ශ්‍රී ලාංකීය නිවාස හා දේපොළ වෙළෙඳ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ නායකත්වය උසුලන සහ සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලද ප්‍රයිම් සමූහය සිය නවතම සුඛෝපභෝගී නිවාඩු නිකේතන නිවාස ව්‍යාපෘතිය වන Scottish Island දිගන ප්‍රදේශයේදී ආරම්භ කරන ලදී. වික්ටෝරියා ජලාශය නෙත ගැටෙන සුන්දර දිගන නගරයේ ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය හරහා සුඛෝපභෝගී නිවාස 28ක් ස්කොට්ලන්ත ගෘහනිර්මාණ ශිල්පයට අනුව ඉදිවනු ඇත. මෙම සුඛෝපභෝගී නිවාඩු නිකේතන නිවාස ව්‍යාපෘතිය මෙහි ඇති ආකර්ෂණීය පාරිසරික මිහිරියාව නිසාම ප්‍රයිම් සමූහයේ නිවාස ව්‍යාපෘතීන් අතර සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනු ඇත.
මෙම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වන ප්‍රයිම් සමූහයේ සම සභාපතිනි සඳමිණී පෙරේරා මහත්මිය “ප්‍රයිම් සමූහයේ දිගන Scottish Island සුඛෝපභෝගී නිවාඩු නිකේතන නිවාස ව්‍යාපෘතිය මුළුමනින්ම ස්වභාව සෞන්දර්යයෙන් අනූන රමණීය පරිසරයක ගොඩනැංවෙන නිසාම දැඩි තරගකාරී ජීවින රටාවකට හුරුවී සිටින්නන්ට ඔවුන් සොයන සෑබෑ මානසික නිදහස විඳින්නට හැකි හොඳම ස්ථානය Scottish Island සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය බව කිසිදු සැකයක් නැහැ. එමෙන්ම නෙත් මානයේ ඇති වික්ටෝරියා ජලාශය දිගන Scottish Island ව්‍යාපෘතියට ගෙන එන සුන්දරත්වය මිල කළ නොහැකියි” යනුවෙන් පැවසීය.