COVID-19 ව්‍යසනයට එරෙහි සංග්‍රාමයේ පෙරමුණේ ගමන් ගන්නා සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදා, පොලිස් සහ අනෙකුත් සහය සේවාවල සේවකයින්ගේ කැපවීම අගයනු වස් අද (11) සවස 6.45 ට නෙළුම් කුළුණ විදුලි ආලෝකයෙන් වර්ණවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කර ඇත.
ඔවුන්ගේ සේවය අද අප රටේ ජීවනාලිය බවත්, ඔවුන්ව රැකගැනීම අපගේ යුතුකම බවත් මේ පිළිබද ෆේස්බුක් සටහනක් තබමින් ජනාධිපතිවරයා සදහන් කොට තිබේ.











