• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මුලතිව් මහ කැලේ මැද සැඟවුණු හෙළ ඉතිහාසය

June 27, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මුලතිව් මහ කැලේ මැද සැඟවුණු හෙළ ඉතිහාසය
Share on WhatsAppShare on Facebook

කාලෙන් කාලෙට මෙරට ඉතිහාසය ගැන බොහෝ රහස් හෙළිවෙනවා, මතුවෙනවා. නැතිනම් විවිධ කැණීම් කටයුතු ඇසුරින් සොයා ගන්නවා. එහෙම හෙළිදරව් වෙන කරුණු කාරණා සම්බන්ධයෙන් විවිධ පිරිස්වලින් චෝදනා වගේම යෝජනා ඉදිරිපත් වෙන අවස්ථාත් නැතිවම නෙවෙයි. ඇතැම් කරුණු තමන්ට අවාසි කියලා හිතුණම ඒවා යටපත් කරන්න උත්සාහ කරන පිරිසකුත් ඔය අතර ඉන්නවා. ඒ වගේම තමන්ට වාසියි කියලා හිතුණාම ඇතැම් කරුණු ඉස්මතු කරන පිරිසකුත් නැතුවාම නෙවෙයි. හැබැයි අනෙකුත් කාරණාවලට ඒ ඒ හේතු කොහොම බලපෑවත් රටක ඉතිහාසය සම්බන්ධ තොරතුරු ඒ විදිහට හංගලා තියන්න තියන්න සිද්ධ වෙන්නෙ අගතියක්.

මේ විදිහට පසුගිය කාලයේ තරමක් උණුසුම් කතාබහකට ලක්වුණු මාතෘකා අතරේ මුලතිව් ප්‍රදේශයේ ඇති කුරුන්දි රජමහා විහාරය පිළිබඳව කතාවත් යම් ආන්දෝලනයකට තුඩුදුන්නා. නාගදීපය විහාරයට පසුව ඓතිහාසික අතින් ඉහළ වැදගත්කමක් සහ වටිනාකමක් ඇතැයි සැලකෙන කුරුන්දි මහා විහාරය මේ වන විට විවිධ පාර්ශ්වයන්ගේත්, නිධන් හොරුන්ගේත් ග්‍රහණයට හසුව විනාශ වෙමින් පවතින බවත් පැවසෙනවා.

කෙසේ නමුත් පසුගිය කාලය පුරාවට විවිධ සමාජ මාධ්‍යයන්හි මේ ගැන කතාබස් කෙරුණා. ඒ අතර ‘අලුත් ලෝකය’ යූටියුබ් නාළිකාවට සපුමල්ගස්කඩ ආරණ්‍ය සේනාසනාධිපති ගල්ගමුවේ ශාන්ත බෝධි ස්වාමීන් වහන්සේ කුරුන්දි මහා විහාරය පිළිබඳවත් එහි ඓතිහාසික වටිනාකම පිළිබඳවත් ප්‍රකාශ කර තිබුණෙ මේ විදිහට.

‘උතුරු පළාතේ නාගදීපයට පස්සේ ආගමික සාසනික වටිනාකම වැඩිපුරම තියෙන්නේ කුරුන්දි මහා විහාරයට. ඉතින් ලංකාවේ ශාසන ඉතිහාසය ගැන අට්ඨ කතා තුනක් කියවෙනවා. ඒ තමයි මහ අට්ඨ කතාව, අරිච්චි අට්ඨ කතාව, කුරුන්දි අට්ඨ කතාව කියලා. මහ අට්ඨ කතාව තමයි ප්‍රධානම එක. ඊට පස්සේ අච්චරි අට්ඨ කතාව කියන්නෙ පවුරක් උඩ ලියැවුණු අට්ඨ කතාව කියන එකයි. ඒත් ඒ ගැන නිශ්චිත තැනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙන්නේ නැහැ. හැබැයි කුරුන්දි අට්ඨ කතාව තමයි අද මේ කුරුන්දි විහාරය කියන ප්‍රදේශයේ ලියැවිලා තියෙන්නේ.

