• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලංකාවේ සිනමාවට භීෂණය ගේන විසාගේ පාංශු

August 15, 2020
in Heart
Reading Time: 2 mins read
A A
ලංකාවේ සිනමාවට භීෂණය ගේන විසාගේ පාංශු
Share on WhatsAppShare on Facebook

‘සයපෙති කුසුම’ තුළින්
සිංහල සිනමාවෙහි සදානුස්මරණීය මතක මංපෙත් විවර කළ විසාකේස චන්ද්‍රසේකරම් සිය නවතම නිර්මාණය වූ ‘පාංශු’ මහජන ප්‍රදර්ශනයට තබා අවසන්ය. 2019 ප්‍රංශ සිනමා උළෙලක ප්‍රශංසනීය ලෙස කතාබහට බඳුන්වූ ‘පාංශු’ එහි ප්‍රධාන චරිත නිරූපණය වෙනුවෙන් දායකත්වය දුන් නීටා ප්‍රනාන්දුට හොඳම නිළියට හිමි සම්මානයද අත්කර දුන්නේ නොසිතූ ලෙසය. බොහෝ කල්යල් බලා තැනූ ‘පාංශු’ ගැන කතාබහක යෙදෙන්නට විසාකේස අප සමග එක්වූ ඒ සුහද හෝරාවක තතු මෙලෙස අකුරු කරමු.
පළමුව ඔබ ගැන යම් හඳුනා ගැනීමක් අවශ්‍යයි?
මම විසාකේස චන්ද්‍රසේකරම්. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස සේවය කරනවා. ලේඛන කලාවට දැඩිව ඇලුම් කරන මා අතින් පොත් දෙකක් මේ වන විට එළිදක්වා අවසානයි. සිනමාකරුවකු ලෙස මගේ ගමන ආරම්භ වූයේ ‘සයපෙති කුසුම’ තුළිනුයි. ඉතාම සරල පුද්ගලයකු වූ මම තවමත් ප්‍රමුඛ පෙළ අධ්‍යක්ෂවරුන්ගේ ගණයට අයත් නැති බවයි මා සිතන්නේ.
නමුත් විසා ඔබ ‘සයපෙති කුසුම’ තුළින් සම්මානනීය සිනමාකරුවකු වූවා?
ඔව්. ඇත්තෙන්ම ‘සයපෙති කුසුම’ ගැන මම දැඩි තෘප්තියට පත්වෙනවා.
‘පාංශු’ ගැන කතා කරමු. භීෂණය ගැන චිත්‍රපටයක් කරන්නට හිතුවේ ඇයි?
එය කතා කළ යුතුම විෂයක් නිසයි ‘පාංශු’ සිනමාවට ගෙන ආවේ. සාමාන්‍යයක් ලෙස ගත්කල අප විසින් බොහෝ විට කරන්නේ කතා කළ යුතුදෑ ගැන කතා නොකර සිටීමයි. මතකයේ තබාගත යුතුදෑ අමතක කර දැමීමයි. සිවිල් අරගල, මිනිස් ඝාතන සහ අතුරුදන්වීම් අමතක කර දැමීම සිදුවන්නේ ඒ නිසයි. 89 භීෂණ සමයේදී මෙන්ම උතුරේ යුද්ධයේදීද සිදුවූයේ එයයි. අරගලයක් මැඩපැවැත්වූ සැණින් එක් පාර්ශ්වයක් ජය පැන් බොනවා. හැබැයි අරගලය මැඩපැවැත්වීමේදී සිදුවූ අභ්‍යන්තර විනාශය ගැන හෝ එහි ඇතුළාන්තය ගැන සිතන්නට හෝ කතා කරන්නට කවුරුත් බොහෝ විට ඉදිරිපත් වන්නේ නැහැ. කවුරුන් හෝ එවැන්නක් ගැන කතා කරන්නට ඕනෑ කියා මට සිතුණා. ‘පාංශු’ ලෙස සිනමාවට ආවේ අන්න ඒ කතිකාවයි.
‘බබා නෝනගේ’ චරිතය ඔබ අතින් ලියැවුණේ නීටා ප්‍රනාන්දුව මනසෙහි මවාගෙනද?
