• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සත්‍ය තේරුම් ගන්න හොඳම වෙලාව මේක

April 11, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සත්‍ය තේරුම් ගන්න හොඳම වෙලාව මේක
Share on WhatsAppShare on Facebook

නිවැරදි වෙන්න. උසස් ජීවිතයක් ප්‍රබුද්ධ ජීවිතයක් ගෙවන්න.”
අපේම මිනිසුන් “Covid 19” හෙවත් “කොරෝනා” වසංගතය තුළින් දියවී ගොස් තිබේ. ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ වැනි රටවල්වල මිනිසුන් මියයන්නේ ඉලක්කම් තුනේ සංඛ්‍යාවලිනි. මෙම වසංගතය අද එතරම් දුරකට දරුණුය. ශ්‍රී ලංකාව පවා දැන් සිටින්නේ කොරෝනා නිසා පුද්ගල මරණයන් වාර්තා වූ රටවල් අතරය. මේ ලියන මොහොත වන විට ශ්‍රී ලංකාව තුළ නව කොරෝනා ආසාධිතයින් එකසිය පනහකට එහා හමුවී තිබිණි. මෙම තත්ත්වය ශ්‍රී ලංකාව පැත්තෙන් නම් එතරම් සුබදායක නැත. ඊට හේතුව අපේ රටේ අපේ ජනගහනය එතරම් දුරකට නොවීමයි. කෙසේ හෝ අපගේ රටේ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳව බොහෝ භික්ෂුන් වහන්සේලා මාධ්‍ය හමුවේ විවිධ අදහස් පළකරන්නට විය. ඒ අතරින් මාවරලේ භද්දිය හිමියන් ඔබට මට වැදගත් කතා කිහිපයක් දේශනා කළ අයුරු පසුගියදා උන්වහන්සේ වැඩම කළ ධර්ම දේශනයක් තුළින් මෙන්ම ජනමාධ්‍ය හරහා දැකබලා ගන්නට හැකි විය.

“දැන් ලෝකේ හැම රටකම පාහේ එක නිව්ස් එකක් අපට ඇහෙනවා. ඔන්න එක්කෙනෙක් හම්බුණා. ඇත්ත වශයෙන්ම චීන මිනිස්සු ඒ අතින් මිනිසුන්ට මරණයෙන් හැංගෙන්න තැනක් නැතිකරලා තියෙනවා. චීනේ ඉන්න මිනිස්සු හැමතැනම රිංගලා ඉන්නේ. ඒ ගොල්ලො අපිට මරණින් හැංගෙන්න තැනක් නැතිකරලා තියෙනවා. බුදු හාමුදුරුවෝ කියපු එක ඔන්න දැන් ටිකක් තේරෙනවා. අභ්‍යවකාශයේ සිටියද මහා මුහුද මැද සිටියද මහා පර්වතයකට නැගලා ගුහාවක් තුළ හැංගිලා හිටියද මරණෙන් ගැළවෙන්න එක තැනක්වත් සේෆ්ටි නැත. එක තැනකවත් ආරක්ෂාව නැත. මැරෙන එක මැරෙනවාමයි.”

ඉපදීම යනු යම් දුකකි. එසේ ඉපදීම දුකක් වන්නේ ඉපදුණු සියල්ලෝම අනාගතයේ දිනෙක යළි මිය යන නිසාය. බුදු රජුන් පවා එදා දේශනා කර ඇත්තේ මෙම මරණයෙන් මිනිසාට ගැළවීමක් හෝ මිදීමක් නොමැති බවයි. උන්වහන්සේ පවසන පරිදි මරණයට තැනක් හෝ වෙලාවක් නැත. මාවරලේ භද්දිය හිමියන් ඉහත දේශනා කළේ එම කතාවයි.

“ඒත් ඇත්ත වශයෙන්ම මං මේ නරක ඇතුළේ මං ඔබට යෝජනා කරනවා. මේ සිද්ධිය නරකයි නේහ්. කවුරුත් මිනිස්සු බයෙන් ඉන්නේ. මං කියන්නේ ඒක ඇතුළේම මේ ජීවිතේ ඇත්ත දකින්න. ඒ නරක අපි අකමැති වුණත් දැන් නරකයිනේ. ඒ නරක එක්ක අපිට ඉන්නවෙලා තියෙනවනේ. ඒ නරක තත්ත්වය එක්ක අපිට දැන් ජීවිතේ ගෙවන දවස් ටික ගෙවන්න වෙලා තියෙනවා. හරි මං ඔබට යෝජනා කරනවා මේකේ ඇතුළ තේරුම් ගන්න උත්සාහ කරන්න. බුදු හාමුදුරුවෝ කියපු දේ කොච්චර ඇත්තද? මරණයෙන් ගැළවෙන්න තැනක් නෑනේ. මේ ලෝකේ හැමතැනම මේ වෛරස් එක යනවලුනේ. කොයිම ගිගිල්ලා හිටියත් දැන් මෙහේ බයයි කියලා ඇමෙරිකාවට පැන්න කියමුකෝ සල්ලි තියෙන කට්ටිය. දැන් එහෙත් ඉන්නවා කට්ටිය. ආ එහේ ඉන්න බෑ කියලා ෆින්ලන්තේ ගියා කියමුකෝ. ෆින්ලන්තෙත් ඉන්නවා.”

