• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

විහාරාරාම කාර්ය මණ්ඩල රහස්

December 27, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
විහාරාරාම කාර්ය මණ්ඩල රහස්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය ඉතිහාසය පිළිබඳ තොරතුරු ගවේෂණයේ දී ශිලාලේඛනවලින් ලැබෙන දායකත්වය සුළුපටු නොවේ. නිවැරදි ඉතිහාසයක් සන්නිවේදනය කිරීම කාලීන අවශ්‍යතාවක් වන අතර ශිලාලේඛන ඊට මහඟු පිටිවහලක් ලබා දෙයි. මෙරට ආර්යාගමනයෙන් ආර්ය ජනාවාසකරණය වූ අතර සම්බුදුන් වහන්සේගේ වැඩම වීම තෙවරක්ම සිදුවීම මගින් යම් ආගමික ප්‍රබෝධයක් මෙහි ඇති වූවා යැයි සැලකීම සාවද්‍ය කරුණක් නොවේ. ඊට වඩා අතිශයින් වැදගත් සිදුවීමක් ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවසේ දී සිදුවූ අතර මහා මහින්ද මහරහතන් වහන්සේගේ වැඩම වීමෙන් මුළු රටම බුදුදහමට නතු වූ බෞද්ධයන් පිරිසක් බවට පත් වූ කරුණු පිළිබඳ අපි කරුණු සහිතව දනිමු.මහින්දාගමනයෙන් පසු ඇති වූ බුද්ධි ප්‍රබෝධය හා අවබෝධය නිසා බොහෝ පිරිසක් සසුන්ගත වූ අතර උන්වහන්සේලා සඳහා අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සැපයීමට රජු ඇතුළු පිරිස මහත් වුවමනාවෙන් කටයුතු කළ ආකාරය වංසකතා ඇතුළු ඉතිහාසගත තොරතුරු සාක්ෂ්‍ය සපයයි. එහි දී මහා ප්‍රාසාද වෙනුවට වැඩි වශයෙන් නිර්මාණය වී ඇත්තේ ලෙන් ආශ්‍රිත ආවාස බව හඳුනාගත හැකි වන්නේ ශිලාලේඛන මාර්ගයෙනි.

මුල්කාලීන ලාංකේය භික්ෂුව ලෝකෝත්තර විමුක්තිය මූලික කරගත් ප්‍රතිපදාවකින් සමන්විත වූ නිසා එසේ උන්වහන්සේලාගේ මූලික අවශ්‍යතා රජුගේ මූලිකත්වයෙන් ඉටු වන්නට ඇත. මේ කරුණු මැනවින් පෙන්වා දෙන ශිලාලේඛන රැසක් මිහින්තලය ආශ්‍රිත ප්‍රදේශවලින් සොයා ගත හැකිය.

එහිදී මිහින්තලා ආරාම සංකීර්ණයෙන් හා ඒ අවට ප්‍රදේශයෙන් ශිලාලේඛන 75කට වැඩි ප්‍රමාණයක් හමු වී ඇති අතර ඉන් 58ක් මිහින්තලා කන්දෙන්ද තවත් ලිපි 9ක් රාජගිරි කන්දෙන්ද අනෛක්කුට්ටි කන්දෙන් ලිපි 8ක්ද ආදී වශයෙන් හමු වී ඇත. එසේම තවත් තඹ පත්තිරුවල ලියූ ලිපි කිහිපයක්ද පසුකාලීනව කරන ලද කැණීම්වලින් සොයා ගෙන ඇත.

මේ අතරින් හමු වූ වැදගත් ලිපියක් ලෙස අපගේ ප්‍රස්තූතයට බඳුන්වන මිහින්තලා පුවරු ලිපිය හඳුන්වා දිය හැකිය. මේ ලිපිය හමුවන්නේ ද මිහින්තලා ආරාම සංකීර්ණය ආසන්නයෙනි. එහි කැණීම් සිදු කිරීමේ දී පුවරු ලිපි 3ක් හමු වී ඇති අතර ඉන් ලිපි දෙකක් සිවුවැනි මිහිඳු රජුගේ කාලයේ ලියැවූ ඒවා වෙයි. අනෙක දෙවැනි සේන රජුගේ කාලයේ ලියූ එකකි. මේ සංකීර්ණයෙන් හමු වූ වැදගත්ම සහ දීර්ඝම ශිලාලේඛනය ලෙස සිවුවැනි මිහිඳු රජු කළ මිහින්තලා පුවරු ලිපිය නම් කළ හැකිය. එහි කාලය පිළිබඳ සැලකීමේදී ක්‍රිස්තු වර්ෂ 10 වැනි සියවසට අයත් වන බව හඳුනාගත හැකිය.

