• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මියගිය දිනට පසුදින බෝඩිමට ආ මිතුරා

November 7, 2020
in Mahawanshaya
Reading Time: 3 mins read
A A
මියගිය දිනට පසුදින බෝඩිමට ආ මිතුරා
Share on WhatsAppShare on Facebook

සුමේධගේ ගම් පළාත අනුරාධපුරයටත් එහා පිහිටි අතිශය දුෂ්කර ගමකි. එහෙත් ඔහු පාසල් ජීවිතයට සමුදී කොළඹ නගරාසන්නයේ පිහිටි කර්මාන්ත ශාලාවක රැකියාවට ආවේ දැනට වසර හයකට පෙරය. එතැන් පටන් සුමේධගේ ජීවිතයේ දැඩි කාලයක් ගෙවුණේ කොළඹ අහස යටය. ඔහුට කොළඹ ගමටත් වඩා හුරු තැනක් වූයේ ඒ නිසාය. ගෙවුණු වසර හය පුරාවටම සුමේධත් සමග එකම නවාතැනේ නතරව සිටි ප්‍රියංකර සුමේධගේ හොඳම මිතුරාය. ඔහු මිතුරකුටත් වඩා ඥාතියකු තරමට ඔහුට සමීපය, හිතවත්ය. එනිසා දෙදෙනාම ගමෙ ගියේ මාසයකට වතාවකි. එහෙත් පසුගිය වතාවේ කොරෝනා වසංගතයත් සමඟම ප්‍රියංකර ඔහුගේ ගමට ගියේය. අවසානයේ වසංගත තත්ත්වය තුරන් වීමෙන් පසු සුමේධ යළිත් රැකියාවට පැමිණියද ප්‍රියංකර ආපසු නොආවේ මවගේ අසනීප තත්ත්වයත් හේතුවෙනි. එනිසා කිහිප වතාවක්ම සුමේධ ප්‍රියංකරගේ මව බලන්නට ඔහුගෙ ගමවූ මාතරටද ගොස් ආවේය. ඔය අතරේ විටින් විට ප්‍රියංකරත් සුමේධත් දුරකතනයෙන් කතාබහ කළේය.

මටත් කාලෙකට වැඩට එන්න බැරි වෙයි මචං. සුමේධ කතා කරන විට ප්‍රියංකර නිතරම පැවැසුවේ එලෙසිනි.

“එහෙම කියන්න එපා. ෆැක්ටි්‍රයට කට්ටිය ගත්තොත් උඹට ජොබ් එක නැති වෙයි ඉක්මනට වරෙන්”

“හරි බලමුකෝ”


කතාව අවසන් වන්නේ එලෙසින් වුවද කාලයක් යනතුරුම ප්‍රියංකරට රැකියාවට එන්නට ලැබුණේ නැත.

ඔය අතරේ පසුගිය දිනක රාත්‍රියේ හිටි හැටියේ සුමේධගේ බෝඩිම් කාමරයේ දොරට කවුදෝ තට්ටු කළේය. සුමේධ සිතුවේ බෝඩිමේ හිමිකාරිය කුමක් හෝ අවශ්‍යතාවයකට පැමිණ ඇති බවකි. ඉක්මනින් කමිසයක් සොයා හැඳගත් සුමේධ දොර හැරියේ ඇයව පිළිගන්නා අදහසින් වුවද දොරකඩ සිටියේ සිය කල්‍යාණ මිතුරා වන ප්‍රියංකරය.

“අපෙ අප්පේ… මචං… උඹ වරෙන් වරෙන් ඇතුළට. මම හිතුවේ බෝඩිමේ ඇන්ටි කියලා”

සුමේධ මිතුරාට කාමරය තුළට එන්නට ඉඩදී දොර වසා දැමුවේය. සිනාමුසුව කාමරය තුළට පැමිණි ප්‍රියංකර කාමරය පුරාම දෙනෙත් යැව්වේය.

“මොකද බං පුරුදු නැති තැනකට ආවා වගේ වටපිට බලන්නේ”

ප්‍රියංකර හිනැහුණේ වෙනදාට වඩා වෙනස් විදියට යැයි සුමේධට තේරුම් ගියේය. එහෙත් ඔහු ඒ ගැන අහන්නට ගියේ නැත.