මරණය යනු කොයි මොහොතක හෝ ඔබට මට උදාවෙන දෙයකි. එදිනට ඔබට මට කරන්නට කිසිවක් නැත. නමුත් අප මේ මොහොතේ සිටම හෝ යහපත් අයෙකු බවට පත්විය යුතුය. එමෙන්ම කුසල් ආදිය රැස්කරන මෙන්ම නිවැරදි වූ පුද්ගලයෙකුද විය යුතුය. උසස් ජීවිතයක් මෙන්ම ප්‍රබුද්ධ ජීවිතයක් ගතකිරීමට නම් අප ජීවත්විය යුත්තේම එසේය. මාවරලේ භද්දිය හිමියන් මේ දේශනා කරන්නේ එම කතාවය.

“අපි කරන්න ඕනේ ඉක්මන් ඉක්මන් කරලා යහපත් කෙනෙක් වෙන එක.” අද අද එයි මරු පින්කරගන්නේ…” කියපු එක හරියටම හරිනේ. හරියටම හරි. මරණය අපි වෙත ළඟාවීම අද හෝ හෙට හෝ වෙන්න පුළුවන්. ඒ නිසා අපි යහපත් වෙන්න. පින් කරගන්න කියන්නේ යහපත් වෙන්නනේ. වසංගතය බිස්නස් එකක් කරගෙන තිබේ. වෙනදාට රුපියක් දහයකට පහළොවකට විකිණෙන මාස්ක් අද රුපියල් සීයට දෙසීයට පමණක් නොව පන්සීයට පවා විකිණෙයි. මේ මෙවන් අවස්ථාවක කළයුතු දෙයක් නොවේ. සෞඛ්‍ය නිලධාරීන් ඔවුන්ගේ එම ජීවිතය පවා නොතකමින් අනෙක් මිනිසුන් බේරා ගැනීමට උත්සාහ කරන මොහොතක වෙළෙඳුන් එසේ හැසිරීම අනුමත කළ නොහැකිය. මේ මාවරලේ භද්දිය හිමියන් එය දුටු ආකාරයයි.

“හැබැයි අපරාදේ කියන්න බෑ අපේ මරණය මෙන්න එනවෝ කියනකොට මාස්ක් එක පන්සීයට විකුණනවානේ. උන්ට කොරෝනා නැහැදුනොත් පුදුම වෙන්නෑ. මේ වගේ තුට්ටු දෙකේ මිනිස්සුනේ. මොන තරම් අධම පහත් තත්ත්වයට මේ මිනිස්සු වැටිලද? මර බයේ ඉන්න මිනිහනේ මාස්ක් හොයන්නේ. අපි ගිහින් මාක්ස් හෙව්වේ නෑ. මම තරම් මිනිස්සු අතරට යන හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවද? මං කොච්චර මිනිස්සු අතරට යනවද? නමුත් මං මාස්ක් හෙව්වේ නෑ. මේකෙන් මං මැරෙනවා නම් කොයි තැන හිටියත් මං මැරෙනවා. ඒකෙන් කියන් නෑ අපි සෞඛ්‍ය ගැන දොස්තරලා කියන දේ පිළිපදින්න ඕනේ නෑ කියලා. අපි පිළිපදින්න ඕනේ. එපයි කියන දේ නොකර ඉන්න ඕන. කරන්න කියන දේ කරන්න ඕන. හැබැයි ඉතින් මේක අහපු ගමන් මාස්ක් හොයන් දුවපු මිනිස්සු කියන්නේ වැඩිපුරම ජීවිතේට ආදරේ මිනිස්සු ටික. ඒ මිනිස්සුන්ගේ මරණ බයට මිලක් නියම කෙරිලද? අර දොස්තරලා පැය විසි හතරේම මං දකිනවා අර මුළු ඇඟම වහගෙන. මොන රස්නයක් ඇද්ද ඇඟ ඇතුළේ. අර බෑග් අස්සේ රිංගගෙන ඉන්නකොට. අපි මෙච්චර බණ මෙච්චර ධර්මේ මෙච්චර බෞද්ධ කොඩි විශාල විහාර රන් වැටවල් අසූ හාරදාහේ පින්කම්. මේවා ඔක්කෝම කරන මිනිස්සු භයානක මුළු රටම මරණ බයෙන් තැති ගනිද්දි ඒක ඇතුළෙත් බිස්නස් කරනවා. ඒක ඇතුළෙත් බිස්නස් කරන්න තරම් අපේ තණ්හාව කොච්චරද”
ඉපදෙන මිනිසුන් මැරෙන බව දැන දැන ජීවත්විය යුතුය. ඉපදෙන අප සියල්ලෝම මරණ සහතිකය අතේ රැගෙන එන්නෝය. දැන් අපේ රටට මෙම “කොරෝනා” පැමිණ අවසන්ය. එය අපේ මිනිසුන්ට ආසාදනය වී අවසන්ය. එයින් මිනිසුන් කීපදෙනෙක් අද මියගොස්ද අවසන්ය. එසේ නම් දැන් අපේ අය කළයුත්තේ සත්‍ය තේරුම් ගැනීම මිස එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීම නොවේ. මාවරලේ භද්දිය හිමියන් මේ නොකියා අපට දේශනා කරන්නේ ඒ ටිකය.

