• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

සිස්ටම් චේන්ජ් කරන කෙල්ල

October 18, 2019
in Holiday
Reading Time: 2 mins read
A A
සිස්ටම් චේන්ජ් කරන කෙල්ල
Share on WhatsAppShare on Facebook

ලංකාව කියන්නෙ දෙස් විදෙස් සංචාරකයන්ගෙ ඇස් මවිත කරපු හරිම සුන්දර රටක්. ඒ සුන්දරත්වය විඳින්න අද කාලේ ගැහැනු පිරිමි යන දෙපාර්ශ්වයම භේදයක් නැතුව පුරුදු වෙලා හිටියත් අපේ රටේ තියෙන විවිධ සමාජ මත එක්ක ගොඩක් අය හිතන දෙයක් තමයි කෙල්ලෙකුට ඇවිදින එක නුසුදුසු දෙයක් කියලා. දවස් ගණන් කැලේ රිංගලා, ඇවිදලා, කඳු නැඟලා, කඳවුරු බැඳලා ලබන අත්දැකීම් ඇත්තටම විඳින්න පුළුවන් කොල්ලන්ට විතරද? ඇත්තටම ඒ දේවල් කෙල්ලන්ට නුසුදුසුද?
සමාජ මතය කොහොම වුණත් ඒ මතය බිඳගෙන තමන්ගේ නිදහස හොයාගෙන යන කෙල්ලෝ අපි අතර ඕනෙ තරම්. අන්න ඒ වගේ කෙනෙක් හොයාගෙන යන්න තමයි අපි අද හදන්නේ.
අපූරු ආත්ම ශක්තියක් තියෙන මේ සුන්දර චරිතය නමින් සඳරුවනි ලක්දීපනී පීරිස්. ඇය සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රසිද්ධ චරිතයක්. බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ “ලකී” යන අන්වර්ථ නාමයෙන්. කෙල්ලෙක් වුණාම ගෙදරටම වෙලා ඉන්න ඕනෙ කියන මතයක් තියෙන සමාජයක ලක්දීපනී කියන්නේ ඒ සමාජ මතයට අභියෝගයක් එල්ල කරපු කෙනෙක්.

