• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මිල කළ නොහැකි කළුනික හොයාගන්නෙ මෙහෙමයි

February 21, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මිල කළ නොහැකි කළුනික  හොයාගන්නෙ මෙහෙමයි
Share on WhatsAppShare on Facebook

අඳුකොළ හා කළුනික එදා සමාජයේ මෙන්ම අද සමාජයේද අති දුර්ලභ ශාක දෙකකි. නමුත් මෙම ශාක දෙක ඖෂධීය ගුණයෙන් පිරී පවතී. එනිසා හෙළ වෙදකමේදී මෙම ශාක දෙකේ පස්පංගුවම පාහේ ඖෂධ සෑදීම සඳහා ප්‍රයෝජනයට ගනී. මුලින්ම අඳුකොළ ශාකය පිළිබඳව විමසමු.

අඳුකොළ පැළෑටියකි. නයි ලෙසද මෙම අඳුකොළ පැළෑටිය නම් කරයි. අප රටේ ජනයාගෙන් බහුතරයක් අඳුකොළ ශාකය නාඳුනන බැවින් එය පයට පාගා දමයි. නමුත් අප රටේ සුවිශේෂී දේශීය ශාකයක් වන අඳුකොළ පැළෑටිය අග්නිදිග ආසියාතිකයන් ආහාරයක් ලෙස බුක්ති විඳියි. වියට්නාමයේ කොත්තමල්ලි කොළ සඳහා ආදේශකයක් ලෙස භාවිත කරයි. එම රටවල අඳුකොළ පැළෑටිය ඇමෙරිකාවට අපනයනය කිරීමද සිදුකරයි. විදේශ විනිමය ඩොලර්වලින් ලබාගන්නා පැළෑටියක් ලෙස අඳුකොළ නම් කළ හැකිය. තවද කොළ හොඳින් වියළුණු පසු හොඳ වර්ණයක් හා රසයක් ලබා දෙන බැවින් කියුබාව, ගයනාව, ඉක්වදෝරය හා පැනමා යන රටවල කුළුබඩුවක් ලෙස අඳුකොළ භාවිත කරයි. ඉන්දියාව, තායිලන්තය, වියට්නාමය වැනි රටවල ආහාරමය පැළෑටියක් ලෙසද අඳුකොළ භාවිත කිරීම දැකිය හැකිය. වියළා කුඩුකර ගත් අඳුකොළ කුඩු, කොත්තමල්ලි කුඩු ලෙසද භාවිත කිරීමද දැකිය හැකිය.

කළුනිකද, අඳුකොළ මෙන්ම ඖෂධීය ගුණයෙන් පිරිපුන් ශාකයකි. නමුත් කළුනිකද ඉතා දුර්ලභය. සීමිතව වැවෙන ශාකයකි. එනිසාම බොහෝ දෙනෙක් නොහඳුනයි. ඈත අතීතයේදී ‘තාසික’ නම් ඍෂිට සිරිපා අඩවියේදී කළුනික ශාකය හමුවී ඇතැයි පුරාවෘත්තවල සඳහන් වෙයි. සිතූ, පැතූ සම්පත් ලැබෙන මහල්ලන් තරුණ කරන සතුරන් මෙල්ල කරන හා ප්‍රාතිහාර පෑමේ බලයෙන් උපරිම ශාකයක් ලෙස කළුනික ශාකය හැඳින්විය හැකිය.

කළුනික ශාකයද සුදුනික ශාකය හා සමානය. නමුත් පත්‍රය පිටුපස දම්පාට සහිතය. ඇතැම් කොළ දුඹුරු පැහැතිය. පුෂ්ප දම් හෝ රෝස පැහැතිය. පත්‍රිකා 3 හෝ 5ක් සහිතව පත්‍ර සමූහව පිහිටා ඇත. ශාකයේ පොත්ත රතු, දුඹුරු පැහැතිය. කළුනික කොළය හොඳ සුවඳකින් යුක්තය. කළුනික ශාකය 8m ත් 10mත් අතර උස ශාකයකි.

