සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව දෙමළ ජාතික සන්ධානය අද (03) නිවේදනය කළේය.
අද අගමැතිවරයා හා පැවැත්වෙන සාකච්ජාවකින් අනතුරුව හෙට (04) දීනයේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටියද අද දිනයේම එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කිරීම විශේෂ සිදුවීමකි.
එමෙන්ම අද (03) රාත්‍රියේදී අගමැතිවරයා හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් අතර රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්වීමට නියමිතය.
දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට නියමිත බව පළමුවරට රටට අනාවරණය කළේද අප වෙබ්අඩවියය.