• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රට පාලනයේ රහස් නොදත් හෙළ රැජිනියෝ

November 4, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
රට පාලනයේ රහස් නොදත් හෙළ රැජිනියෝ
Share on WhatsAppShare on Facebook

මෙරට රාජ්‍ය පාලනයක් ස්ථාපිත වූයේ විජයගේ පැමිණීමෙන් පසුවය. ඊට පෙර සංකල්පීය වශයෙන් රාවණා නම් රජ කෙනකු පාලනය කළ බව සඳහන් වුවද එහි ක්‍රමික විකාශනයක් දැකගැනීම දුර්ලභය. එනමුත් විජයගෙන් ආරම්භ වන රාජ්‍ය පරම්පරාවක් ගැන ඉතිහාස තොරතුරුවලින් කරුණු උකහාගත හැකිය. සිංහල දේශය පාලනය කළේ රජවරුන්ම පමණක් නොවේ. කාන්තාවෝ කිහිප දෙනෙක්ද මෙරට පාලනය කළහ. ඔවුන් පිළිබඳ කෙටි හැඳින්වීමකි මේ.

අනුරාධපුර රාජධානිය ශතවර්ෂ 12කට වැඩි කාලයත් පැවැතියේ. මේ කාලයේදී කාන්තාවන් කිහිපදෙනකු රාජ්‍යත්වයට පත් වූ අවස්ථා ගැන කියැවේ. ඒ අන් කවුරුවත් නොව අනුලා දේවියයි. (ක්‍රි.පූ. 47-42). අනුලා දේවිය යනු වළගම්බා රජුගේ පුතණුවන් වූ චෝරනාග රජුගේ මහේෂිකාවයි. ඔහු දාමරික අයකු බව වංසකතාවල සඳහන් අතර භික්ෂූන් වහන්සේලා අතර පවා ඔහු ගැන පැවැතියේ සොම්නස මුසු හැඟීමක් නොවේ. ඔහු වෙහෙර විහාරස්ථානවලටද විවිධ හානි පැමිණවීය. ඔහුගේ පමණක් නොව කුඩාතිස්ස රජුගේ මහේෂිකාව වූයේද අනුලා දේවියයි. ඔහු අනුලා දේවිය විසින් ඝාතනය කළ බව ඉතිහාසයේ ජනප්‍රිය කරුණකි. ඉන් පසු රාජ්‍ය ලබාගත්තේ අනුලා බිසවයි. ඇය වර්ෂ 6කට වැඩි කාලයක් මෙරට පාලනය කර ඇත. ඇයගේ කාලයේදී රාජ්‍ය විචාරීම සඳහා පත්කරගත් පිරිස සමග රහස් සමීප සබඳතා පැවැත්වූ අනුලාවෝ එකී සෑම දෙනාද ඝාතනය කිරීමට පසුබට නොවූවාහ. ඊට හේතුව ලෙස ඉතිහාස කතාකරුවන් දක්වන්නේ ඇය කාමුක කාන්තාවක වූ නිසා මෙසේ පුරුෂයන්ගෙන් සෑහීමකට පත් වූ බවයි.

අනුලා බිසව සිව, වටුක, දරකැටියා තිස්ස, නීලිය ආදී පුරුෂයන් ආශ්‍රය කළ අතර මේ කිසිවකුගෙන් සෑහීමකට පත් නොවී අවස්ථානුකූලව මේ සියලුදෙනා ඝාතනය කොට අවසාන කාලයේදී අනුලා පමණක් රාජ්‍ය විචාලාය. මේ කාලය දේශපාලන වශයෙන් පමණක් නොව සියලු අංශවල පරිහානිය උදාකළ කාලවකවානුවක් ලෙසින් ඉතිහාසයේ ලියැවී ඇත.
ක්‍රිස්තු වර්ෂ 34 වැන්නෙහිදී සීවලී කුමරිය රාජ්‍ය බලයට පත්වන අතර ඇය රාජ්‍ය බලය ලබාගත් දෙවැනි කාන්තාව වශයෙන් සැලකිය හැකිය. ඇය රජ වන්නේ ඊට පෙර රජවී සිටි චූලාභය රජුගෙන් පසුවය. ඔහුගේ රාජ්‍ය කාලය වර්ෂයක් තරම් කෙටි කාලයක් විය. සීවලී කුමරිය යනුවෙන් හැඳින්වෙන්නේ චූලාභය කුමරුගේ නැගෙණියයි. ඇයගේ රාජ්‍ය කාලය මාස තුනක් බව යම් තැන්වල දක්වා තිබුණත් එය සාවද්‍ය තොරතුරක් වන්නේ ක්‍රිස්තු වර්ෂ 37දී ඉලනාග රජු ඇය සිහසුනෙන් නෙරපා රාජ්‍ය බලය ලබාගත් බව ඉතිහාස තොරතුරුවල සඳහන් වීමෙනි. ඇයගේ රාජ්‍ය කාලය මේ අනුව වර්ෂ තුනකි. ඇයගෙන් සුවිසල් සේවයක් සිදුවූ බව කොතැනකවත් සඳහන් නොවන අතර වැදගත් වන්නේ ඇය රැජිනක වීමය.

