• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ශිල්පය

August 22, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
ශිල්පය
Share on WhatsAppShare on Facebook

මනුෂ්‍ය ආත්මයක් ලැබුණත් හැමෝටම මිනිසකුට තිබිය යුතු ශරීර අංග පිහිටන්නේ නැහැ. අද අප ජීවත්වන සමාජය දෙස බලන විටත්, මිනිස් කයක උරුමය ඇතත් කිසියම් ශරීර අංගයක අඩුපාඩු සහිතව ජීවත්වීමට සිඟමන් යදින අය පවා අපට හමුවෙනවා.
නමුත් අප මේ කතාව කියන්නේ එදා බරණැස් නුවර ගැන. ඈත අතීත කාලයක බරණැස් නුවරට වෙන්නට දෙපා කොරවුණු පුද්ගලයෙක් ජීවත් වුණා.
මෙම දෙපා කොර මිනිසාට වෙන අයට වගේම එක්තරා දක්ෂකමක් තිබුණා. මොහුට තිබුණු එකම දක්‍ෂකම වූයේ ගල්කැට අරගෙන කිසියම් ඉලක්කයකට විදීමේ දක්ෂකමයි.
මෙම පුද්ගලයාගේ දින චරියාව වී තිබුණේ හැමදාම නගරයේ සිට ගල් කැට විදින එකයි. නගරයේ නුග ගසක් තිබුණා. ඉතින් මේ නුග ගසේ පත්‍රවලට (කොළ) ගල්කැට විදීම මේ මිනිසාගේ පුරුද්ද වී තිබුණා.
මේ පුද්ගලයාගේ ගල්කැට විදීමේ දක්‍ෂකම කොතෙක්ද කිවහොත් නුග ගසේ පත්‍රවල විවිධාකාරයේ රූප හැදෙන ආකාරයට ඔහු මේ ගල් විදීම කළා.
නගරයේ ජීවත් වන ළමයිනුත් මේ මිනිසාගේ ගල් විදීමේ ක්‍රියාව දෙස බලා සතුටට පත්වුණා. ළමයින්ගේ සතුට කොපමණද කියනවා නම් ළමයින් මේ මිනිසාට මුදල් දීල තමන් කැමැති කැමති විවිධ වූ රූප නුග කොළවල හැදෙන ආකාරයට ගල් විද්දවා ගන්නත් පෙළඹුණා.
එක දවසක්දා බරණැස් රජතුමා නගරයේ ඇවිදින්න ආවා. එහෙම ඇවිත් නගරයේ සිරි නරඹන ගමන් මේ නුග ගස දෙසත් බැලුවා. රජතුමාට හරි පුදුමයි. නුග ගසේ කොළවල විවිධ රූප මතුවෙලා. ඒක කරල තියෙන්නෙ විදමනකින් බවත් රජුට හිතුණා. නුගගහේ කොළවල මෙතරම් ලස්සනට විවිධ රූප විද්දෙ කවුද කියල සොයා බලන්න රජතුමාට ඕනෑ වුණා.
කවුද මේ හපන් වැඬේ කළේ කියලා රජතුමා සොයා බැලුවා. ඒක කළේ නගරයේම වෙසෙන දෙපා කොර මිනිහෙක්ය යන වග රජුට දැකගත හැකි වුණා.
රජු චරපුරුෂයො කිහිප දෙනෙක් යවල ගල් විද රූප හදන දෙපා කොරාව තමා ළඟට ගෙන්ව ගත්තා.
“ආ… උඹද අර නුග ගහේ කොළවලට ගල් විදලා රූප මවන හපන්කම කළේ. රජු දෙපා කොර මිනිසාගෙන් ඇහුවා.”
“හ්ම්… ඒ කියන්නෙ උඹට ඉලක්කයට ගල් විදින්න පුළුවන්…”
“එහෙමයි… දේවයන් වහන්ස…” දෙපා කොර මිනිසාද රජුට පිළිතුරු දුන්නා.
“යම් තැනක කෙනෙක් කතා කර කර ඉන්න කොට ඒ වගේ කෙනකුගෙ කට ඇතුළට යන්න යමක් ඉලක්කයට විදින්නත් උඹට පුළුවන්ද?”
