• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වත්සලා රඟපෑමට තිත තියයි

June 27, 2020
in Heart
Reading Time: 1 min read
A A
වත්සලා රඟපෑමට තිත තියයි
Share on WhatsAppShare on Facebook

පුංචි තිරයේ දඟකාර, ආදරණීය පෙම්වතියක් වුණු මුතු කිරිල්ලි ඔබට මතක ඇති. මුතු කිරිල්ලි වුණු වත්සලා දියලගොඩ මේ දවස්වල වැඩිය දකින්නේ නැති නිසා කලා ක්‍ෂේත්‍රයෙන් ඈත්වෙලා කියලා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ. ඉතින් එහෙම වීමට හේතුව ඇයිදැයි සොයා කතා කිරීමට අපි ඇයව සම්බන්ධ කරගත්තා.
වත්සලා ඉතින් කොහොමද ජීවිතේ?
ජීවිතය සුන්දරයි. හරිම සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.
ජීවිතය එක පැත්තකින් සුන්දරව ගෙවන කොට කලාවේ සුන්දර අතීතය අමතක වෙනවාද?
කවදාවත්ම නැහැ. කලාවට එදා වගේම අදටත් ආදරෙයි. කලාව මගේ ජීවිතයේ කොටසක්. කලා ජීවිතයයි, පෞද්ගලික ජීවිතයයි දෙක පටලවාගන්න මම කැමැති නැහැ.
කලාව ජීවිතයේ කොටසක් වුණාට, ඔබ නිර්මාණවලින් ඈත්වෙලා ගිහින් වගේ අපට දැනෙන්නේ?
අවුරුදු එකහමාරකින් විතර රඟපෑවේ නැහැ. සමහරු හිතන්නේ මම කලාවෙන් ඈත්වෙලා කියලා තමයි. අවසාන වරට මම රඟපෑවේ ‘මිතු’ ටෙලිනාට්‍යයේ.
මෙච්චර කාලයක් නිහඬ වීමට හේතුවක් ඇති නේද?
මම ඉතින් එදා ඉඳලා තෝරා බේරාගෙන තමයි නිර්මාණවලට සම්බන්ධ වුණේ. දැන් හැදෙන සමහර නිර්මාණවලට මම කැමැති නැහැ. මේ යන රැල්ලට මම කොහොමත් කැමැති නැහැ.
හැබැයි වත්සලා ක්‍ෂේත්‍රයට ආපු කාලෙත් රැල්ලක් තිබුණා?
ඔව්. මම ඒක පිළිගන්නවා. නමුත් ඒ ඇතිවුණේ සුන්දර රැල්ලක්. ඒ නිර්මාණවල සුන්දර අතීතයක් තිබුණා. අඩු ගාණට රඟපාන්න ශිල්පීන් අද ඕනෑ තරම් ඉන්නවා. නිර්මාණ හැදුවාට සම්පූර්ණ පිටපතක් ඒ නිර්මාණවල නැහැ. ඔහේ ලිය ලියා දෙනවා එවේලෙට. එහෙම වැඩ කරන්න මම කැමැති නැහැ. ඉතින් එහෙම බලනකොට මෙහෙම නිහඬවෙලා ඉන්න එක හොඳයි කියලා මට හිතුණා.
හැබැයි ඔබට ආදරය කරපු ඔබේ ප්‍රේක්‍ෂකයන්ට ඔබ කරන්නේ අසාධාරණයක් නෙවේද?
මට ආදරය කරපු ප්‍රේක්‍ෂකයන් මම ගැන හොයන බව මම දන්නවා. මොකද මම නිර්මාණවල දකින්න නැති නිසා සමහරු හිතාගෙන ඉන්නේ මම ලංකාවේ නැහැ කියලා. මගේ ආදරණීය රසික රසිකාවියන්ට මම ආදරෙයි. ඔවුන්ට මම අසාධාරණයක් කරන්නේ නැහැ.
එයින් ඔබ අදහස් කරන්නේ නැවැත රඟපෑමට සූදානම් බවද?
ඇත්තටම හොඳ නිර්මාණයකින් මට ආරාධනා ලැබුණොත් මම එය ගැන සලකා බලනවා. මම කැමැති විවිධ චරිත රඟපෑමට. තවම මගෙන් හරිහමන් වැඩක් අරගෙන නැහැ. කොටස් ප්‍රමාණය අඩු හොඳ නිර්මාණයකට සම්බන්ධ වීමට මගේ ආශාවක් තිබෙනවා.
ටෙලිනාට්‍යවල ඔබ ඉඳහිට දුටුවත් චිත්‍රපටයකින් නම් ඔබව දැකගන්නට ලැබුණේම නැහැ?
චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ආශාවක් තිබුණා. දුව පොඩි කාලේ මට චිත්‍රපටයකින් ආරාධනා ලැබුණා. ඒත් දුවගේ වැඩ කටයුතුත් එක්ක මට එයට සම්බන්ධ වීමට බැරි වුණා.
වත්සලා ඔබගේ ෆේස්බුක් ගිණුම් හරහා ඔබේ චරිතයට හානියක් සිදුවෙමින් යනවා නේද?
මට ෆේස් බුක් ගිණුමක් නැහැ. මගේ නමින් ෆේස් බුක් ගිණුම් හතක් විතර හදාගෙන මම විදියට මැසේජ් කරනවා. එය මගේ චරිතයට හානි කිරීමක්. එය මටත් ප්‍රශ්නයක්. මම දන්න සමහරු මට කතා කරලා ඔය ගැන අහනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මුලතිව් මහ කැලේ මැද සැඟවුණු හෙළ ඉතිහාසය

Next Post

මුවන්පැලැස්සෙ සින්දු කිව්ව නාමලෙන් උපන් නාමලී කුමාරි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.