘නැත්නම් උන්දලගෙ කාරිය කොරනකං විතරයි. සේරම හරිය බැරි දවසට ඔච්චරයි අයියා.’

‘ඒකත් එහෙමද, හහ්… බලමුකො’

සරදියල් නිහඬ වූයේ කළයුත්තක් සිතමිනි.

එදින රාත්‍රිය සරදියල්ට නින්දක් නොවීය.

දඩමැස්සේ ඒ මේ අත පෙරළමින් සිටි හෙතෙම රාත්‍රියේ කලබලෙන් නැඟිට ගත්තේය. පැත්තක තිබූ තුවක්කු බටය අතට ගත් සරදියල් අඳුරේම එළියට බැස ගත්තේ යම් අරමුණක් සිත තුළ තබාගෙනය. ඔහු කෙළින්ම ගියේ වලව්ව පැත්තටය. කාටත් රහසේ වලව් වත්තට පැනගත් සරදියල්ව දුටු මුරකරු කස්ථානයක් අමෝරාගෙන එදෙසට දිව ආවද සරදියල්ගෙ එක පා පහරින් ඔහු සිහිසුන් විය. ඉන්පසු වලව්වට පැන මුදල් මල්ලක් රැගෙන පැන යෑම සරදියල්ට අපහසු කාර්යයක් නොවීය. නෝට්ටු කොළ මිටි කිහිපයක් පන්මල්ලක දමාගත් හෙතෙම ගසෙන් වැටුණු පුංචිරාලගේ නිවෙස වෙත දිව ගියේය. නිවෙස පෙනෙන මානයේ කිසිවකු නොසිටියද ඇතුළත සිට වේදනාවෙන් කෙඳිරිලි පිටකරන හඬ වසා ඇති දොර පැලැල්ලෙන් ඇසෙයි. ඒ හඬ මොහොතක් අසා සිටි සරදියල් නෝට්ටු කොළ මිටියක් දොර පැලැල්ලේ එල්ලා ආපසු යන්නට ගියේය.

සති කිහිපයක් ගෙවී යනතුරුම සරදියල් එම නිවැසියන් ගැන උනන්දුවෙන් සිටියේය. ඒ අතරේ කිහිප අවස්ථාවක්ම මුදල් මෙන්ම කෑම බීමද නිවෙස අසලින් ගෙනැවිත් තැබුවේය. ගසෙන් වැටුණු පුංචිරාල සුවවෙන තුරුම සරදියල් ඔහු ගැන බැලුවේය. මෙලෙස අසල්වැසි ගම්මාන රැකගෙන මිනිසුන්ගේ දුක්ගැහැට දැක ඔවුන්ට පිහිට වෙන්නට සරදියල් අමතක කළේ නැත. ඒ සෑම කෙනකුටම මුදල්-හදල්, කෑම-බීම බෙදා දෙන්නට සරදියල් කිහිප වතාවක්ම සුද්දාගේ මුදල් සහ ධනය රැගෙන යන කරත්ත කොල්ල කෑවේය. හෙතෙම තවත් කිහිප වතාවක්ම වලව්වටද පැන මුදල් පැහැර ගත්තේය. එසේ පැහැරගත් මුදලින් සතයක් හෝ තමාගේ සැප පහසුවට යොදන්නට සරදියල් කටයුතු නොකළේය. ඔහු කළේ ඒ සියලුම මුදල් ගමේ අසරණ දුප්පතුන් වෙනුවෙන් බෙදා දීමය. මුලින් මුලින් කිසිවකුත් සරදියල්ගේ මේ සත්ක්‍රියාවන් දැන නොසිටියද පසුව සියල්ලන්ම දැනගත්තේය. අසරණ වූවන් සරදියල් සොයා ගෙනැවිත් දුක්ගැනවිලි පැවසුවේය. ඒ හැම කෙනකුටම කෙසේ හෝ උදව්වක් කරන්නට සරදියල් කටයුතු කළේය.