“අපි බයිනවා හොඳ වැඬේ චීනුන්ට තණ්හාවට කාලා නයි. ඔවුන්ට හොඳ වැඬේ. ඉතින් අපිත් මැරෙන්න යන එකා මරන් කන්න හදන ජාතියක්නේ. මරණ බයෙන් ඉන්න මිනිහා මරන් කන්න හදනවා අපි අපේ ලාබේ වෙනුවෙන්. චීන්නුන්ට බයිනවා නයි කාලා ඔවුන්ට හොඳ වැඬේ. ඒ ගොල්ලෝ නයි කාලා චීනේ ඒ ගොල්ලොන්ගේ දැනුම සම්බන්ධ ප්‍රශ්නනේ. ඔය පේන චීනේ ලොකු යෝධ ආර්ථිකේ වුණාට ඇතුළට ගියාම අමු දුගියොනේ. ඒ මිනිස්සු කන්න තියෙන්නේ මොනවද ඕනේ එකක් කනවා. ජීවත් වෙන්න මිනිස්සු ඒකනේ කරන්නේ. අපේ රට ඊට වඩා පොහොසත් අපි ඇත්තටම කිව්වොත්. චීනේ ඉන්දියාවේ ඔය ලොකුවට පුම්බපු කතාවක්නේ තියෙන්නේ. සීයට හතරක් සීයට පහක් පොඩි ජන කණ්ඩායමක් ඉන්න ජීවිතේ මුළු රටේම ජීවිතේ වගේ පෙන්නනවා. හැබැයි වැඩිපුරම ඉන්නේ අමු දුගියෝ. නයි පොළොංගු කකා ඉන්න එක ගැන පුදුම වෙන්න එපා. ඒවායේ ඇතුළට ගියොත් තියෙන්නේ එහෙම තමයි ජීවත් වෙන්නේ. අපිරිසිදු අපිළිවෙළ ඒ ඔක්කෝම. කන්න දෙයක් නැතිකමට බල්ලෝ පූසෝ කන මට්ටමට මිනිස්සු ඉන්නේ නිකන් නෙවෙයිනේ. කොරියාව දැන් බල්ලෝ පූසෝ කන්නේ නෑනේ. හැබැයි කොරියාව බල්ලෝ පූසෝ කෑවා. ඒ අන්තිම ආරථික අර්බුදයේදි. ඒ නිසා අපි නිකන් මිනිස්සුන්ගේ ඇද හොයන්න කලින් අපේ ප්‍රශ්නේ අපි තේරුම් ගන්න ඕන. අපි ජීවත් වෙන්නේ මැරෙනවා කියලා කතා කළාට මැරෙන මිනිස්සු විදිහටද.”