අට්ඨ කතාව කියලා තියෙන්නේ දහමේ පැවැත්ම වෙනුවෙන් ලියැවුණු ශ්‍රේෂ්ඨ ලියැවිල්ලක්. ඉතින් එවැනි ලියැවිල්ලක් නිකම්ම නිකම් ස්ථානයක හදන්නෙ නැහැ. එහෙම දෙයක් ධර්මධර, විනයධර භික්ෂුන් වහන්සේලා වැඩසිටපු තැනක තමයි ලියැවෙන්නේ. එහෙම නම් කුරුන්දි විහාරය කියලා කියන්නේ එවැනි ශාසනික අතින් වටිනා කියන පුදබිමක්.

අනිත් එක එතැන තියෙනවා සුවිශේෂී දාගැබක්. පුරාවිද්‍යා නිලධාරීන් කියන විදිහට එතැන දාගැබ තිබිලා තියෙන්නේ වටදාගෙයක් විදිහට. නමුත් අද එම වටදාගෙයි සලකුණු හොයාගන්න අමාරුයි. මේ චෛත්‍යයේ ගෘහ නිර්මාණ ශිල්පිය සාන්චි ස්ථුපයට සමානයි කියලා තමයි කියන්නේ. ඒ විතරක් නෙවේ ඒ විදිහේ චෛත්‍යයක් හමුවුණු ලංකාවේ පළමුවැනි තැන විදිහටත් මෙතැන සලකන්න පුළුවන්.

පස්වැනි මිහිඳු රජ්ජුරුවෝ ලංකාවේ ලොකුම සෙල්ලිපිය නිර්මාණය කරලා තියෙනවා කියන්නේ මෙතැන. ඒක ලියැවිලා තියෙන්නේ 1905 ලංකාවේ පාලන වාර්තාවේ. එහි සඳහන් වන ආකාරයට ලංකාවේ හමුවුණු ලොකුම සෙල්ලිපිය කුරුන්දි මහා විහාරයේ තිබිලා තියෙනවා. හැබැයි අද ඒක එතැන දකින්න නැහැ. ඒක හොයාගන්න පුළුවන් වුණොත් අපිට ඒ ඉතිහාස කතාව මතු කරගන්න පුළුවන් වෙයි. එහි තියෙනවයි කියන්නේ පස්වැනි මිහිදු රජ්ජුරුවෝ තම දියණියත් සමඟ ප්‍රදේශයේ ජල ප්‍රශ්නයක් විසඳන්න ඇවිත් කුරුන්දි විහාරය සංවර්ධනය කරන්න කටයුතු කරපු කතාවක් ගැන.

ශාන්ත බෝධි ස්වාමීන් වහන්සේ මේ සියල්ල හෙළිකරලා හරි අපූරු කතාවක් කියනවා. ඒ තමයි මේ සැඟවිලා තියෙන ඓතිහාසික සාක්ෂි, සාධක, නටබුන් සොයාගන්ට හැකියාව ලැබුණොත් රටේ ඒකීයභාවයට එය මනා පිටිවහලක් වෙනවාය කියන එක. කොහොම නමුත් රටක් විදිහට තමන්ගේ අභිමානවත් ඉතිහාසය ඩෝසර් කරලා වහලා දානවා නම් ඒක මහා අපරාධයක්. ඒ නිසා රටක ජනතාව තමන්ගෙ වටිනා ඉතිහාසය එළිපෙහෙළි කරලා එය අනාගත ලෝකය හමුවේ සුරක්ෂිත කරන්නට කටයුතු කිරීමයි වටින්නේ. එහෙම නොවුණොත් රටක් විදිහට පරදින දවස වැඩි ඈතක නොවෙන්න පුළුවන්.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස පිදුම් ලබයි

Next Post

වත්සලා රඟපෑමට තිත තියයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.