කාලයත් සමඟ සරදියල්ගේ මේ සත්ක්‍රියාවන් ගැන ගමේ රටේ ප්‍රසිද්ධ වෙන්නට පටන් ගත්තේය. මුලින්ම ඒ ගැන කලබල වූයේ ගමේ ආරච්චිලය. ඔහු සරදියල් සමඟ හිත හොඳින් සිටියකුද නොවන බැවින් නිතරම සරදියල්ට අරියාදුවට කටයුතු කළේය. පොලිසියට සරදියල් ගැන බොරු පැමිණිලි කළේය. පොලිස් කණ්ඩායමක් ගෙන්වාගෙන සරදියල්ව අල්ලා මහඋළු ගෙදරට යවන්නට ආරච්චිලට ලොකු ආශාවක් ඇති වග ඔහුගේ ක්‍රියාවෙන්ම ඔප්පු වී තිබිණි.
කෙසේ නමුත් තම අරමුණ ඉටුකර ගන්නට සුදු මහත්වරුන්ගේ පොලිසියෙන් සහයක් ගන්නට බොරු ගොතමින් උත්සාහ කළද එය අපොහොසත් වූ තැන ආරච්චිල යළිත් වතාවක් සිය ගෝලබාලයන්ද පිරිවරාගෙන උතුවන් කන්දට ආවේ සරදියල්ව අල්ලා ගෙනගොස් ගස්බැඳ පොලිසියට බාර දෙන බවට පාරම්බාමිනි.

‘ඔන්න ආරච්චිය කන්දට එනවා’

යන ආරංචිය කාටත් කලින් සරදියල්ගෙ කනට ගියේ සිය හිතවතකු මාර්ගයෙනි. උතුවන් කන්දේ ඉහළම ගල් තලාවේ සිටි සරදියල් පහළින් පෙනෙන අඩි පාරවල් දෙස විපරමෙන් බැලුවේ ආරච්චිල එන ඉසව්ව සොයාගන්නා අටියෙනි. ඒ වෙද්දි ගල්තලාවට බොහෝ සමීපයෙන් ආරච්චිලා එමින් සිටිනු දුටු සරදියල් ඊළඟට සිදුවන්නකට මුහුණ දීමට සූදානමින් සිටි තැනටම වී උන්නේය.

‘ඒයි… සරදියල්, ඔහොම හිටපං දිව්වොත් වෙඩි තියනවා.’

ආරච්චිල සමඟ සිටියකු තුවක්කු බටය මානාගෙන සිටි අතර, ආරච්චිල සරදියල් අසලට එමින් සිටියේය.

‘දුවන්න, අර අහවල් එහෙකටද මං දුවන්නේ’

සරදියල් ඇසුවේ ගණනකට නොගෙනය. ආරච්චිල ඔහු අසලටම විත් සිටගත්තේ උඩුරැවුලද ඇඟිලි තුඩින් පිරිමදින අතරේය.

‘තෝ හැංගි හැංගි හිටියට හැමදාම මගෙන් කට්ටි පැනලා බේරෙන්ඩ ලැබෙයි කියලද හිතුවේ ඈ බොල’

ආරච්චිල බොරු මාන්නයක් මවාගෙන කතා කරන අයුරු සරදියල්ට තරමක් කේන්ති ගියේය.

‘හහ්… කට්ටි පනින්න, මං… තමන් නෑහේට බයේ’

‘අර මක්කටැයි මං තමන්නැහේට බය වෙන්නෙ අහවල් එකක් කොළාටද?’

‘හහ්… මොකුත් නොදන්න තොත්ත බබා වගේ දොඩන්ට ඕන නෑ බොල. මට ඇත්ත කියපිය. තොට කොහෙන්ද
මිනිසුන්ට බෙදන්ට කාසිපනම් ලැබුණේ.’

‘මං කාටවත් කාසි බෙදන්ට ගියේ නැහැ’

‘මාව රවට්ටන්ට බැහැ, ඇත්ත කියාපිය උඹලා ඇත්ත කියැව්වොත් මං සුදු ඇත්තන්ට කතා කොරල මේ පුරස්නෙ විසඳල දෙන්නම්.’

