ශ්‍රී ලංකාව මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ දෙකෙන් පළමු කොටස ලෙස එන්නත් මාත්‍රා 26,000ක් අද (05) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරන ලද මෙම ෆයිසර් එන්නත දකුණු ආසියානු කලාපයේ රටකට ලැබුණු පළමු අවස්ථාව මෙය ලෙසෙද සැලකේ.
නාරහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ විශේෂිත ගබඩා තුළ එම එන්නත් තොගය ගබඩා කිරීමට පියවර ගෙන ඇත.