• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මෙදා ජනප්‍රිය ක්‍රීඩා එදා ඉපදුණු හැටි

January 10, 2021
in Mahawanshaya
Reading Time: 5 mins read
A A
මෙදා ජනප්‍රිය ක්‍රීඩා එදා ඉපදුණු හැටි
Share on WhatsAppShare on Facebook

ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව මොකක්ද කියලා අපි කියවන ඔබෙන් ඇහුවොත් ගොඩාක් අය කියයි ක්‍රිකට් කියලා. තවත් අය කියයි පාපන්දු නැත්නම් රග්බි හරි ටෙනිස් හරි කියලා. ඉතින් ඔබ කියපු ඔක්කෝම ක්‍රීඩා ඇත්තටම ජනප්‍රියයි. ඒත් හුඟාක් අය දන්නේ නෑ ඔබ ජනප්‍රියයි කියපු ඒ එක ක්‍රීඩාවක්වත් එවකට ඉපදුණේ කොහොමද කියලා. හැබැයි ඉතින් ඒක ඇරුණම නම් ජනප්‍රියයි කියපු ඒ හැම ක්‍රීඩාවකම අස්සක් මුල්ලක් නෑරම අපි දන්නවා. නමුත් මුල නොදැන මැදයි අගයි විතරක් දැනගෙන වැඩක්ද? ඔව් එහෙම දැනගෙන ඇති වැඩක් නෑ. ඉතින් අන්න ඒ හේතුව උඩ අපි හිතුවා ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාවන් ඉපදුණු හැටි ගැන ඔබට කියන්න. අපි කුමාර් සංගක්කාර ගැන දැනගෙන කිසි වැඩක් නෑ ක්‍රිකට්වල මුල නොදැන. අපි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන දැනගෙන වැඩක් නෑ පාපන්දුවේ මුල නොදැන. අපි සුප්‍රසිද්ධ නවසීලන්ත කණ්ඩායම ගැන දැනගෙන වැඩක් නෑ රග්බිවල මුල නොදැන. ඒ වගේමයි අපි රෆායෙල් නඩාල්, සෙරීනා විලියම්ස් ගැන දැනගෙන වැඩක් නෑ ටෙනිස්වල මුල නොදැන. ඉතින් මේ දැන් වත්මන් ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩා කිහිපයක් බිහිවුණු හැටි ගැන අපි කතා කරමු.

රජ මාලිගයෙන් ආ ක්‍රිකට්

මෙම ක්‍රිකට් ක්‍රීඩාව යනු එංගලන්තයෙන් උපන් වර්තමානයේ ජනප්‍රියම ක්‍රීඩාවකි. මධ්‍යතන යුගයේදී එංගලන්තයේ භාවිතා වූ ‘ක්‍රිකෙ” යන දණ්ඩ, පොල්ල යන අර්ථයක් දෙන වචනයෙන් සෑදුණු වචනයක් සේ ක්‍රිකට් සැලකෙයි. මේ අතර 13 වන ශතවර්ෂයේ එක් සටහනක පිත්තකින් සහ බෝලයකින් ක්‍රීඩා කරනා මිනිසුන් දෙදෙනෙකුගේ රූප සටහනක්ද හමුවී ඇති අතර ක්‍රිකට් පිළිබඳව වූ සටහනක් එවකට පළවෙනි එඞ්වඞ් රජුගේ මාලිගයේ වියහියදම්වලට ඇතුළත්ව තිබූ බව පැවසෙයි. ක්‍රිකට් ඇරඹුණු මුල් කාලයේදී එදා ක්‍රිකට් පිත්ත හොකී පිත්තක් මෙන් අග මඳක් වක්‍රව තිබුණි. විකට්ටුවට තිරස්ව එය ඇල විය යුතු වූ අතර කඩුල්ල වූයේ පිටියේ වූ වළකි. අතීතයේ ක්‍රීඩකයෙකු දවාලිය හැක්කේ ආකාරයන් දෙකකට පමණි. ඒ දුවද්දී දවාගැනීමකින් හෝ උඩ පන්දුවක් රැක ගැනීමෙනි. ඊට පසුව කඩුල්ල වෙනුවට භාවිතා කළ වළ වෙනුවට ඒ තුළ ඉනි දෙකක් භාවිතා කළ අතර ඉනි දෙක අතරින් පන්දුව ගියද එය එවකට දැවීයාමක් වූයේ නැත. එදා දැවීයාමකට නම් ඉනි දෙකෙන් එකක හෝ ඒවා මත තිබූ හරස් ලී කැබැල්ලේ පන්දුව වැදිය යුතු විය.