ඔබේ පෞද්ගලික තොරතුරු ගැන මුලින්ම කතා කරමු.
මම ලක්දීපනී පීරිස්. දැනට මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාරවරියක් වශයෙන් සේවය කරනවා. මං ඉන්නෙ නිට්ටඹුවේ. පොඩි කාලෙ ඉඳන්ම ජීවිතේ හැම මොහොතක්ම සතුටෙන් ජීවත් වෙන්න ආස කෙනෙක්.
මුලින්ම මේ විදියට සංචාරය කරන්නේ හිතුණෙ ඇයි?
මං පොඩි කාලෙ ඉඳන් හරි ආසයි ගෙදරටම වෙලා ඉන්නෙ නැතුව එහෙ මෙහෙ ඇවිදින්න. Facebook එකේ, Instagram එකේ එහෙම ලස්සන Locationsවල Photos දකිද්දී මටත් ආසාවක් ආවා ඒ ලස්සන තැන් මගෙම ඇස් දෙකෙන් බලන්න. හැල්මෙ දුවන ඒකාකාරී ජීවිතයෙන් පොඩි වෙලාවකට හරි මිදිලා සති අන්තයේ කොහේ හරි ගිහිල්ලා සතියක් පුරාම හිතේ තිබුණු මානසික ආතතියෙන් මිදෙන්න, ජීවිතයට රහක් දෙන්න මට ඕනෑ වුණා. අපි හැමෝම මොනව හරි දේකට ඇබ්බැහි වෙලා තියෙනවනේ. ඉතින් මං හිතන්නෙ මං ඇබ්බැහි වෙලා තියෙන්නෙ ඇවිදින්න.
මේ විදියට ඔයා රට වටේ සංචාරය කරන්න පටන් අරන් කොච්චර කල් වෙනවද? ඒ කාලය ඇතුළත මේ වෙනකොට ලංකාවේ මොන මොන ස්ථානවලද සංචාරය කරලා තියෙන්නේ?
2015 ඉඳලා මේ වෙනකොට ලංකාවේ ගොඩක් ප්‍රදේශවල ඇවිදලා තියනවා. ඒ අතරින් පුංචි සිරිපාදේ, සීගිරිය, පිදුරංගල, මිහින්තලේ, දෝතළුගල, නකල්ස්, කිරිගල්පොත්ත, ශ්‍රී පාදය, ඉදල්ගස්හින්න, හන්තාන, අම්බුළුවාව, නාරංගල, කොණ්ඩගල, හාවාගල, අලගල්ල, බතලේගල, උතුවන්කන්ද වගේ කඳුත් සෙම්බුවත්ත, මීමුරේ, රූමස්සල, ත්‍රිකුණාමලය වගේ ප්‍රදේශ වගේම ලංකාවේ ලස්සන දියඇලි බොහොමයක් දැකබලා ගෙන තියෙනවා. ඒ අතරින් ඕළුඇල්ල, රාවණා, ලක්ෂපාන, ඇබර්ඩීන්, කඩියන්ලෙන, ඇල්ල වල, දුනුමාල ඇල්ල, කුමාරි ඇල්ල, ගල්බොඩ, සාරි ඇල්ල, සුරතලී ඇල්ල, බෝපත් ඇල්ල, දියළුම, අල්ගම ඇල්ල, බඹරකන්ද, ලංකා ඇල්ල ,නානුඔය ඇල්ල, අසුපිනි, රත්න ඇල්ල, කළුවා වැටුණු ඇල්ල සහ නකල්ස් කියන දිය ඇලි විශේෂයි. හැබැයි මම තාමත් ලංකාවේ ගිහින් නැති ප්‍රදේශ ගොඩක් තියෙනවා.
ලංකාවේ සංචාරය කරන්න වැඩියෙන්ම කැමැති ප්‍රදේශය මොකක්ද?
නුවරඑළිය, හපුතලේ, බණ්ඩාරවෙල වගේ සීතල දේශගුණයක් තියෙන, මීදුමෙන් වැහුණු, නිස්කලංක, කොළපාට පිරිච්ච, අහස උසට කොන්ක්‍රීට් මාලිගා දකින්න නැති පළාත්වලට. ඒ පැතිවල අහසෙ තියෙන ඒ ලස්සන නිල් පාට කවදාවත් කොළඹදි දකින්න හම්බවෙන්නෙ නෑ.
මේ විදියට සංචාරය කරද්දී සිදුවුණු අමතක නොවන සිදුවීම් ගොඩක් ඇති. ඒ ගැන සඳහන් කළොත්?
අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියෙනවා. ඒ අතරින් මෑතකදී මම ගොඩක්ම බයවුණු සිද්ධියක් කියන්නම්. නකල්ස් රක්ෂිතයේ දෝතළුගල කියන කන්ද තමයි පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපි ගිය මුල්ම ගමන. ඩීන්ස්ටන් Circuit Bungalow එක book කරලා hike එක ගිහින් ඇවිත් රෑට සිංදු කියමු කියලා හිතාගෙන තමයි අපි හත්දෙනාම ආසාවෙන් ආවේ. රෑ කෑමට අපිට උයන්න ඕනෙ බඩු ටිකත් කෝකියාට දීලා අපේ බෑග් ටිකත් තියලා දවල් 1ට විතර කන්ද නඟින්න පටන් ගත්තා. පැය දෙකහමාරක් වගේ කාලයක් ඇතුළත GPS track එකේ පෙන්නපු ගමනාන්තයට අපි ළඟා වුණත් ඒක කඳු මුදුන නෙවෙයි කියලා අපට තේරුම් ගියා. කඳු මුදුන දිහා බලාගෙන මුදුනටම නඟිමු කියලා නඬේ ගුරා ගෙනාපු යෝජනාවට අනුව ආපහු එන්න පාර හොයාගන්නත් පුළුවන් වෙන විදියට ගස්වල සලකුණු තිය තිය ඉස්සරහටම ගියා. ඝන කැළේ මැද්දේ සමහර තැන්වලින් යන්න සිද්ධ වුණේ බිම බඩගාගෙන. කටු පඳුරුවල පැටලිලා මේ වෙද්දී අපේ ඇඳුම්වල නූල් ඇදිල තිබුණේ. සෑහෙන දුරක් ආපහු යන්න තියෙන නිසා කිහිප දෙනකුගේ අදහස වුණේ ආපහු හැරෙමු කියලා. ගමනාන්තයටම ගිහින් ගමන ඉවර කරලම හැරෙන්න තව කිහිප දෙනෙක්ට ඕනෙ වුණා. කොහොම හරි කන්ද මුදුනටම එද්දි හවස 6.30යි.