මිහින්තලා පුවරු ලිපිය ලිවීම සඳහා හේතු වූ කරුණු කිහිපයක් පිළිබඳ අන්තර්ගතයෙන් අපට වටහා ගත හැකිය. විශේෂයෙන්ම මෙහි ආරාම සංකීර්ණයේ අභ්‍යන්තර පරිපාලනය, මෙහි වැඩවසන භික්ෂූන් වහන්සේලා අනුගමනය කළ යුතු සිරිත් විරිත් ආදිය, රජතුමා ඇතුළු රජයෙන් මෙහි භික්ෂූන් වහන්සේලා වෙත පිරිනමන සේවාවන් පිළිබඳ ඉතා වැදගත් කරුණු හෙළි කෙරේ. එපමණකුදු නොවේ. එහි මිහින්තලා ආරාම සංකීර්ණයේ සේවයේ නියුක්තව සිටි සේවකයන් පිළිබඳවත් දක්වා ඇති අතර ඔවුන් විෂයයෙහි රජය කටයුතු කරන ආකාරයත් මෙහි වැඩවසන භික්ෂූන් වහන්සේලා හා සේවකයන් කටයුතු කළයුතු ආකාරය පිළිබඳවත් අන්තර්ගත කොට ඇත.

මිහින්තලා පුවරු ලිපිය ක්‍රිස්තු වර්ෂ 10 වැනි සියවසේදී ලියූ පසුකාලීනව ඒ ප්‍රදේශයෙන් සොයාගත් දීර්ඝතම පුවරු ලිපියක් වන අතර එය උස අඩි 7ක් සහ පළල අඩි 4ක් තරම්ය. මෙහි ලිපි දෙකේම පේළි 58 බැගින් අන්තර්ගත කොට ඇත. එයිනුදු වැදගත්කමක් හිමිවන පළමු ලිපිය මගින් ඉහතින් සඳහන් කළ පරිදි මෙකී ආරාමයෙහි පරිපාලනය ගැනත් ඒ සඳහා පැනවූ නීති ව්‍යවස්ථා පිළිබඳවත් අන්තර්ගත වේ. භික්ෂූන් වහන්සේලා කටයුතු කළ යුතු ආකාරය දක්වන අතර භික්ෂූන් වහන්සේලා විෂයයෙහි රජය මගින් ලබාදෙන පහසුකම් පිළිබඳවද දක්වා ඇත. ඒ අනුව මෙහි වැඩ වාසය කරන, විනය පිටකය හදාරන භික්ෂූන් වහන්සේ වෙනුවෙන් වස්ත්‍රයෙන් හා ආහාරයෙන් පස්කොටසක් ද සූත්‍ර පිටකය හදාරන භික්ෂූන් වහන්සේ වෙනුවෙන් එවැනි කොටස් හතක්ද අභිධර්ම පිටකය හදාරන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් කොටස් දොළහක්ද ලබා දිය යුතු බව ව්‍යවස්ථා කොට ඇත්තේය.

එයින් සුවිශේෂ ලක්ෂණයක් ප්‍රකට කෙරේ. ඒ අන් කිසිවක් නොව සූත්‍ර, විනය පිටක අධ්‍යයනය කරන භික්ෂූන් වහන්සේලාට වඩා වැඩි සැලකිල්ලක් අභිධර්මය හදාරන භික්ෂූන් වෙනුවෙන් දක්වන බවයි. මේ කාලයේදී අභිධර්ම පිටකය පිළිබඳ සමාජයේ වැඩි කතිකාවතක් ගොඩනැඟී තිබෙන්නට ඇත. ගැඹුරු දහම අන්තර්ගත කොට්ඨාසය ලෙසින් අදත් සම්භාවනාවට පත්වන්නේ අභිධර්ම පිටකයයි. “අභිවිසිට්ඨො ධම්මො අභිධම්මො” යනුවෙන් සඳහන් කරන්නේද එහි සුවිශේෂතාවය. මේ කාලයේදී භික්ෂූන් වහන්සේ දේශපාලන ක්ෂේත්‍රයටද අවතීර්ණව සිටින්නට ඇති බව හැඟවෙන කරුණු කිහිපයක්ද ඇතුළත්වේ. ඒ නිසාම රජු විසින් නියෝගයක ස්වරූපයෙන් ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා රැසක්ද හමුවෙයි.