“උඹ ඔහොමම හිටපන්. මං මහින්ද අයියගේ කඬේ වහන්න කලින් රයිස් එකක් දාගෙන එන්නම්. මං උඹ එන බවක් දන්නෙ නැති නිසා එකයි ගෙනාවේ”


සුමේධ කමිසයේ බොත්තම් දමමින් කීවේය. ප්‍රියංකර තමා නිදාගත් සුපුරුදු ඇඳ මත වාඩිවූයේ එපා යැයි කියන්නට හිස සලමිනි.

“මොකද එපා කියන්නේ. උඹ කාලද ආවේ”

“ඔව්. සුමේධ මං කාලා ආවේ. ඔයා කන්න. මට කන්න බැහැ”


සුමේධ කොතරම් ඇවටිලි කළාද ප්‍රියංකර බත් කටක් හෝ කෑම ප්‍රක්ෂේප කළේය. අවසානයේ සුමේධ තම කෑම පාර්සලය දිගහැරගෙන කද්දි ප්‍රියංකර සිය අතෙහි ගුළි කරගෙන සිටි යමක් සුමේධ අසල මේසය මත තැබුවේය. එතැන වූයේ ඔහුගේ රත්තරං මාලයත්, බ්‍රේස්ලට් එකත්, මුද්දත්ය.

“මේ මොකද බං”

“අනේ මචං මේ ටික විකුණලා සල්ලි ගන්න ඕන. අර හන්දියේ ජුවලරියේ මුදලාලි උඹේ යාළුවනෙ. මිනිහට දීලා මට මේකට වටිනා ගානක් අරන් දියන්.”

“මේ තුන ලක්ෂ එකහමාරක් විතර වටිනවා. ඇයි උඹ මේවා විකුණන්නේ”

“අම්මට බෙහෙත්වලට සල්ලි ටිකක් ඕන”

“ඕක තියා ගනින් මං උඹට ලක්ෂයක් විතර දෙන්නම්. මට පස්සේ ඒ සල්ලි දුන්නම ඇති”

“එහෙම බැහැ මචං. මට මේ ටික විකුණලා දුන්නොත් ඇති”

ප්‍රියංකරගේ පෙරැත්ත නිසාම සුමේධ ඊට කැමැත්ත පළ කළේය.

“හොඳටම සීතලයි. මං එහෙනම් නිදා ගන්නවා.”

“හ්ම්… මටත් උඹ එක්ක එන්න හිතයි. අම්මව බලන්න යන්න.”

“ඉතින් මගෙත් එක්ක යමු කැමැති නම්”

“හ්ම්…”


සුමේධ ප්‍රියංකරට පොරවා ගන්නට බෙඞ්ෂීට් එකක් දුන්නේය. ඔහු එය පොරවාගෙන යහනේ දිගාවිය. සුමේධ නිදාගන්නේ කාමරයේ බල්බය නිවා දමා ඉන් අනතුරුවය. සෙමෙන් කාලය ගෙවී ගියේය. ප්‍රියංකර කිසිදු හාවක් හූවක් නැත. සුමේධට නින්ද ගියේ ඒ නිහැඬියාව නිසාමය.

එහෙත් හිටි හැටියේ සුමේධ ගැස්සී අවධි වූයේ අමුතු හඬක් ඇසීමෙන් තිගැස්සිලාය. කලබල වූ සුමේධ සිය ජංගම දුරකතනයේ වෙලාව පරීක්ෂා කර බැලුවේය. එහි දොළහයි විනාඩි එක සටහන්ව තිබිණි. තමන්ට ඇසුණු අමුතු හඬ ඇසෙන්නේ ප්‍රියංකරගේ යහන දෙසින් බව සුමේධට තේරුම් ගියේය. ඔහු ඉස්සර කිසි දිනක ගොරවන්නේද නැත. එහෙත් ගොරවනවාද, කෙඳිරි ගානවද කියා සිතන්නට බැරි ඒ හඬ ප්‍රියංකර සිහිනයෙන් බියවී නඟන හඬක් යැයි සිතා සුමේධ යළිත් නින්දට වැටුණේය.

