• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දීපවාලී එළිය කළ බොලිවුඩ් තරු

November 8, 2019
in Heart
Reading Time: 1 min read
A A
දීපවාලී එළිය කළ බොලිවුඩ් තරු
Share on WhatsAppShare on Facebook

පසුගිය සති අන්තයේ බොලිවුඞ් සුපිරි තාරකාවන් බොහෝ දෙනෙක් දීපවාලී උත්සවය සමරමින් වෙනදාට වැඩි උනන්දුවකින් තම රසිකයන් සමඟ එහි සතුට සැමරූහ.
ඉතා අලංකාර සළුපිළිවලින් සැරසුණු ඇතැමුන් නවතම සේයාරූද සුබපැතුම් සමඟ සමාජජාල වෙබ් අඩවි ඔස්සේ බෙදාහදා ගන්නට තරම් සුහදශීලී විය.
මේ අතර ප්‍රධාන වශයෙන්, අමිතාබ් බච්චන්, අක්ෂේ කුමාර්, කාජල්, මල්ලිකා අරෝරා සහ ප්‍රියංකා චොප්රා පෙළගැසී සිටියහ.
කාජල්ගේ සුබපැතුම සියල්ලන්ටම වඩා සුවිශේෂී වූයේ ඈ ඉතා අපූරු කෝණයකින් තම සේයාරුව මුදාහැර තිබූ නිසාය.
නිලට හුරු සැහැල්ලු සාරියකින් සැරසී ඊට ගැළපෙන සුන්දර මාලයකින් ගෙල සරසා තිබිණි. නළලත රතු තිලකය, සුන්දර සිනහව, ගෙල පිටුපසට බැඳි කොණ්ඩ ගෙඩියද කාජල්ව හරි ලස්සනට හැඩකර තිබිණි. ඒ සැමට වඩා අපූරු වූයේ කාජල් පැත්තට හැරී හිස ඇලකොට නැඟූ සිනාවය.
“ඔබ සැමට සුබ දීපවාලියක් වේවා! සදා සතුට සමඟ සුබ හෙට දවසක් ප්‍රාර්ථනා කරමි. මෙතරම් හැඩට මේ සේයාරුව පළ කරන්නට මගේ රුව කැමරා කාචයට හසුකරගත් මා පුතු “යුග්’‘ටද මම ස්තුති කරමි.” යනුවෙන් කාජල් තම සේයාරුවට පහතින් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහන් කළාය. වාව්, ලයික් සහ හදවතක පිළිතුරු දස දහස් ගණනක් එයට ලැබිණි.
බච්චන් පවුලේ ප්‍රධානියා වූ අමිතාබ් දීපවාලී සැමරුම වෙනුවෙන් සමාජජාල වෙබ් අඩවි හරහා තම සුබපැතුම් සටහන් කිරීමට සිය දියණිය ස්වේතා සහ බිරිය ජයා සමඟ එක්වූයේය.
ඒ සඳහා අමිතාබ් භාවිතයට ගෙන තිබුණේ ඉතාම සංවේදී පෙනුමක් සහිත හෘදයාංගම සේයාරූ එකතුවකි.
මීට වසර ගණනාවකට පළමුව තරුණ තාත්තා කෙනකු ලෙස කුඩා කෙල්ලක වූ ස්වේතා සමගත්, තරුණ ස්වාමියකු ලෙසින් බිරිය ජයා සමගත් අමිතාබ් දීපවාලී සැමරූ ආකාරය දර්ශනය වන එම සේයාරූ පෙළ ඉතාම සිත්කලු විය.
“එක් එක් අයට තනිව පිළිතුරු නොදීම ගැන ඔබ අමනාප නොවන බව දනිමි. සැමට සුබ දීපවාලියක් වේවා..ෟ පවුලක් ලෙස සතුටින් දවස ගෙවන්න. එවට මුළු ලෝකයම සොඳුරු වනු ඇත.”
අමිතාබ්ගේ දයාවන්ත සටහන එය විය…
එයට ලැබුණු ප්‍රතිචාර ඉතාම හැඟීම්බර විය.
අක්ෂේ දීපවාලී සැමරීම සඳහා සිය දයාබර නෑයන් සමඟ එක්වූයේ සෙනෙහසිනි. දියණිය සහ ට්වින්කල් සමඟ දීපවාලී නුවරට පැමිණි ඔහු පවුලේ සියල්ලන් සමඟ සුහද එමෙන්ම ආදරණීය සේයාරුවකට පෙනීසිටිමින් එය සිය ට්විටර් ගිණුමට එක්කළේය.
“පවුලේ අය සමඟ සතුටුදායක දීපවාලියකට එක්වුණෙමි. පාට පාට හැඩකාර ඇඳුම්වලට වඩා ජීවිතය සහ ලෝකය වර්ණවත් කරන්නේ දීප්තිමත් සිනහව සමඟ කිසිවකු නොරිදන අලංකාර වචනය,
ඉතින්..,
ඔබ සැමට සුබ දීපවාලියක් වේවා!”
සේයාරුවක පාමුල අක්ෂේ එසේ සටහන් කොට තිබිණි. ඥාතීන් සමඟ එක්ව සිටි ඔහුගේ ඒ මිත්‍රශීලී සේයාරුව බොහෝ දෙනකු අගය කොට තිබිණි.
මලිකා අරෝරා ද සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා සොඳුරු පැතුමක් සහිත වීඩියෝවක් බෙදා ගනිමින් සිය ප්‍රේක්‍ෂකයනට දීපවාලියට සුබපැතුවාය.
“ඔබ සැමට සතුට සමඟ සුවය පතමි. හැමෝටම ආයුබෝවන්. ඔබ සමඟ සිටින්නන්ට ආදරය කරන්න. එවිට ඉබේම ඔබට ඔබ සොයන ආදරය ලැබෙනු ඇත.” ඒ මලිකා අරෝරාගේ සෙනෙහෙබර සටහන විය.
ප්‍රියංකා චොප්රාගේ දීපවාලී සුබපැතුම ඉතාම ආකර්ෂණීය විය.
ප්‍රියංකා සුබපැතුමට එක්ව සිටියේ සිය තරුණ සැමියා වූ නික් ජොනාස් සමඟය.
සාරියකින් සැරසී සිටි ප්‍රියංකා වත්සුණු තවරා ඉතාම අලංකාරව ආසියානු කතකගේ ආකාරයට සිය පෙම්බර සැමියාට ඉතාම ආදරයෙන් සමීපව සිටින සේයාරුවක් සමාජජාල වෙබ් අඩවියක පළවිය.
සේයාරුවට පහළින් ප්‍රියංකා මෙලෙස සටහනක් තැබුවාය.
“දීපවාලී සමරන සැමට මමත්, මගේ සෙනෙහෙබර සැමියාත් සෙනෙහසින් සුබපතමි. මගේ සිට ඔබ දක්වාම මේ ප්‍රාර්ථනය විහිදේවා.
එලෙසම..,
මා අත්විඳින සතුට සහ අසීමිත ආදරය, ඔබ සෑම දෙනාටත්, මුළු ලෝකයටත් හිමිවේවා!”
ඒ අපූරු සටහනට බොහෝ සංවේදී පිළිතුරු ලැබී තිබිණි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලෝකයේ භයානකම ගුවන්තොටුපොළ හත

Next Post

සිසිල වින්ද ගෝවින්ද කන්ද

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්, රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී ඇත. Sri Lanka Latest...

Read more
ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.