අවසානයේ මාවරලේ භද්දිය හිමියන් පවසා සිටියේ අවබෝධයෙන් ප්‍රඥාවෙන් මෙවන් අවස්ථාවක කටයුතු කළ යුතු බව සේම මෙම අවස්ථාවේ ශ්‍රද්ධාව ප්‍රඥාව බවට පත්කරගෙන කටයුතු කළොත් “ඣඪෂෘ 19” හෙවත් “කොරෝනා” වසංගතය අපේ රටින් පලවා හැරිය හැකි බවත්ය. එසේම එය අවසන් කිරීම මඟින් ජාතියක් ලෙස රටක් ලෙස හා සමාජයක් ලෙස නැවත නැඟී සිටින්නට අපිට හැකියාවක් ඇති බව මාවරලේ භද්දිය හිමියන්ගේ අදහසයි.

“අපි මොකක්ද මේ වෙලාවේ කරන්න ඕනේ. අපේ රෝගීන් ප්‍රමාණය වැඩිවීමනේ නවත්ත ගන්න ඕනේ. අන්න ඒ ඔළුව හදාගන්න. අන්න ඒ නුවණ හදාගන්න. ඒ නුවණ නැතුව බෑ. අපේ රටේ දාහ පැන්නට පස්සේ රෝගීන්ගේ ප්‍රමාණය අපි ඉවරයි. අපි ඉවරයි කියන එක මතක තියාගන්න. රෝගීන්ගේ ප්‍රමාණය දාහ පැන්නොතින් දහස ඉක්මවා ගියොතින් ඉතාලියේ ස්පාඤ්ඤයේ මේ වෙනකොට වෙන දේ මේ පුංචි දිවයිනෙත් වෙයි. ඒක මතක තියාගන්න. මේ වෙලාවේ ඒක ගැන නුවණින් කල්පනා කරන්න. මේ සෙල්ලම් කරන්න වෙලාවක් නෙවෙයි. මේ අපි ඉන්නේ අනතුරේ මුව විතටම ඇවිල්ලා. දොස්තර මහත්තුරු කට කැඩෙනකල් කියන්නේ මේ කතාව. මාධ්‍ය ප්‍රකාශකතුමන්ලා පොලිසියේ හමුදාවේ කට කැඩෙනකල් කියන්නේ මේ කතාව. ඔබලා මේ කතාව තේරුම් ගන්න. ධාරිතාව ඉක්මවපු ගමන් ප්‍රශ්නය විශාලා මහනුවර වගේ. මළ මිනී තැන් තැන්වල කුණුවෙන තත්ත්වයක් උදාවෙයි. මළ මිනියක් ගෙනියන්න කෙනෙකුට එළියට බහින්න බැරි තත්ත්වයක් උදාවෙයි. අද යුරෝපයේ සහ බටහිර බොහෝ රාජ්‍යවල ඇහෙන්නේ මොකක්ද? සයිරන් නළා හඬ විතරයි. බල්ලෙකුගේ මූසල උඩු බිරිල්ල විතරයි. ඒක මතක තියාගන්න. ඒ අනතුර අප හමුවට එමින් තියෙනවා කියන එක හොඳින් තේරුම් ගෙන අවබෝධයෙන් ප්‍රඥාවෙන් මේ වෙලාවේ මුලින් කියපු ශ්‍රද්ධාව ප්‍රඥාව බවට පත්කරගෙන කටයුතු කළොත් “Covid 19” පරාජයට පත් කරලා ජාතියක් විදිහට රටක් විදිහට සමාජයක් විදිහට නැවත නැඟී සිටින්නට අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා බුද්ධ රත්නයේ ආශීර්වාදය ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශීර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.”

මාවරලේ භද්දිය හිමියන්ගේ මෙම වටිනා කතා කිහිපය අපි ඔබට පැවසූයේ ඔබට එය වටිනාකමින් වැඩි නිසාය. දැන් මෙය කියවා ඔබ කළයුත්තේ සත්‍යය තේරුම් ගැනීමයි. මුලින්ම ඔබ ඉතාමත් පරිස්සම් විය යුතුය. ආරක්ෂාකාරී විය යුතුය. අපේ මරණය කොහේ කොතැනක සිදුවේදැයි අප දන්නේ නැත. නමුත් එයද “කොරෝනා” වෛරසය නිසා සිදුවුනොත් එයත් අපේ අඩුපාඩුවක්ය. අප මෙම වටිනා ලිපිය ඔබට ඔබ වෙත ගෙන ආවේ ඒ නිසාය. ඉතින් අපි ඔබෙන් ඉල්ලන්නේ එකම එක ඉල්ලීමකී. ඒ ගෙදරට වී පරිස්සම් වෙන්න යන්නයි.
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

SendShareShare
Previous Post

කොරෝනා වාර්තාවක් තියයිද? මරණ ලක්ෂය පනී…

Next Post

අද 6.45ට ‌කොළඹ අමුතු ‌දෙයක් ‌වෙනවා

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.