• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

වෙසක් පෝයට නිවාඩු ලැබුණු බෞද්ධ අයිතිය රැකීමට හේතුවුණු එංගලන්ත මහ රැජිනත් තිගැස්සූ කොටහේන කැරැල්ල

April 24, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
වෙසක් පෝයට නිවාඩු ලැබුණු බෞද්ධ අයිතිය රැකීමට හේතුවුණු එංගලන්ත මහ රැජිනත් තිගැස්සූ කොටහේන කැරැල්ල
Share on WhatsAppShare on Facebook

දිනය 1883 මාර්තු මස 25 වැනිදාය. උදෑසනින්ම අහසට නැඟි හිරු දිනයේ කටයුතු නිම කළේ සුපුරුදු රටාවට වුවද කොලොම්තොට තරමක අමුත්තක් පැතිර යමින් තිබුණා විය යුතුය. බොරැල්ල ප්‍රදේශයේ වෙනදා නැති කලබල ස්වභාවයක්ද පෙනෙන්නට තිබුණේය. ඒ අවට වෙහෙර විහාරස්ථාන තුළත් බෞද්ධ ජනතාවත් යම්කිසි විශේෂ කටයුත්තකට ලකලැහැස්ති වෙමින් සිටියේය.

දහවල් කාලය කෙමෙන් ගෙවී ගියේය. රාත්‍රි කාලයට අත වනමින් හිරු බටහිර දෙසින් මුහුදු රළ අතරේ සැඟවී නොපෙනී ගියේ අවසන් හිරු කිරණත් මුහුදු රළ අතර සඟවා ගනිමින්. නගරයේ ඔබමොබ සැරිසරමින් සිටියවුන් සෙබළුන් සිය සංචාර සීමා කර තම තමන්ගේ අදාළ ස්ථාන කරා සමීපව රාත්‍රියට නියමිත රාජකාරියට අනුගත වූයේ සිය රාජකාරියේ සම්ප්‍රදායට අනුකූලවය. එදින රාත්‍රිය ආරම්භ වෙත්ම දීපාදුත්තාරාම විහාරාධිපති වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට අතිශය කාර්යබහුල වටපිටාවක් ගොඩනැඟුණහ. උන්වහන්සේලා රාත්‍රිය ආරම්භයටත් පෙර සිටම බොරැල්ල මහ පන්සලට වැඩමකර සිටියේ බෞද්ධයන්ගේ අයිතිය උදෙසා කෙරෙන මහා ශාසනික මෙහෙවරක් උදෙසාය. ඒ අනුව තවත් අතිවිශාල ජනතාවක්ද බොරැල්ල මහ පන්සලට පැමිණ සිටියේය. සවස හත පමණ වෙද්දී පෙරහැරකට අවශ්‍ය සියලු අංගයන් ලකලැහැස්ති වූයේ මිගෙට්ටුවත්තේ හිමියන්ගේ අනුදැනුම පරිදිය. අවසානයේ කසකරුවන්ගේ කසපටවල් චටස්, පටස් හඬ මුල්ලම පියවරට අවසර පැතුවේය. දෙවනුව හේවිසි, හොරනෑ ජයසක් හඬ නගර වීදි පුරා රැව්පිළිරැව් දුන්නාය. මහ පන්සලේ මළුවෙන් වීදිබට පෙරහැර කසකරුවන්ගෙන් ලද ඉඩ හසර උපයෝගී කර ගනිමින් මහමගට පිවිසුණේය. අති විශාල ජනකායක් එකා පස්සේ එකා වැටෙමින් පෙරහැරට එකතු වූයේ පෙරහර අංග සියල්ල පෙරටු කරගනිමිනි. කොලොම්තොට නිහඬ වීදි පුරා එදින අමුතු ප්‍රබෝධයෙන් විසිරී යමින් තිබුණේය.

පෙරහැර බොරැල්ල මහ පන්සලේ සිට දීපදුත්තාරාමය දෙසට ඉතා සාර්ථකව ශාන්ත, දාන්තව ගමන් කරමින් තිබුණේය. එහෙත් බෞද්ධ ආගමටත්, එහි සංස්කෘතිකාංගයන්ටත් එරෙහි වූ අධිරාජ්‍යවාදී ගිනි අවි අතරමග මගබලා සිටින වග කිසිවකුත් දැන සිටියේ නැත. අවසානයේ මහ මගදි එක්වරම මහා හඬක් නඟමින් ගිනිඅවිවලින් නික්මුණු වෙඩි උණ්ඩ පෙරහැරේ කටයුතු සහමුලින්ම විනාශ කර දැමුවේ සියලු දෙනාගේ හදවත් තුළ මර බියද ජනිත කරමිනි. පිරිස සීසීකඩ විසිර ගියේ වැටෙමින්, ගැටෙමින්, තැතිගැන්මෙන්ය. තුවාල ලැබුවෝ අපමණය. ඒ අතරේ එක් ජීවිතයක්ද රටට අහිමි වූයේ ලෝකය පුරාම මේ සිද්ධිය අඳුරු පුවතක් ලෙස කොටහේන කැරැල්ල නමින් සනිටුහන් කරමිනි.

