• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

දළදා මාලිගාවෙන් පිං ලබන්නට පිං කළ එකම රජ්ජුරුවෝ

February 21, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
දළදා මාලිගාවෙන් පිං ලබන්නට පිං කළ එකම රජ්ජුරුවෝ
Share on WhatsAppShare on Facebook

මෙරට බෞද්ධ ජනයාගේ මුදුන්මල්කඩ සේ සැලකනුයේ මහනුවර ශ්‍රී දළදා මාලිගයෙහි වැඩවසන උතුම් දන්ත ධාතුන් වහන්සේය. එහෙයින් බෞද්ධයකුට දළදා වහන්සේ වැඳපුදා ගන්නවා යනු මහා පින්කමකි. එවන් පින්කමක් තවත් නැතැයි බෞද්ධ ජනයා හදවතින්ම විශ්වාස කරති. එතරම් පූජනීය වූ තැනක සිදුවන ලොකු කුඩා ඕනෑම පුණ්‍ය කටයුත්තකින් පින් ලබන්නට තරම් කෙනකු සමත් වේ නම් එය මහා භාග්‍යයකැයි සිතීම වරදක්ද නොවේ. එහෙත් එදා මෙදාතුර ඉතිහාසය පුරාත් අදත් හෙටත්, මතුවටත්, ශ්‍රී දළදා මාලිගාවේ සිදුකෙරෙන සියලුම පුණ්‍ය කටයුතුවලින් පින් ලබන පින් ලබන්නට පේවී සිටින, පින් දෙන්නට නියම වී සිටින කෙනකු සිටිනවා යැයි කිවහොත් එය තවත් කෙනකු විිශ්වාස නොකරන කතාවක් සේ පෙනෙන්නටද බැරි නැත.

එහෙත් එම කතාව සත්‍යයකි. එදා මෙදාතුර ඉතිහාසය පුරාමත් ඉදිරි අනාගතයේත් එසේ පින් ලබන විශේෂිත පුද්ගලයකු සිටී. ඒ මෙරට රාජාවලිය තුළ සුවිශේෂී තැනක් හිමිකරගත් නරපතියකු වන කීර්ති ශ්‍රී රාජසිංහ රජුය.
එවකට කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස වැලිවිට ශ්‍රී සංඝරාජ නාහිමියන්ගේ පූර්ණ මැදිහත්වීම මත සියම් දේශයේ සිට මෙරටට රැගෙන ආ භික්ෂු උපසම්පදාව සහ විනයකර්ම මල්වතු සහ අස්ගිරි විහාරවලට භාර කෙරුණු අතර, එයින් පසු මල්වතු සහ අස්ගිරි වශයෙන් විහාර පාර්ශ්වයන් දෙකක් නිර්මාණය විය. ඒ අනුව අස්ගිරි පාර්ශ්වයට පැවරුණේ ආරණ්‍යගත විදර්ශනාත්මක කටයුතුය. මල්වතු පාර්ශ්වයට පැවරුණේ බෞද්ධ ජනතාවගේ ආගමික කටයුතු සහ ග්‍රාමවාසී කටයුතු කිරීමේ වගකීමයි.

කෙසේ නමුත් මෙම පාර්ශ්ව දෙකටම අදාළව උපසම්පදා විනයකර්ම අනුව විශේෂකොට සැලකිය හැකි කාරණාවක් වෙයි. එනම් වාහල නාග නාමයෙන් උපසම්පදාව ලැබීමේ අවස්ථාවයි. එම අවස්ථාව හිමිවනුයේ වසරකට භික්ෂුන් වහන්සේ දස නමකට පමණි. එම අවස්ථාව විහාර පාර්ශ්ව දෙකට බෙදීයන අයුරින් සිදුවීමද විශේෂත්වයකි. මෙය කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සම්ප්‍රදාය අනුව සිදුවෙන අතර, වෙසක් සහ පොසොන් පොහොය අතර යෙදෙන හතර පොහොය දිනවල මෙම උපසම්පදා පින්කම් පැවැත්වේ. වාහල නාග උපසම්පදාවක් ලෙස හැඳින්වෙන්නෙ එම උපසම්පදාවන්ය.
වාහල නාග උපසම්පදා ක්‍රමය හා බැඳුණු චාරිත්‍ර බොහෝමයක් සුවිශේෂ වෙනවා සේම ඒවා කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස සිටම සම්ප්‍රදායක් ලෙස පැවත ඒමත් විශේෂත්වයකි. ඒ අනුව වාහල නාග උපසම්පදාව ලබන්නට සුදුසුකම් ලබන භික්ෂුන් වහන්සේ දළදා මාලිගාවේ සිට වැඩම කරවන්නේ පෙරහරකිනි. එම පෙරහරේ ඇතු පිටින් ගමන් කරන්නට උපසම්පදා භික්ෂුන් වහන්සේට අවස්ථාව හිමිවෙයි. එසේම පෙරහර විචිත්‍රවත් සහ අභිමානවත් අයුරින් පැවැත්වීමටත් කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස සිටම තීන්දු තීරණ ගෙන තිබීමද විශේෂත්වයකි.

මෙරට භික්ෂු ශාසනයට ප්‍රබෝධයක් ඇතිකරලීම උදෙසා සියම් දේශයේ සිට උපසම්පදා සහ අදාළ විනය කර්ම මෙරටට රැගෙන ඒමේ පටන් එම කටයුතු නොකඩවා ඉදිරියට පවත්වාගෙන යෑම සඳහාත්, කීර්ති ශ්‍රී රාජසිංහ රජු කර ඇති කැප කිරීම සහ දායකත්වය ගැන ඇත්තේ නොමැකෙන මතක සටහන්ය. එතුමන් ද්‍රවිඩ රජ කෙනකු වුවද මෙරට බෞද්ධ ශාසනය වෙනුවෙන් හෙතෙම කළ අසීමිත මෙහෙවර එදා මෙදාතුර බෞද්ධ ජනයාගේ ගෞරවයට පාත්‍ර වීමද විශේෂත්වයකි.

එහෙයින් එවක සිටම දළදා මාලිගයේ පැවැත්වෙන දෛනික දානමාන චාරිත්‍රයන්හිදීත් උපසම්පදා විනයකර්ම අවස්ථාවන්හිදීත් විශේෂ කටයුත්තක් කොට සලකා කීර්ති ශ්‍රී රාජසිංහ නාමයට පින් පමුණුවන අයුරු අදටත් දැකගත හැකි සුවිශේෂී සිදුවීමකි. තුන් හෙළයේ බෞද්ධ ජනයාගේ මුදුන්මල්කඩ බඳු දළදා මාලිගය ආශ්‍රයෙන් එවන් වූ සුවිශේෂී භාග්‍යයක් ලද එකම තැනැත්තාත් කීර්ති ශ්‍රී රජුම පමණක් බවත් අමතක නොකළ යුතුමය. එහෙයින් එම විශේෂත්වය මේ විශ්වය පවතින තුරු සිදුවනු ඇත. යළිදු කිසිවකුටත් එවන් වූ භාග්‍යයක් උරුම වේ යැයි කියා සිතන්නවත් අවස්ථාවක් නොවේ. මන්ද එය එතරම්ම දුර්ලභ වූ වාසනාවකි. පුණ්‍යකර්මයකි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

නෙස්ටමෝල්ට් SALARY for LIFE වැඩසටහනේ දෙවැනි ජයග්‍රාහකයෙකුට මාසිකව රු. 50,000ක්

Next Post

මිල කළ නොහැකි කළුනික හොයාගන්නෙ මෙහෙමයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.