• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලෝකයේ භයානකම ගුවන්තොටුපොළ හත

November 8, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
ලෝකයේ භයානකම ගුවන්තොටුපොළ හත
Share on WhatsAppShare on Facebook

අපි අද කියන්න යන්නේ ලෝකයේ තියෙන භයානකම ගුවන් තොටුපොළවල් හතක් ගැන. සමහර විට මේ ලිපිය කියෙව්වම ඔබට පුදුම හිතෙයි. එහෙම නැත්නම් ඇඟ කිලිපොළා යයි. හැබැයි මෙහෙම ඇස් අදහාගත නොහැකි දේවලුත් ලෝකයේ තියෙනවා. ඒ හින්දා ලෝකය ගැන අවධානයෙන් ඉන්න එක හුඟාක් වැදගත්.
ගුස්ටාෆ් ත්‍රී ගුවන් තොටුපොළ
කැරිබියන් දූපතක් විදියට හඳුන්වන ශාන්ත බාර්ට්ස්හි තමයි ගුස්ටාෆ් ත්‍රී ගුවන් තොටුපොළ තියෙන්නේ. ඇත්තටම ගුස්ටාෆ් ත්‍රී ගුවන් තොටුපොළ තියෙන්නේ ඉතා සීමිත පහසුකම් තියෙන පරිසරයක් තුළ. ඔන්න ඔය හේතුව උඩයි මේක අද ලෝකයේ ඉතා භයානකම ගුවන් තොටුපොළක් වෙන්නේ. මෙහි ගුවන් පථය තියෙන්නේ ප්‍රපාතයක් කෙළවර. ඒක අවසන් වෙන්නේ මුහුදු වෙරළකින්. ඒ වගේමයි එය අඩි 2000කට වැඩිය දිග නෑ. ඒ හින්දම මේ ගුවන් තොටුපොළට ගුවන්යානා ගොඩබස්සවන එක ලේසි නෑ. මොකද ගුවන් යානය කෙටි කාලයක් ඇතුළත එකවරම පහළට ගේන්න නියමුවාට සිද්ධ වෙනවා. එහෙම වෙන්නෙත් අඩු ඉඩ හින්දයි. ඒත් එක්කම මේ ගුවන් තොටුපොළෙන් ගුවන් යානයක් ඉහළට නංවන එකත් ලේසි වැඩක් නෙවෙයි. මොකද ධාවන පථයේ කෙළවරක් තියෙන්නේ මුහුදු වෙරළට විවෘත වෙලා නිසා ගුවන් යානය ගමන් කරන්නේ ඒ මුහුදු වෙරළේ ඉන්න සංචාරකයන්ගේ හිසෙහි ගෑවෙන නොගෑවෙන තරම් ආසන්නයෙන්. ඒ හින්දම මේ ගුස්ටාෆ් ත්‍රී ගුවන් තොටුපොළට ගුවන්යානා රැගෙන එන්නේ ඉතා දක්ෂ ගුවන් නියමුවන්ම විතරයි.

ටෙන්සින්ග් හිලරි ගුවන් තොටුපොළ
නේපාලයේ ලුක්ලා හෙවත් ටෙන්සින්ග් හිලරි කියන මේ භයානක ගුවන් තොටුපොළ තියෙන්නේ හිමාල කඳුවැටිය සමීපයේ. මේ ගුවන් තොටුපොළ ලොව අනෙක් ගුවන් තොටුපොළ එක්ක ගත්තම ඉතාම පොඩි එකක්. ඒ නිසා මෙහි ධාවන පථයත් බොහෝම පොඩියි. මේ ධාවන පථයේ උතුරුදිග අන්තය කෙළින්ම විවෘත වෙන්නේ කඳුකරයට. දකුණු දිග අන්තය කෙළින්ම විවෘත වෙන්නේ ඉතා තදාසන්න බෑවුම් සහිත ප්‍රදේශයකට. මේ භයානක ගුවන් තොටුපොළේ ගුවන් යානා ගොඩබස්සවන්න උපාකාරී වෙන දියුණු මට්ටමේ තාක්ෂණයක් තවම නෑ. ඒ හින්දම තද සුළං කාලයට වර්ෂාවට සහ වෙනත් දේශගුණික වෙනස්වීම් එක්ක මේ ගුවන් තොටුපොළ වහන්න කටයුතු කරනවා. ඉතින් ඔය හේතු හින්දම ලෝකයේ භයානකම ගුවන් තොටුපොළක් විදියට ටෙන්සින්ග් හිලරි ගුවන් තොටුපොළ හඳුන්වනවා.