නමුත් ක්‍රිකට් ක්‍රීඩාව වැදගත් පියවරක් තැබූයේ වර්ෂ 1744දීය. ඒ වර්ෂයේදී ක්‍රිකට් සඳහා නීති රීතින් සකස් වූ අතර වර්ෂ 1775 දී කඩුල්ල ඉනි තුනක් බවට පරිවර්තනය විය. පසුව වර්ෂ 1828 දී අත කරකවමින් පන්දු යැවීම නීතිගත කෙරුණි. කාන්තාවන් මේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වී ඇත්තේ 1745 වර්ෂයේදීය. මේ අතර ක්‍රිකට් ක්‍රීඩාව සැලකෙන්නේ ඉංග්‍රීසි ජාතිකයින් අතින් ව්‍යාප්ත වූ බටහිර ක්‍රීඩාවක් ලෙසිනි. කෙසේ හෝ ක්‍රිකට් යැයි කියූ සැනින්ම සිහිවෙන පෞරාණික තරඟ මාලාවක් තිබේ. ඒ එංගලන්තය ඕස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟ මාලාවයි. එයට ඇත්තේ දිගු ඉතිහාසයකි. මෙම අළු බඳුනේ තරඟාවලිය ආරම්භය වන්නේ 1882 වර්ෂය තුළය. ඒ එංගලන්තයේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේය. නමුත් ජයග්‍රහනය කරන්නේ දුර්වල ඕස්ටේ්‍රලියානු කණ්ඩායමය. ඒ ලකුණු හතකිනි. එවකට ඒ පරාජය කාගේත් කතාබහට ලක් වූ පරාජයක් විය. ඊට හේතුව ක්‍රිකට් උපන් රට එංගලන්තය වීමයි.

එදා මේ තරඟයෙන් පසුව එක්තරා ප්‍රවෘත්තියක් පළවෙන්නට විය. ඒ “1882 අගෝස්තු 29 දින ඕවල්හිදී මියගිය ඉංග්‍රීසි ක්‍රිකට් ක්‍රීඩාව ආදරයෙන් සිහිකිරීමයි. මෙයට දැඩි ලෙස හඬා වැළපෙන බොහෝ දෙනා සහ දුකට පත් මිත්‍රයන්ට විශේෂයෙන්ම සලකන්න. සිරුර ආදාහනය කර ඕස්ටේ්‍රලියාවට ගෙන යනු ඇත” නම් යනුවෙනි. මෙම ප්‍රවෘත්තිය කෙරෙහි එංගලන්තයේ අවධානය යොමුවිය. ටික දිනකින් මෙල්බර්න්හි සිටි කාන්තාවෝ කීපදෙනෙක් එකතුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ අයිවෝ බ්ලයිට කුඩා මැටි බඳුනක් පිරි නැමූහ. එය තුළ වූයේ ජයගත් තරගයේ පාවිච්චි කළ බේල්ස් පුලුස්සා ගත් අළුය. අළු බදුනේ උපත සිදුවූයේ ඒ අයුරිනි. අයිවෝ බ්ලයි පසුව සාමි පදවියකින් පුදනු ලැබූ අතර ඔහුගේ මරණයෙන් පසු අළු බඳුන 1928 දී එවකට සිටි ක්‍රිකට් බලධාරීන්ට තෑගි කරනු ලැබීය. එදා සිට අද දක්වාම එය විශේෂ වීදුරු පෙට්ටියක ආරක්ෂා සහිතව එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිජබිම ලෙස සැලකෙන ලෝඞ්ස්හි තැන්පත් කර ඇත. එමෙන්ම එම අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟමාලාව වසරකට වරක් අදටත් පැවැත්වෙයි.

