සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 85ක් රැස්කරගෙන සිටී.
පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනූ දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළත්, වර්ෂාවෙන් තරගයේ පලමු භාගය සේදී ගියේය.
දෙවන භාගයේ තරගය ආරම්භ වීමෙන් පසුව කරුණාරත්න සමග ආරම්භක පිතිකරු වශයෙන් පිටියට පිවිසි ළහිරු තිරිමාන්න ලකුණු 2කට දවා ගැනීමට සමර්විල් සමත්විය. ඒ වන වට ලකුණු පුවරුව ලකුණු 36ක් ලෙස දැක්විණි.
ඉන් පසුව කරුණාරත්න සමග එක්වුණු කුසල් මෙන්ඩිස් ලකුණු 50ක සාර්ථක සබඳතාවක් පවත්වාගෙන ගිය අතර, මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 79 වෙද්දී කුසල් මෙන්ඩිස් ලකුණු 37කට දවා ගැනීමට ග්‍රෑන්ඞ්හොමී සමත් විය.
අයහපත් ආලෝක තත්ත්වය නිසා පළමු දිනයට තරගය අවසන් කරන විට පන්දුවට පහරදෙමින් සිටින දිමුත් කරුණාරත්න ලකුණු 49ක් සහ ඇන්ජලෝ මැතිවුස් කිසිදු ලකුණුක් නොලබා කඩුල්ලේ රැඳී සිටී.