කෝෂුවෙල් ගුවන් තොටුපොළ
“කෝෂුවෙල් ගුවන් තොටුපොළ” තියෙන්නේ ප්‍රංශයේ ඇල්ප්ස් කියන කඳු වැටියට ඉතා ආසන්නයේ අධික හිම සහිත සීතල අතින් සෑහෙන්න පොහොසත් ප්‍රදේශයක. මේ ගුවන් තොටුපොළේ ධාවන පථයේ දිග මීටර් 537ක් විතරයි. ඒකත් තද බෑවුම් සහිත එකක්. ඇත්තටම කෝෂුවෙල් ගුවන් තොටුපොළත් ඉතා දුප්පත් මට්ටමේ තියෙන භයානක ගුවන් තොටුපොළක් කිව්වටත් වැරැද්දක් නෑ. මොකද එහි දියුණු තාක්ෂණයක් පාවිච්චි වෙන්නේ නෑ. මෙම ගුවන් තොටුපොළට කෙටි මීදුම් සහිත අවස්ථාවලදී වගේම වලාකුළු පහළ මට්ටමක තියෙන අවස්ථාවලදී ගුවන් යානා ගොඩබැස්සවීමත්, නැංවීමත් අනතුරුදායක වැඩක්.

ශාන්ත මාර්ටින් ගුවන් තොටුපොළ
“ශාන්ත මාර්ටින් ගුවන් තොටුපොළ” කියන්නේ මිනිස්සුන්ගේ හිස අද්දරින් ගුවන් යානා ගමන් කරන ගුවන් තොටුපොළක්. ඒ වගේමයි මෙම ගුවන් තොටුපොළට තවත් ප්‍රසිද්ධ නමක් තිබෙනවා. ඒක තමයි “ජුලියානා කුමරිය අන්තර්ජාතික ගුවන් තොටුපොළ.” ඒ වගේමයි මෙම ගුවන් තොටුපොළ තියෙන්නේ ශාන්ත මාර්ටින් කියන කැරිබියන් දූපතේ. මෙම ගුවන් තොටුපොළේ ධාවන පථයෙහි එක අන්තයක් විවර වෙලා තියෙන්නේ මාහෝ වෙරළ තීරය ළඟින්. ඒ හින්දම වෙරළ තීරයෙන් ගුවන්යානා ගමන් කරන්නේ ඉතාම පහළින්. ඔය හේතුව උඩ ඒ අත්දැකීම විඳින්න මාහෝ වෙරළ තීරයට යන එන සංචාරක පිරිස දැන් සෑහෙන්න වැඩියි. ඒත් ඒ අත්දැකීම ඉතා අනතුරුදායක දෙයක් කියලයි හුඟාක් අය කියන්නේ. ඒ හින්දා ශාන්ත මාර්ටින් ගුවන් තොටුපොළ තියෙන්නෙත් ලෝකයෙහි භයානකම ගුවන් තොටුපොළවල් අතර තමයි.

මැඩෙයිරා ගුවන් තොටුපොළ
මුහුදකට වගේම කඳුවැටියකට මැදිවෙලා ඇති අපූරුම ගුවන් තොටුපොළක් තමයි “මැඩෙයිරා ගුවන් තොටුපොළ” කියන්නේ. පෘතුගාලයේ ශාන්ත කෲස්වල තමයි මැඩෙයිරා ගුවන් තොටුපොළ තිනේනේ. මේ ගුවන් තොටුපොළේ ධාවන පථයේ කොටසක් හදලා තියෙන්නේ මුහුදෙහි පතුලට සම්බන්ධ කරපු කොන්ක්‍රීට් කණු උඩ, එකී ඉදිකිරීම කළේ 1977 අවුරුද්දේ. එහෙම හදන්න හේතුව වෙන්නේ දරුණු ගුවන් අනතුරක් එහි සිදුවීම. එදා ඒ අනතුරින් ගුවන් මඟීන් 131ක් මියයනවා. අනතුරට හේතුව තමයි ධාවන පථයේ කෙටි බව. ඒක හින්දයි ඔවුන් අර වගේ තීරණයකට යන්නේ. ඇත්තටම මේ ධාවන පථයේ එක් පැත්තක් කඳුවැටියකින් සහ අනෙක් පැත්ත මුහුදෙන් සීමාවෙලයි තියෙන්නේ. ඒ හින්දා ඉතාමත් දක්ෂ ගුවන් නියමුවකුට ඇරෙන්න සාමාන්‍ය ගුවන් නියමුවකුට මැඩෙයිරා ගුවන් තොටුපොළට ගුවන් යානයක් ගොඩබස්සවන එක ලේසි නෑ.

