නිදහසට මගඇහිරූ පාර බද්ධ
1848 මංමාවත් පනත අනුව ආණ්ඩුවේ උසස් නිලධාරීන් හැර අවුරුදු 18-60ත් අතරෙහි සිටි සියලු පිරිමි දවස් 6ක් පාරේ වැඩ කළ යුතුව තිබිණි. මෙම නීතියට භික්‍ෂුන්ද යටත් කර තිබීමද දැඩි දෝෂ දර්ශනයට ලක්වූ කාරණාවක් විය. එහෙත් වසරකට සිලිං තුනක් බදු ගෙවා ඔවුන්ට ඒ බද්දෙන් නිදහස් වීමට හැකි විය. මේ පාර බද්ධ 1831 දී නැති කර දමන ලදී.
බණ්ඩාර රජුගේ පළමු අධිකාරම්
පෑලියගොඩ ඩේවිඩ් නොහොත් ගොන්ගාලගොඩ බණ්ඩා රජුගේ රාජ්‍යයේ පළමු අධිකාරම් තැන ලෙසින් පහනරැටියකු වූ පුරංඅප්පු පත්කෙරිණි. ඒ දඹුල්ලේ නාහිමියන් විසිනි. මේ පිරිස කැරැල්ල සංවිධානයට සූදානම්ව ගැමියන් පිරිවරා මාතලේට පැමිණියද එම ස්ථානයට යුද හේවායන් ළඟා වෙත්ම විසිරයෑමට කටයුතු කර ඇත්තේ ඒ අවස්ථාවට උචිත උපක්‍රමයක් ලෙසිනි.
නාලන්දාවෙහිදී රජ වෙච්ච පෑලියගොඩ ඩේවිඩ්
බි්‍රතාන්‍ය පාලනයට එරෙහි කැරැල්ල සංවිධානය කිරීමට රදල පරපුරෙන් කිසිවෙක් ඉදිරිපත් නොවුණේ යම් දෙගිඩියාවකින් පසුවූ නිසාවෙනි. මේ හේතුවෙන් ගොන්ගාලගොඩ බණ්ඩා නොහොත් පෑලියගොඩ ඩේවිඩ් නම් වනවාසල වැසියෙක් සිංහල රජු මෙන් නාලන්දාවෙහිදී ඉදිරියට ආවේය. එහිදී ඔහු රජු ලෙසද, ඔහුගේ සොහොයුරු යුවරජු වශයෙන්ද දඹුල්ලේ නාහිමියන් විසින් අභිෂේක ගන්වන ලදී.
ගමට වැඩ කරන්න ලෝකල් බෝඩ්
1876 දී ඉදිරිපත් කෙරුණු ප්‍රාදේශීය සෞඛ්‍ය රාජාඥාව අනුව සෞඛ්‍ය හා සංවර්ධනය පිළිබඳව ප්‍රාදේශීය සභා (ලෝකල් බෝඩ්) ඇති කරන ලදී. නාගරික සභා ලැබිය යුතු තරම් දියුණුවක් නොලැබූ නගරවල දියුණුව මෙයින් අපේක්‍ෂා කෙරුණු අතර, මේ සභාවකට වැසියන් විසින් පත්කරන නියෝජිතයන් තිදෙනෙක් හා ආණ්ඩුකාරතුමා විසින් පත් කරන නියෝජිතයන් තිදෙනෙක්ද ඇතුළත් විය.