මිහින්තලා ආරාම සංකීර්ණය ගත් කල්හි එය මෙරට භික්ෂු ශාසනයේ මූලිකම ස්ථානයයි. මේ නිසා රජවරුන්ගේද නොමඳ අනුග්‍රහයක් ලැබී ඇති බව පැහැදිලිය. බොහෝ රජවරුන් මෙහි පරිපාලන කටයුතු නිසි පරිදි සිදු කරනු වස් ඉඩකඩම්, ගම්බිම් බොහෝ ප්‍රමාණයක් කැප කර පූජා වශයෙන් ලබා දී ඇත. එයින් හඳුනාගත හැකි වැදගත් කරුණක් වන්නේ බොහෝ අවස්ථාවල මෙම ආරාමයේද භික්ෂූන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් වැඩ වාසය කරන්නට ඇත යන්නයි. ඊට දෙස් දෙන අනෙක් කාරණාව වන්නේ පරිපාලන කටයුතු සඳහා සේවකයන් වැටුප් ක්‍රමයක් යටතේ බඳවා ගැනීමයි. මෙහි භික්ෂූන් වහන්සේලාට ඉඩකඩම්වලින් ලැබෙන ආදායම්වලින් අවශ්‍ය පහසුකම් සලසා ගත හැකි වුවද පිටස්තර ආරාමවල වැඩවසන භික්ෂූන් වහන්සේට ඒවා පරිභෝජනය කිරීම තහනම් කර තිබිණි. එසේ තහනමට බඳුන් කර ඇත්තේ වෙනත් භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් ගැටලු රැසකට මුහුණ දුන් නිසාම විය හැකිය.

එසේම විහාරස්ථානයට අයත්ව තිබූ කුඹුරු ඉඩකඩම් පිළිබඳ එහි භික්ෂූන් වහන්සේට කිසිදු වගවීමක් නොවීය. කුඹුරු පරිභෝජනය කිරීම භික්ෂූන් වහන්සේට නොකැප බවත් එසේ සිදුකරන්නන් විහාරයෙහි නොවිසිය යුතු බවත් “මෙ වෙහෙර බික්සඟ හිමියන් ඇත් වෙහෙරැ බද් තුවාක් තන්හි කුම්බුර් අරැම් ඈය් කවරු පරියායෙන් නොවැලැන්දියැ යුතු. තුමන් පිළිබඳුන් විසින් ඇත්වෙහෙරැ අබැදිතාක් තන්හි ඉසිරු නොකටැ දියැ යුතු. මේ සිරිත් ඉකුත් හිමියන් මේ වෙහෙර්හි නොවිසියැ යුතු” යන්නෙන් ගම්‍ය කෙරේ.

මිහින්තලා ආරාම සංකීර්ණයේ වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේගේ ප්‍රමාණය අධික වීම නිසා උන්වහන්සේලාට ඇවැසි ප්‍රත්‍ය පහසුකම් සපයාදීම පිණිස බොහෝ දෙනෙක් කටයුතු කළ බව පෙනේ. ඒ සඳහා විහාරය සතු ඉඩම්වලින් ආදායම් හා අස්වැන්න ලැබුණු අතර ඒවා මනා කළමනාකරණයකින් යුක්ත වූ බවත් ඊට පිරිසක් යොදවා සිටි බවත් හඳුනාගත හැකිය. මේ සඳහා ඉතා විශ්වාසවන්ත ගිහි නිලධාරීන් පත්කර සිටි අතර නීති පාලකයන් භාණ්ඩාගාරිකයන්, සිවුපසය සපයන්නන්, තොරතුරු සටහන් තබන ලේඛකයා, පෙට්ටි භාරකරුවා ආදී වශයෙන් වූ කමිටුවක් පත්කර තිබේ. මේ සැමගේ ප්‍රධානියා වශයෙන් සිටියේ ආරාමයේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේය. අයවැය කටයුතු සිදු කිරීමේදී අභයගිරි හා චේතියගිරිවාසී භික්ෂූන් වහන්සේලාද සම්බන්ධ කරගෙන ඇතුළු විහාරයෙහි හිඳ බාහිර හා අභ්‍යන්තර අයවැය විචාළ යුතු බව ව්‍යවස්ථා කොට තිබේ.