‘ආරච්චිලා ඇත්තෝ මගේ යකා අවුස්සන්ට කාරි නෑ, මං කාටවත් කාසි බෙදුවයි කියන්ට කොහේද සාක්‍ෂි ඇත්තේ’

‘මිනිස්සු කියන්නෙ උඹ ගමට පැනලා උන්ගේ වතු-පිටි සල්ලිභාගේ හොරාගෙන යනවාය කියලා’

‘එහෙනම් උන්ටම කාසි බෙදන්න මට අමු කැවිලායැ ආරච්චිලා’

සරදියල්ගෙ කතාවට ආරච්චිලාගේ ඉරියව් තරමක් වෙනස් විය.

‘හ්ම්… මට උඹත් එක්ක කතා කර කර ඉන්ට වෙලා නැහැ. යමන් මගෙත් එක්ක. අපි මේක පොලිසියේදී බේරාගමු. කුදලාගනිල්ලා මූව’

ආරච්චිලගෙ පිරිස සරදියල්ව අල්ලා ගන්නට ඉදිරියට පැන්නද එය සිතූ ලෙස පහසු නොවීය. සරදියල්ගේ පහර දීමෙන් පිරිස පසුබැස්සේය. ආරච්චිලගේ තුවක්කු බටය අතට ගත් සරදියල් ඔහු අසලටම විත් කටහඬ බින්දේය.

‘මගෙන් මැරුම් නොකා යන්ට ආරච්චිලා ඇත්තො ගිහින් ඔය සුද්දන්ට ගැතිකම් කොරන රාජකාරිය නතරකරන්නට’

ආරච්චිල කේන්තියෙන් පුපුරමින් එතැනින් ඉවත්ව ගියේ සරදියල්ව මහඋළු ගෙදරට යවන බවට පාරම්බාමිනි.

ඒ සිදුවීමෙන් වැඩි දවසක් යන්නට පෙරම සරදියල්ව අල්ලා ගන්නට පොලිස් නිලධාරීන් පිරිසක් ගම්මැද්දේ රැක සිටියේ ආරච්චිලගෙ අනුදැනුම මතය. සරදියල් ගමට එන යන වෙලාව හරියට දැන සිටි ආරච්චිල පොලිසියට සියල්ල පවසා තිබිණි.

‘හේයි… නැවැතියන්, නැත්නම් වෙඩි තියලා බල්ලෙක් වගේ මරනවා.’

හතරවටෙන් පොලිස් නිලධාරීන් ගිනිබට මානාගෙන සිටිනු දුටුවද සරදියල් කිසි කලබලයක් වූයේ නැත.

‘හහ්… උඹලා හිතන තරම් ලේසියෙන් මාව මරන්න ලැබෙන්නෙ නැහැ.’

සරදියල් එකට එක කිව්වේය. පොලිස් නිලධාරීන් පිරිස පියවරෙන් පියවර සරදියල් අසලට සමීප වූ අතර, එක් නිලධාරියෙක් සරදියල් වෙත කඩාපැන්නේය.

‘හහ්… පැත්තකට වෙයන්’

සරදියල් එම නිලධාරියාව පැඬරලක් මෙන් පැත්තකට තල්ලුකර දැමුවේය. අසල ගල්වැටියක හැපී බිම පතිත වූ නිලධාරියා පාදයේ අස්ථි බිඳීමකට ලක්වීමත් සමඟ අනෙක් නිලධාරීන් අත තිබූ තුවක්කු බට සරදියල්ගේ දෙපා දෙසට එල්ල වුවද ඒවා ක්‍රියාත්මක නොවිණි. සරදියල් සමච්චල් සිනාවක් පා ආපසු හැරෙද්දී පොලිස් නිලධාරීන් කිහිපදෙනකු එකවර පැන ඔහුව අල්ලා ගත්තේය. ඉන්පසු ඔහුගේ දෑතට මාංචු දමා දම්වැල්වලින් බැඳගෙන පිරිස පොලිසිය දක්වා ගියේ රටක්, රාජ්‍යයක් අල්ලා ගත්තතටත් වඩා සතුටකින් සහ ආඩම්බරයකිනි. ගම්මැද්දේ සිට සරදියල්ව රැගෙන එන අයුරු බලා සිටි වැසියන්ගේ මුහුණු අඳුරුව ගොස් තිබිණි.