කොහොමවත් නැහැ. ‘බබා නෝනා’ මගේ හිතට එනකොට නීටා ප්‍රනාන්දු කියන අසහාය නිළිය එතැන හිටියේ නැහැ. ‘බබා නෝනා’ ලෙස මා තුළ ඉදිවූයේ ‘බබා නෝනාට’ මිස කිසිදු නිළියක් නම් නෙමෙයි. අනක ‘පාංශු’ තිරනාටකය මම ලිව්වේ මීට වසර ගණනකට පෙරාතුවයි. එය ලියැවුණේ වේදිකා නාට්‍යයක් සඳහායි. පසුව තමා චිත්‍රපටයක් වූයේ. නාට්‍යයකට වඩා චිත්‍රපටයක් තුළින් මේ කතිකාව වඩා හැඟීම්බරව කරන්නට පුළුවන් කියා හිතුණා.
අන්න එතැනදී නීටා ප්‍රනාන්දුව ඔබේ සිහියට ආවා?
තිර නාටකය ලියා වසර 10කට 15කට පමණ පසුව එය සිනමාරූපීව නිර්මාණය කරන්නට සූදානම ගන්නා විට නීටා ප්‍රනාන්දු සමඟ තවත් නිළියක් එතැනදී මගේ මනසෙහි සිටියා. එම දෙගෙඩියාව තුළ අවසානයේ නීටා ප්‍රනාන්දුට ‘බබා නෝනා’ සමීප වුණා.
‘බබා නෝනා’ ගැන නීටා ප්‍රනාන්දු සමඟ කතා කරන්නට ඔබ මඳක් පැකිලුණු කතාව ඇත්තක්ද විසා?
ඔව්. එය ඇත්තක්. මොකද නීටා ප්‍රනාන්දු කියන්නෙ ජාත්‍යන්තරව පවා කීර්තියට පත් නිළියක්. ඈ මා සමඟ චිත්‍රපටයක වැඩ කරන්නට කැමැතිවේදැයි යන සැකයක් මා තුළ ඇතිවුණා. එයට පසු මගේ මිතුරා ජෙහාන් අප්පුහාමි මට කියා සිටියා ඔයා ගිහින් ඇයට කතා කරන්න විසා. ඔය දෙගිඩියාවට වඩා එය හොඳයි කියලා. පසුව මම නීටාට කතා කළා. ඇගේ ප්‍රතිචාරය මා හිතුවාට වඩා හරිම සුහදව තිබුණා.
නදී කම්මැල්ලවීර පාංශුවලට එක්වූයේ ‘බැද්දේ කුලවමිය’ ටෙලිනාට්‍ය තුළ ඈ දැක්වූ හැකියාව නිසාද?
නදී කම්මැල්ලවීර මගේ සමීපතම මිතුරියක්. ඇය සහ මම මිතුරු වූයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අවධියේදීයි. ඒ දවස්වල මම නදී සහ තවත් අයකු එකතු වී කෙටි නාට්‍ය පවා කළා.
‘පාංශු’ තිර පිටපත ලියන විට නදී ඔබේ මනසෙහි සිටියෙ ඒ නිසාද?
ඔව්. නදී කම්මැල්ලවීර ‘පාංශු’ ලියන මොහොතේ මා තුළ සිටිය බව නැහැයිය කිව්වොත් එය මුසාවක් වේවි.
තිර නාටකයත්, අධ්‍යක්ෂණයත් යන කාර්යයන් දෙකම ඔබ සතුවීම පාංශු නිර්මාණය සඳහා පහසුවක් වුණාද?
ඔව්. සත්තකින්ම එය ලොකු පහසුවක් වුණා. අනික තිර නාටකයක් ලියන්නට මට කාලය අවශ්‍යයි. ඒ කාලය තුළ මම ඒ ඒ චරිතයන් ගවේෂණය කරනවා. සමහර විට වසර 3, 4ක් පමණ ඒ සඳහා වැය වෙනවා. එම චරිත සහ සිදුවීමට අයත් රූප සටහන් අඳිනවා. ඉන්පසුව ආරම්භක වස්තු විෂයන් සඳහා රූපරාමු තනනවා. එයට අදාළ විවිධ කෝණ ගැන විමසිලිමත් වෙනවා. ඉතින් එම කාලය තුළ නිදහසේ ඒ ගමන යන්නේ තිර නාටකයත් අධ්‍යක්ෂවරයාත් මා සතුව තිබෙන නිසයි. තවත් කාරණයක් මෙහිදී කිව යුතුයි. ඒ ‘පාංශු’හි කිසිවකු වෙනුවෙන් මා තිර පිටපත් දුන්නේ නැහැ. බොහෝ දේ මම ඔවුනට කියාපෑවේ ස්ටෝරි බෝඞ් එකක් හරහායි. නිදසුනක් ලෙස ‘බබා නෝනා’ යන එන විදිය අඳින පලඳින, කතා කරන විදිය වාගේ දේ මම නීටාට පැහැදිලි කළේ චිත්‍ර රූපණය හරහායි. අනික අප පැවැත්වූ වැඩමුළු, සාකච්ඡා, නිතර හමුවීම් වැනි දේ තුළින් තිර පිටපතට වැඩි යමක් මම ඔවුන්ට දායාද කළා කියලයි මම හිතන්නේ.