මිහින්තලා ආරාමයෙහි කටයුතු සඳහා පත්කර සිටි ගිහි නිලධාරීන්ටද නීතිරීති සමුදායක් පනවා තිබූ බව මෙකී ලිපියෙන් හැඳිනගත හැකිය. වර්ෂයක් පාසා අලුත්වැඩියා කළ යුතු විහාර අංග පිළිබඳ එහි දක්වා ඇති අතර ඒ සඳහා විහාර කාර්මිකයන් යෙදවිය යුතු බව ද දක්වා තිබේ. කණ්ඨක මහසෑය, ගිරිභණ්ඩ පර්වතයෙහි ස්ථූපය අලුත්වැඩියා කිරීම, ධාතු ගෘහයෙහිද මංගල මහාශෛල ප්‍රතිමා ගෘහයෙහි, මහාබෝධි ගෘහයෙහි ආදී ස්ථාන සංවර්ධනය කිරීම පිළිබඳ ප්‍රමුඛ අවධානයක් ඔවුන් දැරිය යුතු වෙයි. විහාරස්ථානය අසල ගොදුරු ගම්වල දුම් සහ මල් සපයන්නන්ගේ ගෘහදඩ විහාරයට ගතයුතු බවත් ගිරිභණ්ඩ පර්වතයේ ලොකු කුඩා ගස්වලින් තුනෙන් එකක්ද සංවැල්ල, මනුවෑසර වැව, ලිහිණිය පර්වතයේ උඩ හා යට වැව් දෙකද, සංවැල්ල පේරාදෙණිය නම් ගම්වල වූ පොකුණු හාත්පස ඇති භූමියෙන් ලැබෙන ලාභයද විහාරයට ගත යුතු බවත් ව්‍යවස්ථා කොට තිබේ.