අනුරාධපුර යුගයෙන් පසුව එන පොළොන්නරු යුගයේද රාජ්‍ය විචාල රැජිනියෝ කිහිප දෙනකු වෙති. එයින් මුලින්ම දැක්වෙන්නේ ලීලාවතී රැජිනයි. ඇය පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ අග්‍ර මහේෂිකාවයි. ඇය වර්ෂ 03ක් රාජ්‍ය කළ අතර ඒ ක්‍රිස්තු වර්ෂ 1208 සිට 1211 දක්වායි. මෙයින් පසු සහස්සමල්ල නම් රජකු ගැන කියැවෙන අතර ඔහු රාජ්‍ය ලබා වර්ෂ දෙකකින් පසු නැවත රජ වන්නේ කාන්තාවකි. ඇය කල්‍යාණවතී රැජිනයි. ඇය කීර්ති ශ්‍රී නිශ්ශංක රජුගේ පළමුවැනි මෙහෙසියයි. ඇය වර්ෂ 06ක් පමණ රාජ්‍ය කළාය. ඒ ක්‍රිස්තු වර්ෂ 1213 සිට 1219 දක්වාය.
කල්‍යාණවතී රැජිනගෙන් පසු නැවත කාන්තාවක රජ වන්නේ වර්ෂ දෙකකින් අනතුරුවය. ඒ අන් කවරකු වත් නොව ලීලාවතී රැජිනයි. මේ ඇයගේ දෙවැනි රාජ්‍යප්‍රාප්ත වීමයි. ඇය රාජ්‍ය බලය ලබාගත්තේ වර්ෂයක්වත් රාජ්‍ය විචාරන්නට වාසනාව නොලද ‘අණිකංග’ නම් වූ ද්‍රවිඩයා ඝාතනය කිරීමෙන් පසුවයි. ඇය මෙවරද රාජ්‍ය කළේ වර්ෂයකි. ඒ ඇයගේ පාලනය තිබුණු කල ලෝකේශ්වර නම් තැනැත්තකු පැමිණ රාජ්‍ය පැහැරගත් අතර ඔහු මාස 9ක් වැනි කාලයක් රාජ්‍ය ගෙනගියේය. ඔහුට රාජ්‍ය ස්ථාවරත්වයෙන් තබාගැනීමට නොහැකි වූ අතර ඔහුව පන්නා දමා නැවත බලය ලීලාවතී රැජින ලබාගත්තාය. එයින් පසුද මාස 9ක් රාජ්‍ය ගෙනගියාය. මේ කාලයේ රාජ්‍ය ස්ථාවරත්වයෙන් නොපැවති බව මේ කරුණු ආශ්‍රයෙන් වුව මනාව හැඳිනගත හැකිය. ඒ නිසාවෙන් පරාක්‍රම පණ්ඩු නම් වූ තැනැත්තෙකු මෙහි පැමිණ රාජ්‍ය බලය ලබාගත්තේය. ඔහු වර්ෂ 3ක් රාජ්‍ය කිරීමෙන් පසු විසිහතර දහසක් පිරිවරා මාඝ නම් වූ තැනැත්තෙක් මෙහි පැමිණ පරාක්‍රමපණ්ඩු ඝාතනය කොට රාජ්‍ය බලය ලබාගත්තේය. ඔහු වර්ෂ 21ක් වැනි දීර්ඝ කාලයක් මෙරට විනාශ මුඛයට ඇද දමමින් කෲර පාලනයක් ගෙන ගියේය.

මේ අනුව මෙරට පාලනය කළ කාන්තාවන් කිහිපදෙනකු හමුවන අතර ඔවුන්ගේ කාල පරාසය තුළ මෙරට කිසිදු අංශයක් අද්විතීය අන්දමින් සංවර්ධනය වූ බවක් නොපෙනේ. ඔවුන්ගේ රාජ්‍ය කාලය බොහෝ විට අවසන්ව ඇත්තේ වෙනත් කෙනකුන් රාජ්‍ය පැහැර ගැනීමෙන් අනතුරුවය. කෙසේ නමුත් ඉතිහාසයේ කාන්තාවන් රජවී ඇති බවට ඔවුන් සාධකයක් ඉතිරි කොට නික්ම ගොස් ඇත.

රාජකීය පණ්ඩිත පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

TNA සජිත්ට: අවසන් තීන්දුව ‌දෙයි

Next Post

සම්මානනීය ‘තාත්තා’ගේ තාත්තා

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027...

Read more
සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.