කෙසේ නමුත් මෙම පෙරහැරට මග සැකසුණේ මිහිඳු මහ රහතන් වහන්සේ සදහම් පණිවුඩය රැගෙන ඒමේ සිට රජයේ නිවාඩු දිනයක් වූ වෙසක් පොහොය දින නිවාඩුව බෞද්ධයන්ට අහිමි වීම හේතුවෙනි. ඒ අනුව එම නිවාඩුව බෞද්ධයන්ට අහිමි වන්නේ 1770 දී ඕලන්ද ජාතික පෝක් ආණ්ඩුකාරයාගේ දරදඬු තීන්දුවකින් පසුවය. ඔහු පොහොය දින නිවාඩුව අවලංගු කර ඒ වෙනුවට ඉරිදා දිනය රජයේ නිවාඩු දිනක් ලෙස නම් කළේය.

ඉන්පසු එළඹෙන ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට මව්බිම යටත් වූ අඳුරු යුගයේ 1817 අංක 5 දරන ආඥා පනත තුළින් පාස්කු ඉරිදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්විය.
එම අහිමි වූ උරුමය ලබාගැනීම උදෙසා ඇරැඹුණු පෙරහැරට වෙඩි තැබීමේ සිද්ධිය පහසුවෙන් අමතක කර දමන්නට තරම් පසුබට නොවූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමියෝ අහිංසාවාදීව මෙම ප්‍රශ්නයට මුහුණ දීමට තීරණය කර ඒ සඳහා ඉදිරි සැලසුම් සකස් කළේ වස්කඩුවේ ශ්‍රී සුභූති සහ හික්කඩුවේ ශ්‍රී සුමංගල යන මහා යතිවරුන්ගේ මගපෙන්වීමෙන් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාවද සම්බන්ධ කරගනිමිනි.

ඒ අනුව බෞද්ධාරක්‍ෂක කමිටුව නමින් සංවිධානයක් නිර්මාණය කරගෙන එහි යෝජනා රැගත් ලිපියක් රැගෙන එංගලන්තයට යන ඕල්කට්තුමා එංගලන්ත මහරැජිනට ඉදිරිපත් කළ සංදේශයට පිළිතුරු ලෙස මහ රැජිනගෙන් ලද නියෝගය අනුව 1885 මාර්තු 27 වැනි දින ප්‍රකාශිත ගැසට් නිවේදනය මගින් වෙසක් පුර පසළොස්වක පෝය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරිණි.

එයින් උද්දාමයට පත්වන බෞද්ධාරක්‍ෂක කමිටුව එළැඹෙන වෙසක් පොහොය ඉතා ඉහළින් සැමරීමට තීරණය කර ඊට කටයුතු සකස් කරයි. ඒ සඳහා බෞද්ධ කොඩියක් අවශ්‍ය යැයි කරන තීරණය අනුව ෂඩ්වර්ණයෙන් යුතු බෞද්ධ කොඩිය නිර්මාණය වෙන්නේ 1885 පෙබරවාරි මස 14 වැනිදාය.

එසේ නිර්මාණය වන බෞද්ධ කොඩිය 1885 අප්‍රේල් මස 28 දා යෙදුණු අධිවෙසක් පුර පසළොස්වක පෝය දිනයේදී කැලණිය රජමහා විහාරය, පරමවිඥානාර්ථ ප්‍රධාන ගොඩනැඟිල්ලෙ හුනුපිටිය ගංගාරාමය, මාලිගාකන්ද විfiාදය පිරිවෙන සහ කොටහේන දීපදුත්තාරාමය යන ස්ථානයන්හි එසවෙන්නේ මේ ලක් දෙරණේත් ලෝකයේත් අහස් කුසට බුදුරැස් විහිදුවන්නාක් මෙන් ෂඩ් වර්ණ දහරා එකතු කරමිනි. ඒ අනුව 1956 වසරේදී මේ කොඩිය ලෝක බෞද්ධ ප්‍රජාවගේම කොඩිය බවට පත්වන්නේ ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් එක්කරමිනි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

එය මට උරුමයි

Next Post

වික්ටෝරියා දියවර නෙත් මානයේ ඉදිවන Scottish Island

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.