විහාරස්ථානයේ සේවය කරන කම්කරුවන් හා සේවකයන් හැර විහාරස්ථාන භූමියේ සිටින සියලුම ගම්වැසියන්ගෙන් බිම්බද්ද නිසි ලෙසින් ලබාගත යුතු බව දක්වා තිබේ. මේ විහාරස්ථානයට අයත් ගොදුරු ඉඩම් විය යුතුය. එසේම විහාරස්ථාන භූමියේ ඇති ගස්වලට කිසිම ආකාරයේ හානියක් නොකළ යුතු බවත් දක්වා ඇත. යම් හෙයකින් විහාරස්ථානයට අයත් ඉඩම්වල ජීවත්වන වාසීන්ගෙන් කිසියම් හෝ වරදක් වුවහොත් ඔවුන්ගෙන් දඩයක් වරදේ ස්වභාවය අනුව පනවා ඇති බව ද පෙනේ. මෙකී සියලු දෑ ලේඛනගත කොට තිබූ අතර ඒ ලේඛනගත කොට ඇති දෑ විහාරස්ථානයේ වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා ඉදිරියේ කියවිය යුතුය. එසේ සඳහන් නොකොට කාර්මිකයන් වහාම ඉවත් කළ යුතු බවත් දන්වා ඇත.
මේ තොරතුරු සඳහන්ව ඇත්තේ පළමු ලිපියේය. එහි අන්තර්ගත දෙවැනි ලිපියෙන්ද මෙහි සේවය කරන්නන්ට ගෙවිය යුතු වැටුප් ආදී කරුණු පිළිබඳ දක්වා තිබේ. ඒ අනුව මේ කාලයේදී විහාරස්ථානය හා සම්බන්ධව සේවය කළ පිරිස පිළිබඳත් ඔවුන්ට පැවරුණු සේවයේ ස්වභාවය පිළිබඳත් මනා හඳුනාගැනීමක් මෙයින් ලබාගත හැකිය. ආරාම පරිපාලනයේ ස්වභාවය වහා අවබෝධ කරගැනීමට ඉතා වැදගත් සාක්ෂ්‍යයක් ලෙස මෙය හඳුනාගත හැකිය. කම්කරු ප්‍රධානියා, භාණ්ඩාගාරික, විහාර ලේඛක, කරඬු පිළිබඳ ලේඛක, කරඬු සීල් තබන්නා, පරීක්ෂකයා, ආරක්ෂක කාර්මිකයන්, විහාරය සරසන්නන්, උත්සව සංවිධානය කරන්නන්, පහන්වැටි සපයන්නන්, මැටි පාත්‍ර සාදන්නන්, පධානඝර පරිපාලනය කරන්නන්, වස්ත්‍ර සපයන්නන්, ජල සම්පාදන ප්‍රධානීන්, කුලීකරුවන්, සිවුරු සකස් කරන්නන්, විහාර කාර්මිකයන්, කෝෂ්ඨාගාර ආරක්ෂකයන් හා සේවකයන්, විහාරය පිරිසුදු කරන කාන්තාවන්, බත්ගේ ලැදියන්, දාසි ප්‍රධානීන්, රෙදි සපයන්නන්, බත් පිසින සේවකයන්, දර ගෙනවිත් තබන්නන්, මුරකරුවන්, පිළිම කටයුතු කරන්නන්, කුඹල්කරුවන්, වෙදුන්, පෙරහන් සාදන්නන්, කරනැවෑමීන්, නැකැත් කියන්නන්, මහනෙල් වවන්නන්, සිත්තරුන්, විහාරය ආරක්ෂා කරන්නන්, රටේ මහත්තුරුන්, වඩු කාර්මික ප්‍රධානීන්, විහාරය ආරක්ෂා කරන්නන්, වඩු ආචාර්යවරුන්, ලී වඩුවන්, ලෝහකරුවන්, කර්මාන්ත ප්‍රධානීන්, රජකයන්, දාගැබ් පිරිසුදු කරන්නන් ආදී වශයෙන් රැකියා සැත්තෑවකට වඩා ප්‍රමාණයක් තිබුණු බව තද්පුවරු ලිපියෙන් හඳුනාගත හැකිය.

ඉහතින් දැක්වූ රැකියා සිදුකරන පිරිස වෙනුවෙන් ලබාදිය යුතු වැටුප් පිළිබඳව දක්වා ඇත. ඒ රැකියාවේ ස්වභාවය අනුව බත්වැටුප් ගෙවා ඇති බව පැහැදිලිය. මේ කාලය පිළිබඳ සැලකීමේ දී මහායාන දහම ශීඝ්‍රයෙන් වර්ධනය වූ යුගයකි. මිහින්තලා ආරාම සංකීර්ණවාසී භික්ෂූන් වහන්සේද මීට යම් හෙයකින් දායක වන්නට ඇත. මේ පුවරු ලිපියෙන් කියැවෙන්නේ එහි ඡායාව යැයි අනුමාන කළ හැකිය. කෙසේ නමුත් ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් මිහින්තල ආරාමයෙහි මෙකී යුගය වන විට තිබුණු බව සිවුවැනි මිහිඳු රජුන් කළ පුවරු ලිපියෙන් හඳුනාගත හැකිය. අනුරාධපුරයේ මුල්කාලයේදීම ශාසනික වශයෙන් යම් බෙදීමක් වූ බව වළගම්බා රාජ්‍ය සමයේ සහ මහසෙන් රාජ්‍ය සමයේ ශාසනික කරුණුවලින් හඳුනාගත හැකිය. එහි සංකීර්ණ අවස්ථාවක් මෙම පුවරු ලිපිය මගින් හඳුනාගත හැකි බව කිවහැකිය.
පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

වාස්තු ප්‍රශ්න නිසා ඈතට යන මොනරු

Next Post

මුදල් අමාත්‍යංශයට මෛත්‍රී ඇණයක් ‌වෙලා

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.