• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මොකක්ද මේ ඉරහඳ නොදකින පොකුණ

October 17, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මොකක්ද මේ ඉරහඳ නොදකින පොකුණ
Share on WhatsAppShare on Facebook

අරහත් මිහිඳු මා හිමියන් ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන ඒමෙන් පසු ඉතා සැදැහැවත් බෞද්ධයකු බවට පත්වූ දේවානම්පියතිස්ස රජතුමා මේ සෙල්මුවා විහාර සංකීර්ණය කරවන ලද බවට විශ්වාස කෙරේ. මෙය ක්‍රි.පූ. 1 වැනි සියවසට අයත්ය.

දණ නවාගත් ඇතකුගේ හැඩය ගත් විශාල ගල් පර්වතයක් මෙහි ඇති නිසා ‘හත්ථිකුච්චි’ යන නම මෙම ස්ථානයට ලැබී ඇත. දළ වශයෙන් අක්කර 300ක පමණ භූමි ප්‍රදේශයක දැනට විසිරී පවත්නා නටබුන් සම්භාරය නැරැඹීම සඳහා විශාල බිම්කඩක පයින් ඇවිදීම එක්තරා විදියක වෙහෙස ගෙන දෙන්නක් වුවද දසතෙහි නෙත ගැටෙන කළුගලින් එදා ගල් වඩුවන් කළ විස්මිත නිර්මාණ හමුවෙහි එම වෙහෙස සැණෙකින් පලා යයි. එදා වනවාසී භික්‍ෂුන් බහුල වශයෙන් වැඩ විසූ බව සඳහන් වන මෙම භූමි භාගයෙහි අපූර්වතම නිර්මාණ කෞශල්‍යක් විදහා දක්වන පොකුණු රැසක් දැකගත හැකිය. මේවා විවිධ හැඩවලින් සහ ප්‍රමාණවලින් යුක්තය. ඇතැම් පොකුණුවල ජලය නිල් පැහැයෙන් දිස්වෙයි.

රාජාංගනය ලෙස ව්‍යවහාරයේ පැවැති මෙම ‘හත්ථිකුච්චි’ විහාරය සිරිසඟබෝ රජු හිස දන් දුන් ස්ථානය බව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරුන් වන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සහ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා පවසා ඇත.

ක්‍රි.ව. 247 සිට වසර දෙකක් අනුරාධපුරයේ රජකම් කළ සිරිසඟබෝ රජතුමා රාජ්‍යත්වය හැරදමා දහවල පසු වී පිටත්ව අනුරාධපුරයේ ඉසුරුමුණි විහාරයෙන් දකුණු දිශාවට පැමිණ රාත්‍රිය එළඹෙන විට යම් ස්ථානයකට පැමිණ භාවනායෝගීව සිටි බව වංශකතාවන්හි දැක්වෙයි. මෙය සිරිසඟබෝ රජුට වරුවකින් පමණ ළඟා විය හැකි ස්ථානයකි. ඉන් කාලයකට පසුව අනුරාධපුරයෙන් බත්මුලක් අතැතිව පිටත් වූ දුගියෙකු එක් වරුවක ගමනකින් පසු පර්වත මුදුනකට පැමිණ ආහාර ගන්නට සූදානම් වන මොහොතේ තාපසවරයකු භාවනාවේ නිරතවනු දැක තම බත්පතෙන් කොටසක් පූජා කර ඇත. ඒ තාපසයා අනුරාධපුරයේ තොරතුරු විචාල මොහොතේ ගෝඨාභය රජු සිරිසඟබෝ රජුගේ හිස ගෙනැවිත් දෙන්නෙකුට මසුරන් දහසක් දෙන බවට අණබෙර යැවූ බවත් ඒ නිසා මිනිසුන් හිස් ගෙන ඒමට පටන් ගැනීම නිසා මහා මිනිස් ඝාතනයක් වන බවක් පැවැසූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.

අනතුරුව මේ මිනිස් ඝාතනය ගැන ශෝකය උපදවාගත් භාවනායෝගීව සිටි සිරිසඟබෝ රජු මා නිසා මිනිසුන් මියයෑම වැළැක්විය යුතු යැයි සිතා තම හිස සිඳ දුගියා අත තබා මෙය ගෙනගොස් රජුට පෙන්වා කහවණු දහස ගනු යැයි කී බවද වංශකතාවන්හි දැක්වෙයි. දුගියා හිස ගෙනැවිත් දුන් පසු මේ පුවත් ඇසූ ගෝඨාභය රජු සිරිසඟබෝ රජු හිස දන් දුන් ස්ථානයට පැමිණ දේහය මිහිදන් කොට එතැන බෝධිඝරයක් පිහිටු වූ බවද සඳහන් වෙයි. ඒ ආසන්නයේ වටදාගෙයක් සහිත චෛත්‍යයක්ද කරවූ බව දැක්වෙයි.