රජවරුත් ගහපු ටෙනිස්

මෙම “ටෙනිස්” යන වචනය “ටෙනෙස්” යන ප්‍රංශ වචනයෙන් බිඳී පැමිණ ඇති අතර එහි අර්ථය “ගන්න ක්‍රීඩා කරන්න” යන්නයි. ටෙනිස් ක්‍රීඩාවේ ඒ ඉතිහාසය දෙස හැරී බැලීමේදී එය මුලින්ම පැවතියේ ඊජිප්තුවේ, පර්සියාවේ හා අරාබියේ බවට සඳහන්ය. කෙසේ හෝ දිගු ඉතිහාසයක් ඇති ටෙනිස් ක්‍රි.ව. 1300 දී හඳුන්වා ඇත්තේ “බවුඞ්” යන නමිනි. 14 වන සියවසේදී එය මුළු ප්‍රංශය පුරාම ව්‍යාප්ත වී ඇති අතර ප්‍රංශයේ වංශවත් පිරිස් මෙම ක්‍රීඩාවට ඉතා ආදරයෙන් වැලඳගත් බව පැවසෙයි. දහවෙනි ලුවී රජු මියගියේද ටෙනිස් ක්‍රීඩා කරමින් සිටියදී වැලඳුණු සන්නි රෝගයකිනි. මේ අතර ප්‍රංශයේ හා එංගලන්තයේ රාජකීයයෝ මෙම ටෙනිස් ක්‍රීඩාවට මහත් උනන්දුවක් දක්වා ඇත. පළමු හෙන්රි රජු ප්‍රංශයේ දක්ෂතම ටෙනිස් ක්‍රීඩකයා ලෙසද එකල ප්‍රකට චරිතයක් වී තිබේ. දාහතර වෙනි ලුවී රජු තම ටෙනිස් පිටි නඩත්තුවට පූර්ණකාලීන සේවක පිරිසක් යොදවා තිබූ බවත් ක්‍රි.ව. 1529 දී අටවෙනි හෙන්රි රජු ගොඩනැගූ හැම්ප්ටන් පිටිය අද පවා භාවිතයේ ඇති බවත් රහසක් නොවේ. කෙසේ වුවත් ටෙනිස් ක්‍රීඩාව ඇමරිකා එක්සත් ජනපදයට හඳුන්වා දෙන්නේ 1870 වර්ෂයේදී බව සඳහන් වෙයි. ටෙනිස් ක්‍රීඩාවේ ඇති ලෝක පූජිත තරගය ලෙස සැලකෙන විම්බල්ඩන් ශූරතා තරඟාවලිය ආරම්භ වී ඇත්තේ 1877 වර්ෂයේදීය.