“එහෙමයි… එහෙමයි… දේවයන් වහන්ස…”
පුරෝහිත බමුණා තොර තෝංචියක් නැතිව කතා කරන එක නවත්වන්න රජු හොඳ උපායක් කල්පනා කළා.
එහෙම හිතපු රජතුමා ඊට පසුදා පුරෝහිත බමුණා රජු හමුවීමට පැමිණ වාඩි වන තැනට තරමක් ඈතින් තිරයක් එල්ලන්න නියම කළා.
එසේ කරවූ රජතුමා පුරෝහිත බමුණා වාඩි වූ පසු ඔහුගේ කටට ඉලක්ක ගත හැකි පරිදි තිරයේ සිදුරකුත් හැදෙව්වා. එහෙම කරවල තිරයට පිටුපස තරමක් දුරින් දෙපා කොර මිනිසාට ඉන්නට සලස්වා ඔහු අසල එළු බෙටි ගෝනියකුත් ගෙනැවිත් තිබ්බා.
එසේ කරවූ රජතුමා… තමා අසළට පැමිණ පුරෝහිත බමුණා වාඩි වී කතා කරමින් සිටින විට ඔහුගේ කටට එළු බෙටි විදින ලෙසට කොර මිනිසාට උපදෙස් දෙනු ලැබුවා.
එදිනත් සුපුරුදු පරිදි පැමිණි පුරෝහිත බමුණා පුරුදු අසුනේ වාඩි වී රජු සමඟ කතා කරමින් සිටියා.
එසේ කතා කරන අතරවාරයේ රජුගේ උපදෙස් අනුව පුරෝහිත බමුණා ආවරණය වන පරිදි එල්ලා ඇති තිරයේ සිදුරු තුළින් දෙපා කොර මිනිසා පුරෝහිත බමුණාගේ කට තුළට එළු බෙටි විද්දා. බමුණා දැනගෙන හිටියේ නැහැ තමන්ගෙ කටට වැටෙන්නෙ එළු බෙටි කියලා. ඒත් වැටෙන වැටෙන වාරයේ පුරෝහිත බමුණා ඒවා ගිල දැමුවා.
සෑහෙන වෙලාවක් ගියාට පස්සෙ පුරෝහිත බමුණා අසුනින් නැඟිටල යන්න හැදුවා. ඒ වෙලාවෙ රජ්ජුරුවො පුරෝහිත බමුණා අමතල කීවා හොඳයි ගිහින් විරේක බෙහෙත් බොන්න කියලා.
පුරෝහිත බමුණා දැනගෙන හිටියෙ නැහැ වරින් වර තමුන්ගෙ කටට යමක් වැටුණු බව රජ්ජුරුවො දන්නව කියල. ඒ නිසාම බමුණ රජ්ජුරුවන්ගෙන් ඇයි? එහෙම කිව්වෙ කියල ඇහුවා.
“ඇයි? මෙච්චර වෙලාවක් බඩට ගිය එළු බෙටි ටික වමාරන්නෙ නැද්දැයි” රජු ඇහුවාම පුරෝහිත බමුණාට ලොකු ලැජ්ජාවක් ඇති වුණා.
බමුණා අඩිය ඉක්මක් කරල රජුගෙන් ඈත්වෙලා ගියා.
දෙපා කොර මිනිසා කළ හපන්කම දැකල රජ්ජුරුවන්ට හරි සතුටුයි. රජු එවෙලේම මේ මිනිසාට ගම් දාහතරක් තෑග්ගක් හැටියට ප්‍රදානය කළා. කොර මිනිසා එතැන් පටන් රජුගෙන් ලැබුණු ඉඩම්වල ආදායමින් හොඳ යහපත් ජීවිතයක් ගත කළා. පින්දහම් කටයුතුත් කෙරුවා.
මේ සිද්ධියෙන් පසු ගල්කැට විදීමේ ශිල්ප කලාව ඉගෙන ගැනීමට බොහෝ අය දෙපා කොර මිනිසා සොයාගෙන පැමිණියා. මෙම මිනිසාට දැන් යහමින් මුදල් හදල් තිබෙන නිසා තමාගෙන් ගල් කැට විදීමේ ශිල්පය ඉගෙන ගැනීමට ආගිය අයට කෑම බීම පවා දුන්නා. ඒ අතර ඇතැමකුට මිල මුදල් පවා දුන්නා.
කාලය එසේ ගෙවෙන අතරෙදි දවසක් ගල්කැට විදීමේ ශිල්පය ඉගෙනගෙන අවසන් වූ අයෙක් දෙපා කොර මිනිසාගෙන් සමුගෙන ගියා.