එකල රාජ්‍ය අනුග්‍රහයෙන් අසීමිත දියුණුවක් ලැබූ ‘හත්ථිකුච්චි’ විහාර භූමියෙහි නටබුන් රැසක් දක්නට ඇත. දැනට මෙම ස්ථානයේ මතුව ඇති නටබුන් අතර පොහොය ගෙයක්, බුදු මැඳුරක්, තෙමහල් ධාතු මන්දිරයක්, උස් මාලකයක් මත කරවූ වටදා ගෙයක්, විනාශ වූ චෛත්‍ය අටක්, දාන ශාලාවක්, අර්ධ කවාකාර ශාලාවක්, පොකුණු දාසයක්, කටාර සහ පූජා ලිපි කෙටූ ලෙන් ඇතුළු ලෙන් තිස් අටක් හමුවී ඇත. තවමත් හඳුනාගත නොහැකිව තිබෙන විශාල ගොඩනැඟිලි සංඛ්‍යාවක් ඇතුළුව අක්කර 300ක් පුරා විසිසුරුණු නටබුන් සහිත මෙම පූජා භූමියේ මහනුවර යුගයේ බුදු පිළිමයක් සහිත ලෙන් විහාරයක් තවමත් දක්නට ලැබේ.

‘දස අචරිය සිරස’ යනුවෙන් සඳහන් වූ ශිලාමය පුවරුවක් ‘හත්ථිකුච්චි’ විහාර භුමියේදී හමුවී ඇත. එය පිහිටි ස්ථානයේ වටදාගෙයක් සහිත චෛත්‍යයකි. චෛත්‍යයට ආසන්නයේ පැරැණි බෝධිඝරයක් පිහිටා ඇත. මෙම බෝධිඝරයේ සිවු දෙසින් ඇති මල් ආසනවලින් දෙකක් අතර, ගඩොලින් කරන ලද තවත් හතරැස් කොටු ආකාරයේ අඩි තුනක් පමණ උසැති, අඩි අටක් පමණ දිගැති ඉදිකිරීමක් ඇත. එහි එක් පසෙක කවාකාර ගල් ස්ථම්භයක්ද තබා ඇත. මෙවැනි නිර්මාණයක් ශ්‍රී ලංකාවේ කිසිදු ස්ථානයක බෝධිඝරයක් දක්නට නැත.

පුරාවිද්‍යාඥයන් පවසන්නේ හිස දන් දුන් සිරිසඟබෝ රජතුමා මිහිදන් කළ ස්ථානය එය විය යුතු බවයි. ඒ අසල ඇති කඳුගැටය මතදී හිස දන් දුන්නා නම් රජුගේ සිරුර එතැනට වැටීමට ඉඩ ඇත. රජු හිස දන් දුන් ස්ථානයේ ‘ඉරහඳ නොදුටු පොකුණක්’ වූ බවද සඳහන් වෙයි. බෝධිඝරයත්, වටදාගෙය සහිත චෛත්‍ය පිහිටි ස්ථානයට ඉහළින් ගල් පර්වතය මත මෙම පොකුණ පිහිටා ඇත. ගල් ලෙනක් ඇතුළත ඇති මෙම පොකුණේ කිසිදා දිය නොසිඳෙන අතර, හිරුගේ හෝ සඳුගේ ඡායාව වසරේ කිසිදු දිනයක මේ පොකුණට වැටෙන්නේද නැත. එම පොකුණ පිහිටි ස්ථානයේ ඇති කුඩා ලෙනෙහි සිටි මිනිසෙකු බිමට වැටුණහොත් පතිත වනුයේ බෝධිඝරය පිහිටා ඇති ස්ථානයට බවද පැහැදිලි කරුණකි.

මෙම විහාර සංකීර්ණය කදිම වන රොදකට ආසන්නව පිහිටා ඇති නිසාවෙන් උකුස්සන්, කොබෙයියන්, රිළවුන්, වඳුරන් මෙන්ම ඉඳහිට දකින්නට ලැබෙන මුව පොව්වන්ටද කදිම අභය භූමියක් වී ඇත. මෙම සියලු කරුණු සලකා බලන කළ සිරිසඟබෝ රජතුමා හිස දන් දුන් ස්ථානය ‘හත්ථිකුච්චි’ විහාරය හෙවත් අතීත රාජාංගනය බව පැහැදිලි යැයි පුරාවිද්‍යාඥ මතයකි.

ක්‍රිෂාණි මල්ලව

SendShareShare
Previous Post

සෙලාන් බැංකුව සහ PICKME වෙතින් සුවිශේෂී වට්ටම්

Next Post

අපේ මුරලිට ඉන්දියාවෙ ගැහුව ‘800’

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.