කළුනික ශාකය පිහිටි භූමියේ දෝෂ දුරුකර, මුදේවී පලවා හැර ශ්‍රියාකාන්තාව කැඳවා ගන්නා ශාකයකි. කළුනික ශාකයේ දණ්ඩක් අනෙක් නික ශාකයේ දණ්ඩකින් වෙන්කර හඳුනා ගතහැකි වන්නේ එම කළුනික දණ්ඩ ගලායන ජලයට දැමූ විට උඩුගම් බලා යෑමෙනි. සාමාන්‍ය නික දණ්ඩ ජල පහර යන අතට ගමන් කරයි. කළුනික කැබැල්ලක් සොයා ගැනීමට අවශ්‍ය වූ විට පැරැන්නන් වනාන්තරයේ පඳුරු අස්සේ ඇති දුර්ලභ ඇටිකුකුල් කූඩුවක් සොයා එහි සිටින පැටවකුගේ කකුලක් රන් කෙන්දකින් බැඳ එම රන් කෙන්ද කූඩුවේ වෙනත් කෝට්ටක ගැටගසයි. එවිට එම පැටවාට ඉගිළීමට නොහැකි වෙයි. එවිට ඇටිකුකුල් මව හා පියා කළුනික ගසක් සොයා ගොස් කළුනික කැබැල්ලක් ගෙනැවිත් කූඩුවට දමයි. ඉන්පසු ඇටිකුකුල් පැටවාට ඉගිළ යෑමට හැකිවෙයි. එම ඇටිකුකුල් කූඩුව ගෙනැවිත් ගලායන ජලයට දැමූ විට කළුනික කැබැල්ල උඩුගම් බලා යන අතර, කූඩුවේ අනෙක් කෝටු කෑලි දිය පහර සමඟ යයි. එලෙස ලබා ගන්නා කළුනික කැබැල්ල වළල්ලක හෝ සුරයක දමා පැලඳීම එදා විසූ පැරැන්නෝ සිදුකළහ. එලෙස පැලඳූ විට එම ජන්මියාට සිතූ, පැතූ සම්පත් ලැබෙන බව පැරැන්නන්ගේ මතයයි. එනිසාම ඇටිකුකුල් කූඩුවක් සොයා ගන්නා අයෙක් මහා වාසනාවන්තයෙක් ලෙසද එදා සැලකූහ.

පැරැණි පොතපතේ සඳහන් පරිදි කළුනික ශාකයක් රාත්‍රි කාලයේදී හමුවීම වාසනාව ගෙන දෙන්නකි. නාගයන් රාත්‍රි කාලයේදී නාග මාණික්‍ය වමාරනු ලබන්නේ කළුනික ශාකයේ මුලය. එනිසා සිතූ, පැතූ සම්පත් ගෙන දෙන අතිප්‍රබල නාගමාණික්‍යයේ හිමිකරුවකු වීමේ භාග්‍යයද එම ජන්මියාට හිමිවෙයි.

හෙළ වෙදකමට කළුනික නිතර භාවිත කරයි. එසේ කරනුයේ කළුනික එවලේම ප්‍රතිඵල ලැබෙන ඖෂධයක් නිසාවෙනි. තවදුරටත් කිවහොත් කළුනිකවලට අරුම පුදුම ලෙඩ සුව කිරීමේ ගුණයක් පවතී. තුනටිය වේදනාව, ඇඟපත වේදනාව, හන්දිපත් වේදනාව ඇතුළු ශරීරයේ සියලු වේදනා සුව වන අතර, නාග දෂ්ට, සර්ප දෂ්ටවලට ගුණ ගෙනදෙයි. ශරීරයේ ඇතිවන සියලුම ඉදිමුම් නැතිකර දමන අතර අංශභාග රෝගයටද බොහෝ සුව ගෙනදෙයි. මීට අමතරව වාත රෝග, ගැස්ට්‍රයිටීස්, දද, කුෂ්ඨ, ඇස් රෝග, කන් රෝග ආදියටද කළුනික ශාකයේ කොළ, පොතු, මුල්, මල්, ගෙඩි යන පස්පංගුවම භාවිත කරයි. මුත්‍රා රෝග, කුෂ්ඨ රෝග හා පණු රෝගවලටද කළුනික විශේෂ සුබපල පෙන්වයි.
කළුනික හා අඳුකොළ යන මෙම දිව්‍යමය ඖෂධ හිතුමතේට පරිහරණය කිරීමෙන් භයානක ප්‍රතිඵල අත්විය හැකි බවද තරයේ සිත තබාගත යුතුය. එනිසා මෙම අගනා ඖෂධ පරිහරණයේදී ගතයුතු ප්‍රමාණය හා ගතයුතු ආකාරය දැනගැනීමට වෛද්‍ය උපදෙස් පැතිය යුතුමය.

ඔබත් ඔබගේ ගෙවත්තේ කළුනික හා අඳුකොළ වගාකර මෙම අති දුර්ලභ, වටිනා, ඖෂධීය ගුණ පිරි ශාකයන් මතුපරපුරට දායාද කරන්න. එය අද ජීවත්වන ඔබගේ පරම යුතුකම මෙන්ම වගකීමද වනු ඇත.

ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු,
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද පානදුර

SendShareShare
Previous Post

දළදා මාලිගාවෙන් පිං ලබන්නට පිං කළ එකම රජ්ජුරුවෝ

Next Post

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ 2020 සිවුවැනි කාර්තුවේ මෙහෙයුම් ලාභය 27%කින් ඉහළට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.