ඔහු යළිත් අවදි වූයේ උදෑසන කුරුල්ලන්ගේ හඬ ඇසීමෙනි. පෙරදින රාත්‍රියේ ප්‍රියංකර පැමිණි බව ඔහුට මතකයට නැඟුණේ එවෙලේය. එහෙත් මේසය මත තිබූ රත්තරං බඩු නැති බව දැකීමෙන් ඔහුට ඉබේටම ප්‍රියංකරගේ ඇඳ දෙස බැලුණේය. ප්‍රියංකර පෙනෙන්නට සිටියේ නැත. යහන මත ඔහු පෙරවූ පොරෝනය පොරවාගෙන සිටි ආකාරයටම අතුරා තිබිණි. ඇඳ ඇතිරිල්ල, කොට්ටය කිසිදු පොඩිවීමක් හෝ නොමැතිව එහෙමම තිබිණි. ප්‍රියංකර කිසි දිනක ඇඳ සකසා පොරෝනය නොනමා සිටින්නකු නොවේ. එසේ නම් ඔහුට කුමක් සිදුවූයේදැයි සුමේධ හැම තැනම සෙව්වේය. වැසිකිළිය සහ අවට වටපිටාවද පරීක්ෂා කළේය. එහෙත් ඔහු සිටියේ නැත.

අවසානයේ සුමේධ ප්‍රියංකරගේ දුරකතනයට ඇමැතුමක් ගත්තේය. එය ක්‍රියාවිරහිතය. වරක් දෙවරක් නොව කිහිප වතාවක් එයට ගන්නට උත්සාහ කළද අසාර්ථක වූ තැන ඔහු ප්‍රියංකරගේ නිවසටද ඇමැතුමක් ගත්තේය. එහි ඇමතුම් ලබාගැනීම අත්හිටුවා ඇති බවට නිවේදනයක් නිකුත් වෙයි. ආර්ථික අපහසුතා හේතුවෙන් දුරකතන බිල්පත නොගෙවීමෙන් එය විසන්ධි කර ඇතැයි සිතුණද සුමේධට ප්‍රියංකර ගැන දුකක්ද ඇති විය.

මිතුරා ගැන කිසිදු තොරතුරක් නොවූ නිසාම සුමේධ රැකියාවට යෑම පසෙක තබා ප්‍රියංකරගේ නිවෙසට යන්නට පිටත් වූයේ සිය බැංකු පොතෙන් ලබාගත් රුපියල් ලක්ෂයකුත් බෑගයට දමාගෙනය. සුමේධ ප්‍රියංකරගේ ගමට යද්දී එදින සවස් භාගය උදාවී තිබිණි. ගමේ තැන තිබුණු සුදු කොඩි නිසාම මරණ ගෙදරක් තිබූ බවට ඉඟි පළවිය. සුමේධ ප්‍රියංකරගේ ගෙදරට යද්දී ගේ ඉදිරිපිට තිබූ තාවකාලික තහඩු ගෙවල් සහ අමතර පුටු දකිද්දීම එහි මරණයක් සිදුව ඇති බව වටහා ගත්තේය. සුමේධ කලබලයෙන් නිවෙස දෙසට දිවයද්දී ප්‍රියංකරගේ මව යම් අපහසුවකින් පිටතට ඇවිද ආවාය. කිහිපදෙනකුගේ කටහඬවල් නිවස පිටුපසින් ඇසුණේය.

“අනේ සුමේධ පුතේ… අපේ කොල්ලා. ඉහ්… ඉහ්…”

ඇය සුමේධව බලාගෙන හඬාවැටුණාය. පසෙක මේසය මත දිගහැර තිබූ මරණ දැන්වීම ඔහුගේ නෙත ගැටුණේ එවෙළේය. ‘ප්‍රියංකර සම්පත් තරුණ මහතාට නිවන් සුව අත්වේවා’ සුමේධ එය කියෙව්වේ වෙව්ලමිනි. ඔහු කලබලයෙන් බෑගයට අතදමා බැලුවේය. ඉන්පසු රුපියල් ලක්ෂයක මුදල් රැගෙන මවගේ අත තැබූ සුමේධ පෙරදින සිදුවූ කිසිවක් නොකියාම අසල තිබූ අසුනකට බරවී වතුර වීදුරුවක් ගෙන්වාගෙන එක හුස්මට බීගෙන බීගෙන ගියේය.

සත්‍ය කතාවක් ඇසුරිනි. නම් ගම් සියල්ල මනඃකල්පිතය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ නව විධායක ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂ පත්වෙයි

Next Post

සුදු පාලකයා තිගැස්සූ 1921 දළදා වැස්ස

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.