ඊළඟ ලොකුම අභියෝගය වුණේ කළුවරේ ආපහු යන එකයි. මේ ගමන පැය දෙකහමාරකින් විතර ඉවර කරන්න පුළුවන් කියලා අපිට කලින් ගිය අය කිව්ව නිසා අපි කවුරුත් Torch එකක් වත් ගෙනත් තිබුණේ නැහැ. ගොඩක් අයගේ Phoneවලත් බැටරි බැහැල තිබුණු නිසා අපි පුළුවන් තරම් දුරක් කළුවරේ මාන පඳුරු මැද්දෙන් ඉස්සරහට ගියා Torch පාවිච්චි නොකර. මේ වෙද්දී අපි ළඟ තිබ්බ කෑමත් වතුරත් සේරම ඉවර වෙලා. Offline map එකක් තිබුණු නිසා ඒක බලාගෙන අපි පහලට බහින්න පටන් ගත්තා. ඒත් ප්ච එකේ පෙන්නුවේ අපි ආපු පාර නෙවෙයි, අපිට යන්න තියෙන කෙටිම පාර. පැයකට කිට්ටු කාලයක් මේ විදියට map එකේ පෙන්නපු පාරෙන් ආව අපි නතර වුණේ අංශක 70ක විතර බෑවුමක් ළඟ. කෑමක්වත් නැතුව හෙම්බත් වෙලා හිටිය අපි ආපහු හැරෙන්නත් බැරි තරම් දුරක් මේ වෙද්දී ඇවිත් තියෙන නිසා මේ පල්ලම බහිනවා ඇරෙන්න වෙන විකල්පයක් තිබුණේ නෑ. එක පාරටම මොකක් හරි පහළට පෙරළි පෙරළි යන ලොකු සද්දයක් ඇහුනා. ඉදිරියෙන්ම පාර හොයාගෙන ගිය අපේ යාළුවො දෙන්නගෙ නම් කියලා අපි හැමෝම කතා කරත් ඒ දෙන්නගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා දෙවෙනි වතාවටත් කතා කරා. ඒත් කිසි ප්‍රතිචාරයක් නෑ. බයටයි, දුකටයි මගේ ඇස්වල කඳුළු පිරුණා. මගේ ජීවිතයේ මම වැඩියෙන්ම බය වුණු තත්පර කිහිපය තමයි ඒ. තුන්වැනි වතාවටත් එයාලගේ නම් කියලා කතා කරද්දි තමයි කම්පනය වෙලා හිටිය එයාලා අපිට ප්‍රතිචාර දැක්වුවේ.

අපේ යාළුවෙක් වැටිලා තුවාල වුණු නිසා අපි හැමෝටම එදා රෑ කැලේ මැද්දේ නවතින්න සිද්ධ වුණා. අපි ළඟ තිබුණු හැම දේම තුවාල වුණු යාළුවට පොරවලා අපි සීතලේ වෙවුල වෙවුල නිදාගන්න උත්සහ කළා. තව කෙනෙක් එයාගේ කැමරාවේ Flasher එක වටේටම ගහලා සතකුගෙන් අපිට කරදරයක් වෙන එක වැළැක්වූවා. පහුවදා උදේ ඉර එළිය වැටීගෙන එද්දීම තුවාල වුණු අපේ යාළුවත් එක්කම වතුර පාර දිගේ පල්ලම් බහින්න ගත්තම තමයි දැක්කේ බංගලාවට තව බොහොම පොඩි දුරක් තියාගෙන තමයි කැලේ මැද නැවතිලා තියෙන්නේ කියලා.
මේ විදියට ඔයා වගේ සංචාරය කරන්න ආසා අය ඕනෙ තරම් ඇති, ඒ අයට දෙන්න පුළුවන් පණිවුඩය මොකක්ද?
ආසාවක් තියෙනව නම් වෙලාවක් හොයාගන්න අමාරු නැහැ. අමාරු තැන්වලදි එකිනෙකාට උදව් කරගෙන සහයෝගයෙන් යන්න ඕනෙ. හොඳ යාළුවො පිරිසක් ඉන්නව නම් ඇවිදින්න යන්න බය වෙන්න ඕනෙ නැහැ.
ශශින් විජේතුංග

SendShareShare
Previous Post

ශෛලමය රයිනේසරයෙක් රතුගල කන්දෙන් හමුවෙයි

Next Post

සජිත් කරන්න යන ‌දේ සදුදා එළියට

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.Sri Lanka Latest News විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින දැඩි උණුසුම්...

Read more
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.