හිස් කබලෙන් උපන් පාපන්දු

ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් යැයි පැවසුවද සැබෑවටම ජනප්‍රිය ක්‍රීඩාව වන්නේ පාපන්දු ක්‍රීඩාවයි. එයට දිගු ඉතිහාසයක් තිබේ. එය ග්‍රීකවරුන් මෙන්ම රෝමවරුන් ඇසුරේ ප්‍රාග් ඓතිහාසික යුගය දක්වාම ඈතකට විහිදී යයි. ඈත අතීතයේ ජනයා විනෝදයට මෙන් කිසියම් දෙයකට පයින් ගසමින් කිසියම් දුරකට හෝ ස්ථානයකට ගෙන යෑමට වෙර දරා ඇති අතර ඇතැම් විට ඒ සඳහා ඔවුන් යොදාගෙන ඇත්තේ මිනිස් හිස් කබලකි. අතීතයේ සිට ආ එම හුරුව පාපන්දුවේ උපතට හේතුවෙන්නට ඇති බව එක් විශ්වාසයකි. නමුත් වර්ෂ 1863 දී පාපන්දු ක්‍රීඩාව ක්‍රීඩාවක් සේ නීති රීති සකසා නව ආරම්භයක් ගත් අතර 20 සියවසේදී පාපන්දු ක්‍රීඩාව ලොව පුරා ජනප්‍රිය විය. සැබෑවටම අද ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාවත් පාපන්දුය.

හදිසි කෝපයකින් ආ රගර්

රගර් ක්‍රීඩාව බිහිවූ බව සඳහන් වන්නේ පාපන්දු ක්‍රීඩාවේ දිගුවක් ලෙසිනි. එසේ නැත්නම් පාපන්දු ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුගේ හිතේ ඇතිවූ හදිසි කෝපයක් ලෙසිනි. එසේ රගර් බිහිවීමට වර්ෂ 1823 දී එංගලන්ත රග්බි විද්‍යාලයේ පැවති පාපන්දු තරඟයක් හේතු වී තිබේ. පාපන්දු ක්‍රීඩාවේදී පාපන්දුව අතින් ඇල්ලීමට වරම් ඇත්තේ ගෝල රකින්නාට පමණි. ඒත් විලියම් එලිස් නම් ක්‍රීඩකයා පාපන්දුවට පයින් පහරක් එල්ල කිරීමට ගත් උත්සහය වැරදුණු විට ඔහුගේ හිත අවුල් වී පාපන්දුව අතින් ගෙන විරුද්ධ පිලේ ගෝලය වෙත දුවන්නට වූයේ තම ක්‍රීඩකයන් මෙන්ම නරඹන්නන්ද මවිතයට පත් කරමිනි. මේ රග්බි ක්‍රීඩාවේ ආරම්භයට මඟ සැකසෙන්නේ ඒ හරහාය. කෙසේ හෝ එදා රග්බි විද්‍යාලයේ ඒ තරඟය වසර ගණනාවක්ම සාකච්ඡාවට බඳුන් වූ අතර අවසනදී වර්ෂ 1939 දී ක්‍රේම්බි්‍රජ්හි ශිෂ්‍ය ආතර් පෙල් නව ක්‍රීඩාවක් නිර්මාණය කළේය. වර්ෂ 1841 දී රග්බි විද්‍යාලය මගින් නීත්‍යානුකූලව පිළිගත් එය රග්බි ෆුට්බෝල් නමින් හඳුන්වන්නට විය. එසේම එදින වෙනුවෙන් යම් සමරු ඵලකයක්ද නිරාවරණය කරන්නට විය. එහි “පාපන්දු ක්‍රීඩාවේ නීති නොසලකා විලියම් වෙබ් එලිස් පාපන්දු තරගයකදී පන්දුව අතින් ගෙන දුවමින් රග්බි ක්‍රීඩාව නිර්මාණය කිරීමට මූලික ලක්ෂණය විදහා පෑ අවස්ථාව සිහිවීම පිණිසයි” ලෙස සටහන්ව තිබුණි.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

‘සුරක්ෂා’ රක්ෂණාවරණය නැවතත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින්

Next Post

මහජන බැංකුවේ ජාත්‍යන්තර ණය සම්බන්ධ සේවාවන් බාධාවකින් තොරව ඉහළට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චිට පොහොට්ටුව ඇතුළෙන්ම දැඩි විරෝධයක් මතුව ඇත.Sri Lanka Latest News විශේෂයෙන්ම...

Read more
සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.