ඒ යන අතර මේ තැනැත්තට තමන් ඉගෙන ගත්ත ශිල්පය අත්හදා බලන්න ඕන වුණා. එහෙම හිතල වටපිට බැලුවා. මේ අය දැක්ක සුනෙත්ත පසේ බුදු හාමුදුරුවො ගඟ අයිනෙ ඉන්නව. මොහු ගල් කැටයක් අරගෙන උන්වහන්සේගෙ හිසට ඉලක්ක කර විද දැමුවා.
මෙම ගල වැදී උන්වහන්සේගේ හිස පොඩි වුණා. එහි බරපතළකම කොතෙක්ද යත් පසේ බුදු හාමුදුරුවෝ එතැනම පිරිනිවන් පෑවා.
සිද්ධිය සැලවී බොහෝ පිරිසක් එතැනට දිව ආවා. එසේ පැමිණි හැමෝම ගල විද්ද පුද්ලයට ගල් මුගරුවලින් පහර දුන්නා. එසේ පහර දී ඒ පව්කාර පුද්ලගයාද මරා දැමුවා.
පසේ බුදුවරයකු ඝාතනය කළ පාප කර්මයේ හේතුවෙන් මෙකී පාපතර මිනිසා අපායට ගියා. අපායෙ කාලයක් දුක්වින්ද මේ පුද්ගලයා පසු කලෙක එනම් ගෞතම බුදු හාමුදුරුවන්ගෙ කාලේ රජගහ නුවරට ආසන්නයේ ප්‍රේතයකු වෙලා ඉපදුනා.
පෙර ආත්ම භවයක කළ මහා පාප කර්මයේ බලයෙන් මෙකී ප්‍රේතයාගේ හිසට උදයේත්, දවාලේත් දිනපතා කුළු ගෙඩි පහරවල් හැට දහසක් වැදෙන්ට වුණා. එම ප්‍රහාරවලදී ප්‍රේතයාගේ හිස බිඳෙනවා. විලාප දිදී දුව ඇවිදිනව. බිමත් ඇදගෙන වැටෙනවා. කුළු ගෙඩි ප්‍රහාරය නතර වුණාම නැවත හිටි විදියටම නැඟී සිටිනවා.
දවසක් මුගලන් මහ තෙරුන් වහන්සේ මේ ප්‍රේතයාව දකිනවා. ප්‍රේතයා තමා පෙර කළ අකුසල කර්මය කවරේදැයි උන්වහන්සේ ප්‍රශ්න කළා. ප්‍රේතයා තමන් අතින් සිදුවුණු පාපකර්මය හෙළි කෙරුවා.
“තා කර තිබෙන්නේ බරපතළම අකුසල කර්මයක්. තොපට දැන් එම පාපයට නියමිත දඬුවම ලැබෙනවා. තොපට මෙම පාපකර්මයෙන් මිදිය නොහැකියි. එසේම තා කර ඇති අකුසල කර්මයෙන් දෙව් බඹුන්ටවත්, සම්බුදු පියාණන්ටවත් මුදවාලිය නොහැකි යැයි” උන්වහන්සේ ප්‍රේතයා අමතා පැවැසුවා.
මෙම සිද්ධිය මුගලන් මහ තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සැලකර සිටියා. බුදුරජාණන් වහන්සේ මෙම කාරණය පාදක කොටගෙන පසේ බුදුන් වහන්සේ නමකගේ පවත්නා ගුණානුභාවයත්, කර්ම විපාක පිළිබඳවත් විවරණයක යෙදෙමින් පිරිසට දම් දෙසුවා. එකී ධර්ම දේශනය ශ්‍රවණය කළ පිරිස අකුසලෙන් මිදීමටත්, කුසලට බරව ජීවිත හැඩගසා ගැනීමටත් අදිටන් කරගත්තා.
ආදර්ශ පාඨය
ඉගෙනගත් ශිල්පය අත්හදා බැලීමත් බුද්ධිමත්ව කළ යුතුය.

සට්ඨිකූට සහස්ස ප්‍රේත වස්තුව ඇසුරිනි.
නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

පළමු දිනයට වර්ෂාවෙන් බාධා

Next Post

ලංකාවේ අය රජ වුණේ කොහොමද

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.