‘ඔන්න උඹලාගෙ වස්තුව හොරකම් කරාපු එකා අල්ලා ගත්තා’

‘හහ්… හහ්… මිනිහා හිතන්ට ඇත්තේ ගමේ ආරච්චිලාව වගේ අපිවත් බය කොරාගන්ට වෙන්ඩැ’

පොලිසිය කඩමණ්ඩියේදී පාරම් බෑවේය. ගම්මුන් මීක් නොකියා අසාගෙන උන්නා මිස වචනයක් හෝ නොදෙඩීය.

’උඹලා ඇවිත් මුන්දැට විරුද්ධව ඇති පැමිණිලි පොලිසි පොතේ ලියපල්ලා. ආරච්චිලා ඇත්තන්ගෙ පොතේ විතරක් ලියලා මදි.’

ඒ වෙද්දිත් ආරච්චි සරදියල්ට විරුද්ධව ගෙතූ පැමිණිලි බොරු නම් දමා පොතේ ලියාගෙන ඇති කතාව ඇත්තක් බව ගම්මුන්ට පැහැදිලි වූයේ පොලිසියෙ එම කතාවෙන් පස්සේය.

පොලිස් නිලධාරීන් සරදියල්ව පොලිසියට රැගෙන ගොස් දම්වැල් ගලවා සිරකුටියකට දමා ඉබියතුරු දැම්මේය. ඉන්පසු පිරිස නික්ම ගියේ සරදියල් දෙස සමච්චල් සිනාවක්ද පාමිනි. සරදියල් සිරකුටියේ යකඩ කූරු අල්ලාගෙන සන්සුන්ව බලාගෙන සිටියේය. පිටතින් කාක්කන් කෑගසන හඬ විටින් විට සරදියල්ට ඇසුණේය. සිරකුටිය ඇත්තේ පොලිසිය කෙළවරක බව එයින්ම සරදියල් වටහා ගත්තේය.

කෙමෙන් කෙමෙන් රාත්‍රිය උදාවිය. රාත්‍රියට කෑමට ලැබුණු රොටියකි. සරදියල් එය නොගෙන පැත්තකට දැම්මේය.
‘ඇයි උඹ කන්නෙ නැද්දැයි’ රොටිය රැගෙන ආ නිලධාරියා ඇසුවේය.

‘මං ගෙදර ගිහින් කනවා’

සරදියල් ගණනකට නොගෙන කීවේය.

‘ගෙදර ගිහින් කනවා. හහ්… කවදද?’

‘කවදාහරි මං ගෙදරින් කනවා’

‘හහ්… හහ්… හා… ඒක යසයි උඹේ මනාපෙනේ’

නිලධාරියා යන්නට ගියේය. හාත්පසින් අඳුර වැටෙද්දී නිලධාරීන් එහාමෙහා යෑමද ක්‍රමයෙන් අඩුවිය. සිරමැදිරි කෙළවර තැනක තුවක්කුවක් තබාගෙන සිටි නිලධාරියා නිදිකිරමින් සිටියේය. සරදියල් ලොකු උස්මක් ගෙන පපුව පුරවාගෙන යකඩ කූරු ඉහළ පහළ අතගා බැලුවේය. ඊළඟට ඔහු කිටිකිටියේ දත්දෙපළ එකිනෙකට තදකර ගත්තේය. නිලධාරියා සිටියෙ නින්දක්, නොනින්දත් අතරය.
ඉතිරි කොටස ලබන සතියේ
කුමාර රත්නායක

SendShareShare
Previous Post

AIA කලාපීය ඩිජිටල් සෞඛ්‍ය සහ සුවතා වැඩසටහනක් සංවිධානය කරයි

Next Post

ලංකාවේ සිනමාවට භීෂණය ගේන විසාගේ පාංශු

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.