කොස්වේ පේන්ට්ස් සමාගම නෙදර්ලන්තයෙන් ආනයනය කරන ජාත්‍යන්තරය දිනූ සන්නාමයක් වන Debeer නිෂ්පාදන ශ්‍රී ලංකාව පුරා බෙදාහැරීමේ එකම බලයලත් නියෝජිතයා වෙයි. Debeer නිෂ්පාදන පාරිභෝගිකයන්ට සමීප කරන බෙදාහැරීමේ නියෝජිතයන් අගයමින් වර්ණවත් උත්සවයක් බෙදාහැරීමේ නියෝජිතයන් 550කට වැඩි පිරිසක් සහභාගීත්වයෙන් කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී පවත්වන ලදී. එහිදී උසස් තත්ත්වයෙන් යුත් Debeer තීන්ත දිවයින පුරා බෙදාහරින වෙළෙඳ නියෝජිතයෝ ප්ලැටිනම් සම්මාන 22කින්, ඇගයුම් සම්මාන 35කින් සහ විශේෂ සම්මාන 15කින් පිදුම් ලැබූහ.
මෙම සුවිශේෂ අවස්ථාවට සිංගප්පූරුවේ සිට APIPL ආයතනයේ කලාපීය ප්‍රධානි ටොම් තෝමස් මහතාද, Debeer සමාගම නියෝජනය කරමින් ව්‍යාපාර අධ්‍යක්ෂ රිචර්ඞ් රේනමන් මහතාද, කලාපීය අධ්‍යක්ෂ පෙන්ග් හූයි මහතාද සහභාගි වූහ.