• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

වෙල්ලස්සේ පළමු පාසල තැනූ ජේමිස් මුදලාලි

November 21, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
වෙල්ලස්සේ පළමු පාසල තැනූ ජේමිස් මුදලාලි
Share on WhatsAppShare on Facebook

ජේ. ඩී. ජේමිස් අප්පුහාමි මහතා බිබිලෙට පිට ගම්පළාතකින් පැමිණි අයෙකි. 1930 ගණන්වල කොළඹ පළාතේ කහතුඩුව ගමේ සිට පැමිණි ඔහු බිබිලේ දොඩම් එකතු කොට කොළඹ රැගෙන ගියේය. ඒ කාලයේ දොඩම් ගෙඩියක මිල ශත පහකටත් අඩුය. ජේමිස් අප්පුහාමි ගමෙන් එක්කරගෙන ආ ගෝලයන් දෙදෙනකුද කැටුව දොඩම් එකතු කරන්නට බිබිලෙන් එපිට පිටකුඹුර, නාගල, බුළුපිටිය, ගල්ගමුව ආදී ගම්මානවලට ගියහ.

දින තුන හතර එහි නතර වී මිලදී ගන්නා දොඩම් බිබිල කඩමණ්ඩියට රැගෙන එන්නේ ගොන් කරත්තවලය. ඒ කාලයේ මේ පළාතේ තිබුණු ලොකුම වාහනය ගොන් දෙන්නා බඳින බරකරත්තයයි. මෙම කරත්තවලින් පටවාගෙන එන දොඩම් අයිවෙල හන්දියට රැගෙන එයි. මේ ප්‍රදේශයේ ප්‍රසිද්ධම දොඩම් මුදලාලි වූයේ අයිවෙල මුදලාලිය. ඔහු සමඟ දොඩම් වෙළෙඳාම කළ ජේමිස් අප්පුහාමි බිබිලේ හෙවෙල්වල ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගෙන එහි පදිංචි විය. මෙසේ වසර කිහිපයක් ගතවන විට ඔහු ඉඩම් හිමියකු මෙන්ම පළාතේ ප්‍රසිද්ධ මුදලාලි කෙනකු බවට පත්විය. 1940 පමණ වන විට බිබිල ප්‍රදේශයට පාසලක් නොතිබිණි. ආණ්ඩුවේ පාසලක් පටන් ගන්නට ඕනෑ යැයි පරම චේතනාවක් ඇතිකරගත් ජේමිස් අප්පුහාමි තම සතු ඉඩමක් පාසල සෑදීමට පරිත්‍යාග කරන බවට කියමින් එවකට පැවති ඉංග්‍රීසි ආණ්ඩුවේ වගකිවයුත්තන්ට ලියා යැවීය. ජේමිස් අප්පුහාමි ඉංග්‍රීසි නොදැන සිටියත් ඒ කාලයේ ඉංග්‍රීසි දැනුම ඇති අය සොයා ගොස් එය ඉටු කළේය.

මේ කාලය වන විට 1942, 43 පමණ විය. ඒ කාලය වන විට තිබුණේ ඉංග්‍රීසි ආණ්ඩුවයි. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කැලණිය මන්ත්‍රීව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතාට බිබිලෙට පාසලක් ඉල්ලා ලිපියක් භාර දෙන්නට හැකි විය. අවසානයේ පොල්අතුවලින් සෙවිලි කළ කුඩා පාසල් ගොඩනැඟිල්ලක් ජේමිස් අප්පුහාමි ලබා දුන් ඉඩමේ ඉදිවිය. මෙම වකවානුව 1946 පමණ විය. ළමයින් හත්අට දෙනකුගෙන් හා එක් ගුරුවරයකුගෙන් ආරම්භ වුණු බිබිලේ මුල්ම පිරිමි පාසලේ නිර්මාතෘවරයා අන් කවරකුත් නොව ජේ. ඩී. ජේමිස් අප්පුහාමිය. ඔහු එතැනින් නතර වුණේ නැත. පාසල වැඩිදියුණු කරන්නට වෙහෙස මහන්සි ගත්තේය. ආණ්ඩුවට ලිව්වේය. 1947 මහා මැතිවරණයෙන් පත්වුණු ආණ්ඩුවේ ප්‍රථම අධ්‍යාපන ඇමැති, නිදහස් අධ්‍යාපනයේ පියා සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාට මේ පාසල ගැන ලිව්වේය. ඒ පිළිබඳ අවධානය යොමු කළ එම රජය බිබිලේ පිරිමි පාසලට ස්ථිර ගොඩනැඟිල්ලක් ලබා දුන්නේය. වසරින් වසර දියුණුව කරා ගිය මෙම පාසල අද වන විට වෙල්ලස්ස ජාතික පාසල බවට පත්ව ඇත. එහෙත් මෙම පාසල ආරම්භ කරන්නට ඉඩමක් පරිත්‍යාග කොට මුල්වුණු පුද්ගලයා ජේමිස් අප්පුහාමි බව බොහෝ දෙනකු දන්නේ නැත.

එකල බදුල්ල – මඩකළපුව හැරුණු විට අනෙකුත් මාර්ග කරත්ත පාරවල්ය. බදුල්ල – මඩකළපුව පාර සුද්දන් ඉදිකළ අතර, බිබිල නගරයට තිබුණේ පොල්අතු කඩ කිහිපයකි.
වෙල්ලස්සේ මුල්ම පාසලෙන් ශ්‍රේෂ්ඨ වියතුන් රැසක් මේ වන විට බිහිවී ඇත. මහාචාර්ය දොස්තර සේනක බිබිලේ, මහාචාර්ය සරත් කොටගම, හිටපු කෘෂිකර්ම ඇමැතිවරයකු වූ ආර්. ඇම්. ධර්මදාස බණ්ඩා යන මහත්වරු ඉන් කිහිප දෙනෙකි. මේ වන විට මෙම ජාතික පාසලේ සිසුන් 3,500ක් පමණ ඉගෙනීම ලබන අතර, ගුරු මණ්ඩලය සියයකට අධිකය. ජේමිස් අප්පුහාමි මහතා මෙම පාසල ආරම්භ කිරීමෙන් මුළු රටටම ආදර්ශයක් දී ඇත. එහෙත් ඔහුගේ මරණය සිදුවී ඇත්තේ ඉතා ශෝකජනක ලෙසය. 1989 භීෂණ සමයේ දීය.

වීගොඩ හේමපාල

SendShareShare
Previous Post

මගේ ආදරේ ඉල්ලගෙන එයා ගෙදරටම ආවා

Next Post

හදපු ගෙදර ඉන්න බැරිද?

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.