ඒ දායාදය මත ‘පාංශු’ චිත්‍රපටයට සම්බන්ධ වූ රංගන ශිල්පීන් ඔබට අවශ්‍ය චරිත නිරූපණය රඟදැක්වූවාද?
බලාපොරොත්තු වුවාටත් වඩා හොඳින් ඔවුන් එය ඉටුකළා. නීටා ප්‍රනාන්දු, නදී කම්මැල්ලවීර, ජගත් මනුවර්ණ ඇතුළුව සේවියර් කණිෂ්ක, රන්දික ගුණතිලක සහ නිල්මිණි බුවනෙක යන රංගන ශිල්පීන්ද තම චරිතය තුළ ඉතා හොඳින් ජීවත් වුණා. මට මතකයි නීටා ප්‍රනාන්දු මා සමඟ කීවා රූගත කිරීම් අවසන් වූ පසුවත් ‘බබා නෝනා’ ඈ වෙතින් යන්නට ගියේ නැහැ කියා.
කල්යල් බලා නිර්මාණයකට අතගැසීම එහි සාර්ථකත්වයට හේතුවක් බව ඔබ සිතනවද විසා?
සත්තකින්ම. කලබලයක් නැතිව සෙමෙන් ඉවසීමෙන් කරන නිර්මාණ සාර්ථකයි කියා මට වැටහෙනවා.
එයට හොඳම නිදසුන ‘පාංශු’ද?
පාංශු ගැන තවම එහෙම අංගසම්පූර්ණ තීරණයකට එන්න අපහසුයි. ප්‍රේක්ෂකයා ‘පාංශු’ පිළිගන්නා ආකාරය කෙසේදැයි යන්න මම බලා සිටිනවා. ‘පාංශු’ ගැන මා අත්විඳින්නට යන මානසික සතුට සහ තෘප්තිය සම්පූර්ණයෙන් අත්විඳින්නේ අන්න එදාටයි.
ජාත්‍යන්තරව ‘පාංශු’ සම්මානයට පාත්‍රවීම ඔබේ තෘප්තියට හේතුවක් නොවේද?
අවංකවම එය සතුටට හේතුවක්. නමුත් ප්‍රේක්ෂකයා ‘පාංශු’ වටා රොදබැඳීම තුළ මං ඊට වඩා තෘප්තියක් අත්විඳීමට බලාපොරොත්තු වෙනවා.
පාංශු ගැන තවත් කුමක් හෝ ඔබට කිව යුතුව තිබෙනවද?
අනිවාර්යෙන්ම තිරෙන් පිටුපස මෙහෙවර ගැන සඳහන් කළ යුතුමයි. කැමරා ශිල්පියකු ලෙස දිමුතු කාලිංග කළ මෙහෙවර තුළ මා දුටුවේ කැමරා ශිල්පියකු වෙතින් සිදුවූවාට වඩා වැඩි යමක් ඔහු ඉටුකළ වගයි. එලෙසම සංස්කරණ ශිල්පී සිතුම් සමරජීව, සංගීත අධ්‍යක්ෂණය කළ චින්තක ජයකොඩි, සහාය අධ්‍යක්ෂණය කළ සිසිර කුමාර සහ නිෂ්පාදක කළමනාකරණයෙහි ප්‍රථම වතාවට නියැලුණු ෂර්ලි සමරසිංහ සහ නිමේෂ් උදයන්තද ‘පාංශු’ වෙනුවෙන් කළ කැපකිරීම අමතක කරන්නට බැහැ. ‘පාංශු’හි වර්ණ සංයෝජනය ඉතාම කලාත්මකව නිර්මාණය කළේ ආනන්ද බණ්ඩාරයි, ශබ්ද පරිපාලක ලෙස අරුණ කළුආරච්චි කළ මෙහෙවරද මෙහිදී සිහිකළ යුතුමයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සරදියල්ගේ කතාව 03 කොටස

Next Post

ගෝඨා ඇමැතිවරුන්ට දෙන්නේ මාස 6යි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.