ජිබ්‍රෝල්ටා ගුවන් තොටුපොළ
“ජිබ්‍රෝල්ටා ගුවන් තොටුපොළ” කියලා කියන්නේ ටිකක් අමුතු වර්ගයේ භයානක ගුවන් තොටුපොළක්. මහා මාර්ගයක් මැදින් ගුවන් පථයක් තියෙනවා කියලා කීවොත් සමහර විට ඔබ පුදුම වෙයි. ඒක තියෙන්නේ ජිබ්‍රෝල්ටා රාජ්‍යයේ වින්ස්ටන් චර්චිල් මාවත මැද්දෙන්. ගුවන් යානයක් නංවද්දි වගේම ගොඩබස්සවන හැම වෙලාවකම වින්ස්ටන් චර්චිල් මාවත වහනවා. ඔය වගේ වෙලාවක අඩුම පැය කාලක් විතර වින්ස්ටන් චර්චිල් මාවත වහන්න සිද්ධ වෙනවා. හැබැයි පැය ගණන් වහන වෙලාවලුත් තියෙනවා. ඒ වගේමයි මෙහි ධාවන පථය අවසන් වෙන්නේ මුහුදින්. ජිබ්‍රෝල්ටා රාජ්‍යය කියන්නේ වර්ග කිලෝමීටර් 6.8ක් තරමේ ඉතා කුඩා රාජ්‍යයක්. ඉතින් එහෙම කුඩා තැනක ආයෙත් ගුවන් තොටුපොළක් වෙනුවෙන් මහා ඉඩක් වෙන්කරන්න බෑ. එනිසයි ප්‍රධාන මාර්ගයක් භාවිත කරන්නේ.

ජුඇන්චෝ ඊ යරවුස්ක්වින් ගුවන් තොටුපොළ
අපි කියන භයානකම ගුවන් තොටුපොළවල් හත අතරින් අවසානම එක “ජුඇන්චෝ ඊ යරවුස්ක්වින් ගුවන් තොටුපොළ” කියලා කියන්නට පුළුවන්. ඔන්න ලෝකයේ කෙටිම ගුවන් ධාවන පථය තියෙන්නෙත් ජුඇන්චෝ ඊ යරවුස්ක්වින් ගුවන් තොටුපොළේ. එහි දිග මීටර් 396ක්. භයානක ජුඇන්චෝ ඊ යරවුස්ක්වින් ගුවන් තොටුපොළේ ධාවන පථය දෙකෙළවරෙන්ම විවෘත වෙන්නේ මහා මුහුදට. ඒ වගේමයි ධාවන පථයේ එක් පැත්තක තියෙන්නේ කඳුකර ප්‍රදේශයක්. ඔය හේතු හින්දම මේ භයානක ජුඇන්චෝ ඊ යරවුස්ක්වින් ගුවන් තොටුපොළට එන්නේ තරමින් කුඩා ප්‍රමාණයේ ගුවන්යානා විතරයි. ඒ වගේමයි මීට අවුරුදු කීපයකට කලින් මේ ගුවන් තොටුපොළෙහි ගුවන් ගමනාගමන පාලන කටයුතු සහ ගුවන් යානාවලට ඉන්ධන සැපයීම සිදුකළේ නෑ. කොහොමින් හරි මෙම ගුවන් තොටුපොළ තියෙන්නේ වර්ග කිලෝමීටර් 13ක් වෙන සාබා කියන කැරිබියන් දූපතේ.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

කෝස්වේ පේන්ට්ස් බෙදාහැරීමේ නියෝජිතයන් අගයයි

Next Post

දීපවාලී එළිය කළ බොලිවුඩ් තරු

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.